Advertisement

ප්‍රතිඵල එන්නත් කලින් සජබේ කැරැල්ලක්.
හර්ෂට ලොකු පුටුවක්!

ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ලැබෙන්නටත් පෙර සමගි ජන බලවේගයේ මීලග නායකත්වය සමබ්න්ධයෙන් අභ්‍යන්තර කැරැල්ලක් නිර්මාණය වී ඇත.

ලැබී ඇති විශ්වාසදායක සංඛ්‍යාලේඛන සහ වාර්තා සියල්ලෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවා තබා දෙවන ස්ථානයටවත් පත්වීමේ ඉඩකඩක් නැති තත්ත්වයක් උද්ගත වී තිබේ.
සජිත් දැඩි අනතුරක
ව්‍යාපාරලෝකයේ සජිත් ප්ප්‍රතික්ෂේප වෙයි 
 මැතිවරණයට මුදල් සොයාගැනීමේ දැඩි ගැටලුවක

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් මුදල් වැය කිරීමට ව්‍යාපාරිකයන් අකමැති වීම නිසා සජබ ප්‍රචාරක ජාලය බිඳ වැටීමට ලක්ව ඇති බව සජබ දේශපාලන ආරංචි මාර්ග වාර්ථා කරයි?

සජිත් ප්‍රේමදාස වැනි දැක්මක් හෝ වැඩපිළිවෙළක් නැති නායකයෙක් බලයට පත් වුවහොත් ව්‍යාපාර වලට අත්විය හැකි ඉරණම පිළිබඳව බියට පත්ව ඇති ව්‍යාපාරිකයන් ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුවමෙවැනි තීරණයකට එලබ ඇති බව පැවසේ.
විදේශ ආධාරකරුවන් උනන්දු කරවන්න තමයි මම බර ඉංග‍්‍රීසි කතා කරන්නෙ 
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

තමන් භාවිතා කරන ඉංග්‍රීසි වචන නොතේරෙන බව සමහරු පවසන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

තමන් ඒ සමහර වචන භාවිතා කරන්නේ විදේශීය පරිත්‍යාගශීලීව දිරිගැන්වීම සඳහා බව ද පැවසූ ඔහු තමන්ට එමගින් පිරිත්‍යාගශීලීන් හරහා ‘සක්වල’ සටහන පවත්වන්න හැකි වුව ද කියා සිටියේය.
71 වතාවක් මම අගමැතිකම ප්‍රතික්ෂේප කළා 
ගණම් මිනුම් ඇති සජිව කෙලින් කියයි

රාජපක්ෂ පවුල ආරක්ෂා කරන නිලධාරියා හෝ නිලධාරී කණ්ඩායමේ සාමාජිකයෙක් වීමට තමා කිසිසේත් සූදානම් නොමැති බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී අද (24දා) මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ඒ අනුව අවස්ථාවාදී දේශපාලනය සිදු කර රැකවලුන් බවට පත්වෙනවාද එසේ නොමැති නම් ප්‍රතිපත්ති ගරුක දේශපාලනයේ නිරත වන්නේද යන තීන්දුව සියලු පක්ෂ ඉදිරියේ තිබෙන බව සඳහන් කළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා,

"මුළු රටම ඉල්ලන්නේ වෙනසක්. නමුත් රටටම ලැබිලා තිබෙන්නේ පරණ දේමයි. කෝප් කමිටුවෙන් මේ රටේ දූෂිතයන්, වංචාකරුවන් පිළිබඳ හෙළිදරව් වන විට අදටත් මේ රජය කරන්නේ හොරුන්ව ආරක්ෂා කිරීම. මිනිස්සු ඉල්ලන්නේ ජීවත්වීමට අවස්ථාව.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද දින සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබූ ඡායාරූපයක් ඉවත් කර ඇති බවක් පෙනී යයි.

ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳ විමසනු පිණිස ඔහු විසින් ක්‍රියාවට නංවා ඇති “ගොවි හදගැස්ම” වැඩසටහනේ දෙවැනි පියවර ලෙස තිස්සමහාරාම බෙරලිහෙල ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ ගත් ඡායාරූපයක් වූ එයින් දැක්වුණේ මහ වැස්සක තෙමෙමින් ගොවීන් සමග සාකච්ඡා කරන අවස්ථාවකි.

සමගි ජන බලවේගයේ පාලනය යටතේ තිබු නාවලපිටිය නගර සභාවේ පාලන බලය අද (15දා) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සතු කර ගැනිමට එම නගර සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් සමත් ව ඇත.

නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කල සමගි ජන බලවේගයේ සසංක සම්පත් සංජිව මහතාව සභාපතිධුරයෙන් සහ මන්ත්‍රිධුරයෙන් පසුගිය දා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ඉවත් කිරිමෙන් අනතුරුව එම සභාවට සභාපතිවරයෙකු තොරාපත් කර ගැනිමේ නිලවරණය අද (15දා) දින මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් නගර සභා රැස්විම් ශාලවේදි පැවැත්විණ.
ආණ්ඩුවේ ‘යුද ජය’ සමරන්න  විපක්ෂ නායක සජබට හොරෙන් ගිහින්

උතුරේ යුද ජයග්‍රහනය සැමරීම සඳහා ආණ්ඩුව විසින් පවත්වන ලද දොළොස්වැනි සැමරුමට විපක්ෂ නායකයා සහභාගි වී ඇත්තේ සිය පක්ෂයේ අනුමැතියකින් තොරව බව හෙළි වී තිබේ.

“ජාතික රණවිරු සැමරුම” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, පාර්ලිමේන්තු සංකීර්ණය අසල රණවිරු ස්මාරකය අභියසදී මැයි 19 දින පස්වරුවේ පවත්වා‌ තිබුනි.

එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගි වූයේ සමගි ජන බලවේගයේ තීරණයට පිටින් බව එහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු කොළඹින් පලකෙරෙන සති අන්ත ඉංග්‍රීසි පුවත්පතකට පවසා තිබේ.

ඉස්ලාම් ත්‍රස්තවාදීන්ට මුදල් සම්පාදනය කරන බවට චෝදනා එල්ල වී ඇති qatar charity නමි ආයතනයේ ශාඛාවක් ශ්‍රී ලංකාව තුළ 2018 වසරේ මාර්තු තුන්වනදා ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙහි සුවිශේෂීතම කරුණ නම් අදාල ශාඛාව එවකට නිවාස අමාත්‍යවරයාව සිටි දැනට ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සුරතින් විවෘත වීමයි.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සෙවීමට උත්සාහ කරන විපක්ෂය දැන හෝ නොදැන ශ්‍රී ලංකාවේ ඉස්ලාම් ත්‍රස්තවාදය ගොඩනැගීම සඳහා උදව් කර ඇති ආකාරය අද අපි කතා කරන මේ මාතෘකාව හරහා ප්‍රත්‍යක්ෂ වේ.

වියත්මග සංවිධානය ඉදිරිපෙල ක්‍රියාකාරිකයෙකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා සමගි ජන බලවේගය පක්ෂයට එක් වී තිබේ. Sajith Premadasa

ඉදිරියේදී තමා රජයක් යටතේ කතරගම වෙනුවෙන් නවනගර සැලැස්මක් පිහිටුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගෙන එල්ල කරන මඩ ප්‍රහාරයන් පාර්ලිමේන්තුවෙන් පිටතදී නොයෙකුත් මාධ්‍ය හමුවේද සිදුකරන ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිකුරාදා (4දා) පැවැති සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය කළ බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයෙක් පැවැසීය.

සමගි ජන බලවේගයේ සාමාජිකත්වයෙන් හෝ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් තමා නෙරපිය නොහැකි බවත් තමන් තවදුරටත් එම තනතුරුවල සිටින බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය මවුබිම පුවත්පත සමග සිදුකල සාකච්ඡාවකදී ප්‍රකාශකල බව එම පුවත් පත වාර්තා කර ඇත.

කොරෝනා ආසාදිතයෙක් හලාවත මුන්නේශ්වරම කෝවිල වන්දනා කෝවිලට පැමිණි දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එම කෝවිලට පැමිණ තිබෙනවා.
සමගි ජන බලවේගය ජාතික ලයිස්තුවෙන් මන්ත‍්‍රී ධුරයක් තමන්ට ලබා දීමට පොරොන්දු වූ නමුත් එය ලබා නුදුන් බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සඳහන් කරයි.

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මන්ත්‍රී ධූරයක් තමන්ට ලබාදෙන බව සහතික කර කර කිව්වත් නමුත් එය නොලැබුණු බවද ඔහු පෙන්වා දුන්නේය.
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සම්බන්ධයෙන් එහි හවුල්කාර පක්ෂ අතර අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

ජාතික ලයිස්තුවට පත්කරන අය කඩිනමින් ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරයි.
සමගි ජන බලවේගය පක්ෂය තුළ එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව දැවැන්ත කැරැල්ලක් ආරම්භ වී ඇති බව හිටපු රාජ්‍ය ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් වන හරින් ප‍්‍රනාන්දු සහ වඩිවේල් සුරේෂ් යන මහත්වරුන්ට එරෙහිව කොළඹ දිසාඅධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

එසේ වාරණ නියෝගයක් නිකුත් කර ඇත්තේ ලංකා ජාතික වතු කම්කරු කොංග‍්‍රසයේ බැංකු ගණුමින් ණය මුදල් ලබාගැනීම හා එහි චෙක්පත් අත්සන් කිරීම වළක්වාලමිනි.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවන ලෙස පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට දන්වා ඇත.
එක්සත් ජාතික පක්ෂයේ අතහැර සමගි ජන බලවේගයට එක් වූ එජාප පිරිස් සම්බන්ධයෙන් අවසන් තීරණයක් එහිදී ගැනීමට නියමිතය.
නමුත් මහ මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයට එකතු වීමට පොරොන්දු වී ඇති පිරිසගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි නොකරනැයි වික්‍රමසිංහ මහතා විසින් දැනුම් දී ඇත.
එක්සත් ජාතික පක්ෂයට බලය හිමි නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතා ඇතුළු ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකු ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකදි නිරොධාන රෙගුලාසි උල්ලංඝනය කරමින් බීමත්ව මුදල් ඔට්ටුවට බූරු ගැසමින් සිටියදී ඊයේ (30) අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වටවල සහ ගිනිගත්හේන පොලිස් ස්ථානවල නිලධාරින් එකාබද්ධව වැටලිමක් සිදු කර සැකකරුවන් අටදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් දුරකතනය ලකුණ දරන සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට නාම යෝජනා බාර දුන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හයදෙනක් හා මන්ත්‍රීවරු නවදෙනෙක් යළි එජාප ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි සිරිකොත ආරංචි මාර්ග සදහන් කරනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements