Advertisement

රනිල්ට ආරාධනා කළේ අපි!
වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය CIDයට කියයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2023 වසරේ University of Wolverhampton හි උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වන ලෙස ආරාධනා කර තිබූ බවත්, එහිදී ඔහුගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහට ගෞරව මහාචාර්ය පදවියක් පිරිනමන ලද බවත් එම විශ්වවිද්‍යාලය Criminal Investigation Department (Sri Lanka) වෙත දැනුම් දී ඇති බව ‘Sunday Times’ පුවත්පත වාර්තා කරයි.

මෙම තොරතුරු ලබාදී ඇත්තේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගයකට අනුව CIDය කළ විමසුමකට ප්‍රතිචාර වශයෙන් බව සඳහන් වේ. එසේම, අදාළ විශ්වවිද්‍යාලය රාජ්‍ය අරමුදල් ලබන රජයට අනුබද්ධ ආයතනයක් බවද එහි උපකුලපතිවරයා CID අධ්‍යක්ෂවරයාට දන්වා තිබේ.
හිටපු ජනපති රනිල් රිමාන්ඩ් 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) දහවල් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කොළඹ මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවාය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කැඳවීමකට අනුව අද(22) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු පැමිණි අවස්ථාවේදීයි

රජයේ මුදල් යොදාගෙන සිදුකළැයි කියන පෞද්ගලික විදෙස් සංචාරයක් පිළිබඳව කෙරන විමර්ශනයට අදාළව හිටපු ජානධිපති රනිල් වික්‍රමසිංහ මහතා එලෙස කැඳවනු ලැබී ය.
ජනපති පාර්ලිමේන්තුව විසුරුවන්න යයි

2024 අය-වැය විවාදයේ දී කිසියම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂයක් පරාජය කිරීමට කටයුතු කරනු ලැබුවොත් අයවැය අවසාන වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට රජයේ ඉහළ පෙළේ අවධානය යොමුවී තිබේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ දෙවැනි වර කියැවීමේදී අයවැය පරාජයට පත් නොකර කාරක සභා අවස්ථාවේ අයවැයට විරුද්ධව ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරුන් පිරිසක් කටයුතු කළහොත් මෙසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානමින් සිටින සිටින බවය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්වීමේ සුදානමක් ..! 

21 වන සංශෝධනය, 19 වන සංශෝධනය ගෙන ආ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විසින්ම ගෙන ඒමට නියමිතව ඇති අතර එය අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එහි විශේෂයෙන්ම විගණන, පොලිස්, ප්‍රසම්පාදන ඇතුළු කොමිසන් සභා නැවත ස්ථාපිත කිරීමට නියමිත ඇති අතර ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමේ සංශෝධනයද එහි විශේෂ එකක් වනවා.

 කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය ලබා ගැනීමට පෙර දින ගෝටාබය සමග කල සාකච්ඡාවෙදී මෙම සංශෝධනය ගෙන ඒමට එකගවී ඇති අතර එම එකගත්වය අනුවයි අගමැති ධුරය භාර ගැනීමට වික්‍රමසිංහ මහතා එකග වී ඇත්තේ. 
අගවිනිසුරුගේ ප්‍රධානත්වයෙන් භාරකාර රජයක් පිහිටුවා මැතිවරණය තියන්න 
රනිල්ගෙන් යෝජනාවක් !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී අගවිනිසුරුවරයා යටතේ භාරකාර රජයක් පිහිටුවා වහාම මැතිවරණයක් පවත්වන ලෙස යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

පවතින තත්වය හමුවේ වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ කවුරුන් විසින් රජයක් පිහිටවූවත් එම රජයට ජනතාවගේ ආශිර්වාදය හෝ සහයෝගය නොලැබෙන නිසා මෙසේ භාරකාර රජයක් අගවිනිසුරුවරයා යටතේ පත්කර මාස තුනක් තුළ මැතිවරණයකට යායුතු බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.

ඩොලර් හිඟය දරුණු තත්ත්වයකට පත්ව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු පෙන්වා දුන්නේ, මේ වන විට ව්‍යාපාර කඩා වැටෙමින් පවතින බව ත්, රැකියා නැති වන බව ත්, මධ්‍යම පන්තිය පිරිහෙමින් පවතින බව ත් සහ ගොවීන් අතරමං වී ඇති බව ත් ය.

විශේෂයෙන් මේ වන විට ව්‍යාපාර කඩා වැටෙමින් පවතින බවත්,රැකියා නැතිවන බවත්,මධ්‍යම පන්තිය පිරිහෙමින් පවතින බවත්,ගොවින් අතරමන් වී ඇති බවත්,මේවාට විසඳුම් අවශ්‍ය බවත් ඔහු පෙන්වා දෙනවා.

කොරෝනා ආසාදිතව මෙරට මිය යන සියලු පුද්ගලයන්ගේ මරණ වලට වගකීම කොරෝනා මර්ධන බලකාය විසින් භාරගත යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මේ වනවිට රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳ ව සෑම පාර්ලිමේන්තු සතියක ම අඟහරුවාදා දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගෙන් ඊයේ (03) පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කළා.

එම ඉල්ලීමට සෞඛ්‍ය අමාත්‍යවරියගේ එකඟතාව පළ වී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව මුලින්ම ගමන් කළේ නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයටය.

එහි දී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමග සාකච්ඡාවක ද මන්ත්‍රීවරයා නිරත විය.
රනිල්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (ජූනි 23) දිවුරුම් දුන්නේ ය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු සභා ගර්භයේ විපක්‍ෂයේ ඉදිරි පෙළ 13 වන ආසනය වෙන්කර ඇති බවය.
රනිල්ට පාර්ලිමේන්තු යන්න කියා බල කල අය මෙන්න

මෙහාට ආවොත් අපිටත් උපදෙස් ටිකක් ගන්න පුලුවම් කියා කතානායකත් කිවුවා

මෑතකදී මුහුදුබත් වූ නෞකාව ගොඩ ගත්තද වත්මන් ආණ්ඩුව නම් ගොඩ ගැනීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

තමනට වත්මන් ආණ්ඩුව සමඟ කිසිඳු ගනුදෙනුවක් නැති බවද පවසන ඒ මහතා තමන් පාර්ලිමේන්තු යන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඩීල් එකක් අනුව යයි එල්ල වන චෝදනා ප‍්‍රතික්‍ෂෙප කරයි.

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ පාර්ලිමේන්තුව සැසිවාරයේ දී මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අනුව එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා එල්ල වී නැතැයි ඊයේ ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන අයට එරෙහිව චෝදනා ගොනු කළ යුතු යැයි කොමිසම නිර්දේශ කර ඇතැයි ද එම වාර්තාවේ සඳහන් ය.

මෙරට විපක්ෂයේ නායකත්වයට සුදුසුම පුද්ගලයා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බව වත්මන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අවධාරණය කර සිටිනවා. ඩේලි මිරර් පුවත්පතට අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට රනිල් වික්‍රමසිංහ හැර වෙනත් සුදුස්සෙකු නොමැති බවයි.

රටට අවශ්‍ය එන්නත ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන 10ක් ප්‍රදාන ලෙස ලබා දෙන්නැයි අපනයන ව්‍යාපාරිකයින්ගෙන් ආණ්ඩුව ඉල්ලා ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය. 

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම තවදුරටත් දරනු ඇති බවට ඊයේ (23) රැස්වූ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීන්දු වී තිබෙනවා.
මාස තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි එක්සත් ජාතික පක්ෂයේ හිස්ව ඇති සියලුම තනතුරු ඡන්ද විමසීමකින් තොරව හෙට (14) දින සුදුස්සන් තෝරා පත් කර ගැනීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සූදානම් වනවා.

පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් සඳුදා පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
කරු ජයසූරිය මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දිය නොහැකි ව්‍යවස්ථාමය බාධාවන් ඇතිවී තිබෙන බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීමට නම් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හෝ විධායක සභාවේ සාමාජිකයකු වීම අත්‍යවශ්‍ය වන බව ඔහු පවසා තිබේ.
මෙවර ජාතික ලැයිස්තුවෙන් එක්සත් ජාතික පක්ෂය සඳහා ලැබී ඇති මන්ත්‍රී ධුරයට එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට සූදානම් වන බව සිරිකොත ආරංචි මාර්ග කියයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කළ යුතු බවට යෝජනාවක් අද දිනයේදී එම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සලකා බැලීමට නියමිතව ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements