Advertisement

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩමවීම

නන්ද කුමරුන් ගේ පැවිද්ද
යසෝධරාවගේ ගෞරවය
රහල් කුමරුන්ගේ පැවිද්ද

මැදින පොහොය දිනයේ වැදගත්කම

හේමන්ත සෘතුවේ පුර පසළොස්වක් පොහෝ දිනය සම්බුද්ධ චරිතාපදානය පිළිබඳ අසිරිමත් සිද්ධියක් සිහියට නංවන මංගල දිනයකි. ලොකාර්ථචයාවෙහි යෙදුණු භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් පමණ ආර්යය මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන පිය රජතුමාටත් ස්වකීය ඥාතීන් වූ ශාක්‍ය වංශිකයන්ටත් අමා මහ නිවන් සුව ලබා දෙනු වස් රජගහ නුවර වේළුවනාරාමයෙහි සිට කිඹුල්වත් පුරයට වැඩම වීමට ගමනාරම්භය සිදුවූයේ මැදින් පුන් පොහෝ දිනයක ය.

ලෝකාභිවෘද්ධිය සැලසීමෙහි යෙදුණු බුදුරජාණන් වහන්සේගේ කීර්තිඝෝෂය දඹදිව නොයෙක් ප්‍රදේශවල පැතිරෙන්නට විය. සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේ වෙසක් පොහෝදා බුදුවී ඇසළ පුනු පොහෝදා දම්සක් පවත්වා රජගහ නුවර වෙසෙති යන මංගල පුවත ශාක්‍ය ජනපදයට ද ආරංචි විය. සුද්ධෝදන රජතුමා හට ස්වකීය පුත්‍ර රත්නය දැකීමේ ආශාව බලවත් විය.
අද අසිරිමත් දුරුතු පෝය දිනයයි
දුරුතු පොහොයේ වැදගත්කම

දුරුතු පොහෝ දිනයෙහි වැදගත්කම කෙටියෙන් විමසා බලමු බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම. බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම. බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය ඉදි කිරීම බුදුන් වහන්සේ ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම. බුදු සසුනේ පළමු ආරාම පූජාව වන වේළුවනාරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදු කිරීම. ජාතික, ආගමික, සංස්කෘතික වශයෙන් වැදගත් වන කැලණි රජමහා විහාරයේ වාර්ෂික දුරුතු පෙරහර පැවැත්වීම. ආදි සිදුවීම් දුරුතු පෝදා සිදු වූ උතුම් ශාසනික සිදුවීම් ලෙස සැලකිය හැකිය.
කොරෝනා ආසාදිත පුද්ගලයන් තුන් දෙනෙකු මියගොස් ඇතැයි තමාට තොරතුරු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

එසේ මියගිය පුද්ගලයන් තුන්දෙනාගෙන් දෙදෙනෙක් ඉතාලියේ සිට පැමිණි අය බවටද තොරතුරු ඇතැයි ඔහු සඳහන් කරයි.
ගාල්ල දිස්ත්‍රික්කය සදහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදිමට බලාපොරොත්තුවෙන් සිටි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු වන තිලකරත්න දිල්ෂාන්, සිනමා නළුවකු වන අර්ජුන් කමලනාත් හා හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම තිදෙනාට නාම යෝජනා ලබා දී නොමැති බව වාර්තා වනවා.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ඊයේ (17) ගාල්ල දිස්ත්‍රික්කය සදහා භාරදෙනු ලැබූ නාම යෝජනා ලැයිස්තුවේ මොවුන් තිදෙනාගේ නම් සදහන් ව නොතිබුණා.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙහි ආරම්භක සාමාජිකයෙකුවූ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක තිලකරත්න දිල්ෂාන් මහ මැතිවරණයේ දි එම පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රික්කය සදහා තරගවදින බව මාධ්‍ය හමු පවත්වා ප්‍රකාශයට පත්කොට තිබුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය බාර ගන්නා ‌ලෙස පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ (16) දිනයේදී ආසන සංවිධායකවරුන්ගෙන් විශාල ඉල්ලලීමක් ඉදිරිපත් වී තිබෙනවා.
පුද්ගලයන් ප්‍රාදේශීය වශයෙන් නිරොධායනය කිරීම සම්බන්ධ වැඩ පිළිවෙළක් අවශ්‍යයි
මේක මදිනම් මගේ නිවසත් දෙන්න සූදානම්
- වෛද්‍ය චමල් සංජීව


තංගල්ලේ පිහිටි තම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය සහ නිවෙස විදේශගතව සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන අය නිරෝධායනය කිරීම සඳහා දීමට කැමැත්ත පළකරන බව හම්බන්තොට දිස්ත්‍රික් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා.

කොරෝනා රෝගය සඳහා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස හෝ රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් ලෙස තමා සතු සිවුමහල් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය දීමට තමා කැමැත්ත පළ කරන බව වෛද්‍ය චමල් සංජීව මහතා පවසන්නේ.

තවද අවශ්‍ය වන්නේ නම් තමා තංගල්ලේ නවාතැන් ගෙන සිටින නිවෙසද දීමට කැමැති බව හෙතෙම කියා සිටියා.
ජයනි... ඔයා කවද්ද දැන් ගෙදර යන්නේ?
දෙදෙනා සිය කාමරයට වැද දොර වසා ගත්හ. 
නෑ දුව මම මේ බැලූවෙ මේ කාමරේ ඉන්න දුව ඇවිල්ලද කියලා තේ එකක් ගෙනැල්ල දෙන්න

හෙතෙම වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙකි. ඔහුගේ බිරිඳ රැකියාවක් නොකළ ද සිය විසල් නිවසෙහි කාන්තාවන් සඳහා නේවාසිකාගාරයක් පවත්වාගෙන ගියාය. ඉන් ඉතා ඉහළ ආදායමක් මාස්පතාම ලැබුවාය.

යුවළ මැදි වියේය. දරු සුරතල් බැලීමේ වාසනාව කුරිරු දෛවය විසින් ඔවුනට අහිමි කර තිබිණි. ‘‘අපේ මේ මහා බූදලේට කවදා හරි මොකද වෙන්නෙ? අපි දරුවෙක් අරං හදා ගනිමුද?’’ මේ ඔහු නිතර නිතර ඇයට කළ යෝජනාවකි.

‘‘අනේ මට බෑ ඔය කොහේවත් ඉන්න අවජාතක පැටවුන්ගෙ ජරාව අතගාන්න. බූදලේ අහක යන්නේ නෑ. මගේ මල්ලිගෙ පුතා ඉන්නෙ.’’ එවන් අවස්ථාවලදී ඇය දැක්වූ ප‍්‍රතිචාරයයි ඒ.

දුරකථන පහසුකම් එතරම් ප‍්‍රචලිතව නොතිබූ එම වකවානුවේ සන්නිවේදන කටයුතු බොහොමයක් කෙරුණේ ලියුම් මගිනි.

නිවසෙහි නාන කාමරය තුළදී අලුත උපන් බිලිඳාට පිහියෙන් ඇණ හොරණ මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත්ව සිටි 21 හැවිරිදි අවිවාහක තරුණියක් ඊයේ (16) අත්අඩංගුවට ගත්බව බණ්ඩාරගම පොලිසිය සඳහන් කළා.

එම බිලිඳාගේ මළ සිරුර හොරණ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇතැයි පොලිසිය පවසනවා.
අධ්‍යාපන කටයුතු සඳහා එංගලන්තයට ගිය තම පහළොස් හැවිරිදි දරුවාත් රජයේ ක්‍රියාදාමයට සහාය දක්වමින් දින දාහතරක් නිරෝධායනයට යොමු කළ බව හිටපු ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරා පවසනවා.
කොවිඩ් 19 වෛරසය ආසාදනය වන රෝගීන් ඇතුළත් කිරීම සඳහා අයි.ඩී.එච්. රෝහල වෙනුවට වැලිකන්ද ප්‍රදේශයේ අලුතින් ​රෝහලක් ඉදිකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යුද හමුදාවට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අනුව කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන් ඇතුළත් කිරීම සඳහා අලුතින් රෝහලක් ආරම්භ කිරීමට කටයුතු යෙදූ බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවෙකුට කොරෝනා වෛරසය වැළදී ඇති බව එම ගුවන් සමාගම නිවේදනය කර සිටිනවා. ඒ අනුව එම ගුවන් නියමුවා සේවය කළ ගුවන් යානයේ සෙසු නිලධාරීන්හට සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දැනුම් දී ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා සඳහන් කර සිටින්නේ.


හෙට(17) සිට දින රජය දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව හෙට සිට එළඹෙන බ්‍රහස්පතින්දා දක්වා මෙම නිවාඩුව බල පැවැත්වෙන බව රජය නිවේදනය කරයි.

සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, අත්‍යාවශ්‍ය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැර රජයේ අනෙකුත් දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතන සඳහා මෙම විශේෂ දින 03ක නිවාඩුව බල පැවැත්වෙනු ඇති.
සති දෙකක කාලයක් සදහා බි‍්‍රතාන්‍ය, නෝර්වේ, බෙල්ජියම යන රටවල සිට මෙරටට පැමිණෙන සියළු ගුවන් යානාවලට කටුනායක ගුවන් තොටුපලට ඇතුළු වීම තහනම් කර තිබේ.
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 07 දෙනෙකු හදුනාගෙන තිබේ.
කොරෝනා වෛරසය ආසාධනය වී ඒ බව සඟවා, ජෙට් බ්ලූ ගුවන් සේවාවේ ගුවන් යානායකින් නිවු යෝර්ක් සිට ෆ්ලෝරිඩා දක්වා පියාසර කළ ඇමෙරිකානු ජාතිකයෙකුට ජීවිතාන්තය දක්වා පියාසර තහනමක් පැනවීමට ඇමෙරිකාවේ ජෙට් බ්ලූ ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.
නිරෝධන මධ්‍යස්ථානයක රඳවා සිටින පුද්ගලයන්ට කොරෝනා බියක් ඇතැයි වාර්තා වනවා.

ඉතාලියේදී කොරෝනා වැළඳීමෙන් පසු වේදනා නාශක භාවිතා කර මෙරටට පැමිණ එම නිරෝධන මධ්‍යස්ථානයට ගිය පුද්ගලයන් දෙදෙනා හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි පැවසෙන්නේ.

දැනට එම පුද්ගලයන් දෙදෙනා කොරෝනා ආසාදන තත්ත්වය හෙළි වීමෙන් පසු රෝහල්ගත කර තිබෙනවා.
හිටපු කතානායක කරු ජයසූරිය මහතා මේ වන විට සිය ඉදිරි දේශපාලනය සම්බන්ධයෙන් යම් තීන්දුවක් ගන්නා තත්ත්වයට පත්ව ඇති බවක් වාර්තා වනවා.

එජාප නායකත්ව අර්බුදය ඇතිවීමත් සමඟ එම ප්‍රශ්නය විසඳන සාකච්ඡා ආරම්භ වූයේ කරු ජයසූරිය මහතාට පක්ෂ නායක්වය ලබාදිය යුතුය යන ස්ථාවරයේ සිටයි.
විදේශීය නෞකාවල සේවකයන් එම නෞකාවලින් බැසීම හා ගොඩවීමට ගාල්ල වරාය තෝරාගෙන තිබීම නිසා රට තුළට කොරෝනා ඇතුල් වීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බව රේගු නිලධාරියකු සඳහන් කළා.

සිංගප්පූරුව ඇතුළු රටවල් ගණනාවක් නෞකා කාර්ය මණ්ඩල ගොඩබැසීමේ කටයුතු නතර කර ඇති තත්ත්වයක ආසන්න රටවල සිටින විදේශිකයෝ ශ්‍රී ලංකාවට පැමිණ ගාල්ල ආසන්නයෙන් යාත්‍රා කරන නෞකාවලට ගොඩවීමට කටයුතු කරනවා.
පොදුජන පෙරමුණෙන් පොළොන්නරුව සඳහා රූප රැජිනියක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

දිරි මහ මැතිවරණයේදී කාන්තා නියෝජනය කරන්නේ දැ’යි මාධ්‍යවේදිනියක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කර තිබුණා.
පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතරින් සිව් දෙනෙක් පසුගිය අවුරුද්ද (2019) පුරාම පාර්ලිමේන්තුවේ එක්වතාවක්වත් කතා කර නැති බව වාර්තා වනවා.

ඔවුන් ‘හතර දෙනා’ වන්නේ, ඉන්දික බණ්ඩාරනායක, ඩුලිප් විජේසේකර, ජනක බණ්ඩාර සහ සිරිපාල ගම්ලත්ය.

ජනක බණ්ඩාර තෙන්නකෝන් කලක් තිස්සේ උගුරේ දරුණු ආබාධයකින්’ පෙළෙන බැවින් ඔහුගේ ‘හඬ පිට නොවීම’ රෝග ලක්ෂණයක් ව පැවතුණ ද ඩුලිප් විජේසේකර, ඉන්දික බණ්ඩාරනායක, සිරිපාල ගම්ලත් වැනි එවැනි රෝග නැති බව ප්‍රසිද්ධ කරුණකි.

ඒ ගැන ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩුලිප් විජේසේකර ගෙන් ඇසූ විට ඔහු කීවේ කුතුහලය දනවන උත්තරයකි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements