Advertisement

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩමවීම

නන්ද කුමරුන් ගේ පැවිද්ද
යසෝධරාවගේ ගෞරවය
රහල් කුමරුන්ගේ පැවිද්ද

මැදින පොහොය දිනයේ වැදගත්කම

හේමන්ත සෘතුවේ පුර පසළොස්වක් පොහෝ දිනය සම්බුද්ධ චරිතාපදානය පිළිබඳ අසිරිමත් සිද්ධියක් සිහියට නංවන මංගල දිනයකි. ලොකාර්ථචයාවෙහි යෙදුණු භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් පමණ ආර්යය මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන පිය රජතුමාටත් ස්වකීය ඥාතීන් වූ ශාක්‍ය වංශිකයන්ටත් අමා මහ නිවන් සුව ලබා දෙනු වස් රජගහ නුවර වේළුවනාරාමයෙහි සිට කිඹුල්වත් පුරයට වැඩම වීමට ගමනාරම්භය සිදුවූයේ මැදින් පුන් පොහෝ දිනයක ය.

ලෝකාභිවෘද්ධිය සැලසීමෙහි යෙදුණු බුදුරජාණන් වහන්සේගේ කීර්තිඝෝෂය දඹදිව නොයෙක් ප්‍රදේශවල පැතිරෙන්නට විය. සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේ වෙසක් පොහෝදා බුදුවී ඇසළ පුනු පොහෝදා දම්සක් පවත්වා රජගහ නුවර වෙසෙති යන මංගල පුවත ශාක්‍ය ජනපදයට ද ආරංචි විය. සුද්ධෝදන රජතුමා හට ස්වකීය පුත්‍ර රත්නය දැකීමේ ආශාව බලවත් විය.
පක්ෂව ඡන්ය 123යි
ජනක රත්නායක ධුරයෙන් ඉවතට

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළව ආණ්ඩුව විසින් ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත විය.
අද බක් පුරපසළොස්වක පොහොය දිනයයි.
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා

ඓතිහාසික සිද්ධියකින් ශ්‍රේෂ්ඨත්වයට පත් බක් පොහොය බෞද්ධයන්ට මහත් ප්‍රීතියක් උපදවන දිනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයෙකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර ලංකාවෙහි සිදු වූ ඓතිහාසික පෞරාණික ශාසනික පුරා වෘත්තයක් සිහිපත් කරවන වටිනා දිනයෙකි.

අවුරුද්දේ එළඹෙන මාස දොළසින් බක් මාසය කොයි කවුරුනුත් සැනසිල්ලෙන් ජීවත් වන සොම්නස් සුවය ගෙනදෙන නොයෙක් සිරියෙන් පිරීතිරී සරු සාරවත් මාසයක් වශයෙන් සම්මතව ඇත.
සම්බුදු තෙමගුල සිහිපත් කරන
වෙසක් පොහොය දිනය අදයි


දීපංකර සම්බුදුරජාණන් වහන්සේ රඹගම් නුවරට වැඩමවද්දි අෂ්ට සමාපත්ති උපදවාගෙන සිටි අප මහා බෝසතාණන් වහන්සේ සාදා නිමකිරීමට නොහැකි වූ මහමඟ බිම ඒ දණ්ඩක් බවට පත්කර සිට ඒ බුදුරජුන්ට මලින් පිදූහ. දිවැස් යොමු කළ උන්වහන්සේ ඒ සුමේධ තාපසයාණන් අනාගතයෙහි ගෞතම නමින් බුද්ධත්වයට පත් වන බව නියම කොට ප්‍රථමවරට නියත විවරණ දෙන ලද්දේ වෙසක් පුන් පොහෝ දිනයකය. දසපාරමී ධර්මයන් සම්පූර්ණ කළ බෝසතාණෝ දඹදිව කපිල වස්තු නම් නුවර පාලනය වන විට සුද්ධෝදන රජතුමාගේ අගබිසව වූ මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්හ. දස මසක් ඇවෑමෙන් ඒ බෝසතාණන් ලුම්බිණි සල් උයනේ දී මව්කුසින් බිහි වූයේ උතුම් වූ වෙසක් පුන් පොහෝ දිනකය.

ජංගම දුරකතන අංකය වෙනස් කිරීමකින් තොරව පවතින අංකය ම භාවිත කරමින් වෙනත් සමාගමක සබඳතාව ලබා ගැනීමේ පහසුකම සැලසීම සඳහා වන මූලික ක්‍රියාවලිය ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා මව්බිම වෙබ් අඩවියට පැවසුවේ, ජංගම දුරකතන සේවා සමාගම් අතර තරගකාරීත්වය වැඩි කිරීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කරන බවය.
 
හිටපු කතානායක කරූ ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ප‍්‍රවෘති නිවේදනයයි

හිටපු කථානායක කරු ජයසූරිය මහතා පසුගිය මහ මැතිවරණ සමයෙහි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත‍්‍රික් අපේක්ෂකයෙක් ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීමක් පිළිබඳව කිසියම් පිරිසක් විසින් සඳහන් කළ බවට මාධ්‍යන් හි පළව ඇති ප‍්‍රවෘතියට අදාලව කරුණු පැහැදිළි කිරීමයි.

කරු ජයසූරිය මහතා කථානායක ධුරයෙන් සමුගත් පසුව දෙදරා යමින් තිබූ එක්සත් ජාතික පක්ෂය සමගිකරවීමට අප‍්‍රතිහත ධෛර්යයෙන් යුතුව විශාල උත්සාහයක් දැරූ බව කිසිවෙකුට රහසක් නොවේ.
ආණ්ඩුවට තනිවම පාර්ලිමේන්තුව කරගන්නට ඉඩ දී විපක්ෂය ඉවත් වී යනවා
කිරිඇල්ල කියයි

පාර්ලිමේන්තුවේ විවාදයන් සඳහා කාලය වෙන් කිරීම සම්බන්ධයෙන් වූ ගැටලුකාරී තත්ත්වයක් මත පළමු පක්ෂ නායක රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී විපක්ෂයේ නියෝජිතයන් විසින් තමන්ට වැඩි කාලයක් දෙන්නැයි ඉල්ලා තිබේ.

සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තු විවාද වල දී විපක්ෂයට වැඩි කාලයක් ලබාදෙන නිසා මෙවරද විපක්ෂයට 60% සහ ආණ්ඩු පක්ෂයට 40% ලබාදෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්‍ෂ නියෝජිතයින් ඉල්ලා තිබේ.
මෙරට අධිකරණ අමාත්‍යධූරය මොහොමඩ් අලී සබ්රි මහතාට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා විසින් පවරන්නේ විශාල විරෝධතා රාශියක් මැද බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.

මෙරට සියලු දෙනාට එකම පාසල් පද්ධතියක් එකම නීතියක් ඇතිවන්නේ නම් එය අනාගතයේ සහරාන්ලා බිහි නොවන්නට හොඳම පියවර යැයි ද උන්වහන්සේ පවසති.
ලොව පුරා විවිධ රටවල සිටින චීන ජාතිකයින් රැගෙන චීනයේ ෂැංහායි නුවර බලා පිටත්වන ශ්‍රීලන්කන් ගුවන් යානා සේවාව තාවකාලිකව අත්හිටුවීමට එරට ගුවන් සේවා අධිකාරිය ගත් තීරණය සම්බන්ධව චීනය සමග රාජතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කරන බව සංචාරක සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග පවසනවා.

ඩුබායිවල සිටි චීන ජාතිකයින් රැගෙන ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයක සිටි 23 දෙනකුට චීනයේ දී කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව එරට සෞඛ්‍ය අංශ තහවුරු කිරීමත් සමඟ චීනය මෙම තීරණය ගෙන තිබුණා. ඒ අනුව සති හතරක් සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවාවට අයත් යානා ලබා ගැනීම චීනය විසින් අත්හිටුවන ලැබුවා.
එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වන්නේ නායකත්වය සඳහා සුදුසු පුද්ගලයෙකු මිස අන්තර්කාලීන නායකයෙකු නොවන බව

එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

ඊයේ (12) සිය නිවසේ පැවති එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ හමුවක දී ඔහු එබව සඳහන් කර ඇත. එම හමුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, වජිර අබේවර්ධන, දයා ගමගේ, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, නවීන් දිසානායක සහ අර්ජුණ රණතුංග ද සහභාගී වී ඇත.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු පවසා ඇත්තේ පක්ෂයේ අන්තර්කාලීන නායකයා ලෙස හිටපු කථානායක කරු ජයසූරිය පත්කළ යුතු බවයි. එහෙත්, එම යෝජනාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන එකග වී නොමැති බව 'නෙත් නිව්ස්' වාර්තා කරයි.

මංගල, රනිල් ගේ ගෙදර ගිහින් !!!!
දැන් රනිල්ට ඕන පක්ෂ මහ ලේකම්කමත් වෙනස් කරන්න

ගිය සඳුදා සිටියේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙන බවයි.

රනිල්ගෙන් හිස්වන පක්ෂ නායකත්වය සඳහා තමන් සමග රවි කරුණානායක, දයා ගමගේ, වජිර අබේවර්ධන තරග කරන බවත් එහිදී අකිල කිව්වා.

නමුත් පුදුමයකට මෙන් කවුරුත් බලාපොරොත්තු වූ නවීන් දිසානායක මේ නායකත්ව පොරයේ හිටියේ නෑ. මේ ගැන මාධ්‍යවේදියෙක් අකිලගෙන් ප්‍රශ්න කළ විට අකිල කිව්වේ නවීන් මේ තරගයේ නැති බව. නමුත් මැතිවරණ සමයේදී නුවරඑළියේදී රනිල් ළඟ තියාගෙන නවීන් කිව්වේ රනිල්ගෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගැනීමට තමන්ටද බලාපොරොත්තුවක් තියෙනවා කියලා. එහෙම කිව්ව නවීන් මෙච්චර ඉක්මනට පසු බැස්සේ ඇයි?
නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) උදෑසන මහනුවර මඟුල් මඩුවේ දී ඇරඹිණි.

දිවුරුම් දීමේ උත්සවය මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික ආශිර්වාදය මැද ආරම්භ කෙරිණි.

කැබිනට් ඇමතිවරුන්

  1. මහින්ද රාජපක්ෂ – මුදල් අමාත්‍ය
  2. නිමල් සිරිපාල ද සිල්වා – කම්කරු අමාත්‍ය
  3. ජී.එල්. පීරිස් – අධ්‍යාපන අමාත්‍ය
  4. පවිත්‍රා වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය
  5. දිනේෂ් ගුණවර්ධන – විදේශ අමාත්‍ය
  6. ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය
  7. ගාමිණි ලොකුගේ – ප්‍රවාහන අමාත්‍ය
  8. බන්දුල ගුණවර්ධන – වෙළෙඳ අමාත්‍ය
  9. ආර්.එම්.සී.බී. රත්නායක – වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය
  10. ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
මෙවර මැතිවරණ ප්‍රතිඵල වලට අනුව ගියවර පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලන ආන්දෝලනාත්මක චරිත ගනනාවකටම සිය මන්ත්‍රීධූර අහිමිවී ඇත. ඒ පහත පරදිය
කොළඹ පොදුජන පෙරමුණට ආසන 8ක්
එජාපය ආසන 6 ක්
සමගි ජනබලවේගය ආසන 4 ක්
ගම්පහ නාලක ගොඩහේවා , මාතර නිපුණ රණවක , මෙන්ම කොළඹ සරත් වීරසේකර මනාප ලැයිතුවේ උඩින්ම

2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව ප්‍රචාරණ කටයුතු අවසන් වීමත් සමගම දිවයිනේ සුප්‍රකට සමීක්ෂණ ආයතන කිහිපයක් එක්ව සිදුකල සමීක්ෂණ වාර්ථාවක් ද එලිදක්වා තිබේ. එම වාර්ථාවට අනුව පොහොට්ටුව බහුතර බලයකට ආසන්න ආසන සංඛ්‍යාවක් 108 ක් ලබාගනු ඇතැයි සඳහන් වන අතර ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රථිශතය 50% ත් 60 % ත් අතර වනු ඇතැයි ගනන් බලා තිබේ. 
කිරිඇල්ල හකීම්  තියුණු තරගයක
මහින්දානන්ද ලක්ෂය පන්නයි
එජාපයට ආසන දෙකක්
අමිත් වීරසිංහ ලාල් කාන්ත සැලකිය යුතු සටනක

සමස්ත දිවයිනේ මෙන්ම මේ වන විට මහනුවර දිස්ත්‍රික්කය තුලද මහ මැතිවරණ උණුසුම හීන් නූලෙ ක්‍රියාත්මක වේ. වෙනදා මෙන් මැතිවරණ ගිනිකෙලි සංදර්ශන නොවූවත් අපේක්ෂකයන් අතර වෙනදාට වඩා මනාප පොරය උග්‍ර වී ඇති බව මනාව දැකගන්නට පුලුවන්.

මහනුවර දිස්ත්‍රික්කය තුල මැතිවරණ කොට්ඨාස 13ක ජන්ද දායකයන් වෙනුවෙන් එලෙබෙන පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 12ක් පත්කර ගැනීමට මහනුවර ජනතාව සූදානම් මොහොතක පැය කිහිපයක් තබා කල විශ්ලේෂණයක් ගෙනඒමට අප උත්සහය කරමු.
මගේ කණ්ඩායම ඉවත් කරන්න එපා අපි යලිත් එකතුවෙනවා

එක්සත් ජාතික පක්ෂයේ මහජන නියෝජිතයන් නෙරපා හැරීම ප්‍රමාද කරන්නැයි සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත.

සජිත් පාර්ෂවය වේදිකාවේ සිංහ නාද සිදුකලද සතිඅන්ත පුවත්පතක් වාර්තා කර ඇති ආකාරයට තුන්වෙනි පාර්ශවයක් හරහා මෙම ඉල්ලීම එජාප නායකයන් සිදුකර ඇත.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් රජය විසින් ලිඛිත සහතිකයක් ලබා නොදුනහොත් මුළු කොළඹම අක්‍රිය කරන බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

51%ක් ආණ්ඩුවටත් 49%ක් අද්වානි සමාගමටත් ලබාදෙන ලෙස කැබිනට් පත්‍රිකාවක් මේ වන විටත් ඉදිරිපත් වී ඇතැයි කී උන්වහන්සේ ආණ්ඩුවේ 51% තුළ තවත් සමාගම් දෙකක් ඇති බවද සඳහන් කළහ.
විශ්ව ශක්ති වෙළෙන්දා හෙවත් කැලුම් වීරසිංහ
 "අරක සැකයි, මේක සැකයි"

තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා යළිත් වරක් උසාවිය නොමග යැවීමේ උත්සාහයක නිරත වන බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග දන්වා සිටියි.

සම්පත් බැංකුවේ තලාහේන ශාඛාවේ සිදු වූ මුදල් ගනුදෙනු කීපයක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයවන පරීක්ෂණය අද (30) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ මෙම නාටකය රඟදක්වා තිබේ. 
JR මුත්තාගේ ව්‍යවස්ථා ගැටය
සජිත්ට පාටලීගේ මාර්ගයෙන් දුන්න දිරච්ච ලණුව

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවක 2/3 මන්ත්‍රීධූර සංඛ්‍යාවක් ලබාගැනීම අපහසු කාර්‍යක් නොව කල නොහැකි කාර්‍යකි. JR මුත්තාගේ ව්‍යවස්ථා ගැටය ඒ තරම්ම තද බැවු දේශපාලන මලපොතේ අකුරු කියවූ සෑම දෙනාම පාහේ දන්නා කාරණයකි. 2010 වසරේ 60% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් එවකට අතිශයින් ජනප්‍රිය රටෙහි යුධගිනි තනිව නිමා දැමුවැයි කියූ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට ලබාගත හැකිවූයේ ආසන 144 ක් පමණි. එවකට එසේනම් දෙවරක් ජනපති කර දෙවරක් අගමැති කර වසර ලබාගත නොහැකිවූ දෙයක් ගන්නට දැන් වයෝවෘද්ධ මහින්ද රාජපක්ෂට 2/3 තබා බහුතරය ලබාගැනීමත් දුශ්කර බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෲවරයා වන බැසිල් රාජපක්ෂට අමුතුවෙන් ගනන් හදා බැලිය යුතු නැත. 
රෝගී ජනතාව මුළා කරමින් මුදල් උපයලා
බැංකුවත් මුලා කරමින් අයථා මුදල් ගනුදෙනු වල

විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකරන බවට පවස වසර ගණනක් තිස්සේ අසරණ රෝගීන් මුළා කළ එක්තරා ජාවාරම්කරුවකුගේ තවත් හොර ජාවාරමක් එළිවෙමින් පවතින බව නීති ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග වෙතින් දැනගන්නට ලැබේ. ඔහු නමින් කැලුම් හර්ෂ වීරසිංහය.

ඒ, මේ දිනවල කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් හේතුවෙනි. සම්පත් බැංකුවේ තලාහේන ශාඛාවේ සිදු වී ඇති මුදල් ගනුදෙනු කීපයක් සම්බන්ධව රහස් පොලීසිය විසින් කරගෙන යනු ලබන විමර්ශනයේදී මේ කරුණු අනාවරණය වී තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements