මැරයන් පැමිණ පහරදෙන තුරු බලා සිටි ගෝල් ෆේස් භාරව සිටි DIG චම්පිකට මාරුවක්
DIG
,
gossip
,
gossip lanka
,
gossip lankanews
,
gossipmain
,
hot news
,
LNKA C NEWS
,
mini-gossip
,
News
ගෝල් ෆේස් භාරව සිටි DIG චම්පිකට මාරුවක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැරයන් ගාලු මුවෙදාර සාමකාමී උද්ඝෝෂණයට පහර දී ගිනි තැබීමට පෙර දින දක්වා ජනාධිපති ලේකම් කාර්යාලයේ හා ඒ අවට ආරක්‍ෂාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතා වහා ක්‍රියාත්මක වන පරිදි කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කර යවා ඇතැයි වාර්තා වේ.
ඒ අනුව, වසරක කාලයක් තුළ ඔහු මෙලෙස ස්ථාන හතකට මාරුකර යැවිණි.
ඉකුත් මස 23 වන දා සිට ඉකුත් 8 වන දා දක්වා ම ගාලු මුවෙදාර ජනාධිපති කාර්යාලයේ ආරක්‍ෂාව සඳහා පැය 24 පුරා ම ඒ මහතා යොදවා තිබූ අතර මෙම කාලය තුළ ඔහුට කිසිදු විවේකයක් ලබා දී නැතැයි ද වාර්තා වේ. මේ හේතුවෙන් ඒ මහතා ඉකුත් 8 වන දා රාත්‍රියේ අසනීප වී රෝහල් ගතකර ඉකුත් 13 වන දා සුවය ලබා නැවත සේවයට වාර්තා කිරීමට යෑමේදී ඔහුට නව ස්ථාන මාරුව ලැබී තිබිණි.





