Advertisement


වහාම විමර්ශන අවසන් කරන්න!
සැකකරුවන් ඉන්නවා නම් අධිකරණයට ඉදිරිපත් කරන්න! 
රනිල්ගේ නඩුව ජනවාරි 28ට කල් තබමින් මහේස්ත්‍රාත්වරයා රහස්ට පොලීසියට නියෝග කරයි!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ සැකකරුවන් සිටි නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
රනිල් නළුවෙක් කෙරූ මියුසික් වීඩියෝව අද රෑ එළියට

රනිල් වික්‍රමසිංහ එදා මෙදා දුර දේශපාලන ඉතිහාසයේ හිටපු දක්ෂ දුරදක්නා නුවන ඇති නායකයෙක් බව නොරහසක්. දේශපාලන මතවාදය කෙසේ වූවත් දේශපාලනයේ හැසිරවීම ගැන ඔහුගෙන් ඉගෙන ගන්නට ඇති පාඩම් බොහෝය.

ඔහු කිසිවෙකුත් භාර නොගත් බංකොලොත් වූ ලංකාව නැව​තත් පණ ගැහෙන තැනක් බවට අවසානයේ පත් කරමින්, වර්ථමාන ජනාධිපති අනුර කුමාර මහතා වෙත රට භාර දෙමින් ඔහු ප්‍රකාශ කලේ ද, "මම මෙතෙක් වැල් පාලමෙන් පරිස්සමින් ගෙනා දරුවා ගේ වගකීම අද සිට ඔබට භාරයි" යන්නයි.
රට ගොඩනැඟීමට ලැබෙන අවසන් අවස්ථාව 2024 ජනාධිපතිවරණයයි - ජනපති “පුළුවන් පෙරළිය” වැඩසටහන අමතමින් පවසයි. 

රටේ පවතින තත්ත්වයට තම පක්ෂය හැර අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ වගකිව යුතු බව හා අවිගත් කැරැල්ලට තමන්ගේ කිසිඳු සම්බන්ධයක් නැති බව මවා පාමින් ජනතා විමුක්ති පෙරමුණ අද ජනතාව රවටමින් සිටින බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එසේනම් ඔවුන් තමන්ගේ නම අවභාවිතා කිරීම වෙනුවෙන් අදාළ පාර්ශ්වයන් වෙතින් වන්දි ඉල්ලා නඩු පැවරිය යුතු බව ප්‍රකාශ කළේය.
SJB 17ක් සහ ශ‍්‍රීලනිප 11ක් රනිල්ට..?

හෙට දිනයේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් 17 දෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනාගෙන් එකොළොස් දෙනෙකුම රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙනු ඇති බව ද වාර්තා වේ.

කොළඹ නාගරිකයේ කොවිඞ් අවදානම දිනෙන් දිනම ඉහළ යෑම තුළ වඩාත් සංවේදී අයෙකු වූයේ කොළඹ පුරපතිනී රෝසි සේනානායකයි. විශේෂයෙන්ම වතු ආශ‍්‍රිතව හා මහල් නිවාස ආශ‍්‍රිතව කොවිඞ් වසංගතය පැතිර යෑම නගරාධිපතිනියටද බරපතළ ප‍්‍රශ්නයක් විය. කොවිඞ් අවදානම සහිත වතු වල හා මහල් නිවාසවල ජනතාවගේ ආහාර පාන හා අනිකුත් අවශ්‍යතා සපුරාලීම සම්බන්ධයෙන් පුරපතිනිය දිගින් දිගටම සිය අවධානය යොමු කරමින් සිටියාය. හැකි සෑම අවස්ථාවකම මැදිහත් වෙමින් ඔවුන්ගේ ආහාර පාන හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට ඇය නගර සභාවේ සහයෝගය ලබා දෙමින් රජයට ලොකු ශක්තියක් වූවා ය. 

කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනයයි.

එක්සත් ජාතික පක්ෂය මුහුණ දී ඇති අවාසනාවන්ත ඉරණමෙන් ගලවා ගැනීම සදහා පොදු ජනතා සිතුම් පැතුම් වලට සමගාමී වන ලෙස පක්ෂයේ කඩිනම් ප්‍රතිසංවිධානයක් උදෙසා නායකත්වය දීමට තමා සූදානම් බව හිටපු කථානායක කරු ජයසුරිය මහතා නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමගම ඒ පිළිබදව පළව ඇති ඇතැම් ප්‍රතිචාර පිළිබදව කරුණු පැහැදිලි කිරීම අපගේ වගකීමක් කොට සලකමු.
ශක්තිමත් විපක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ හිඳිමින් සමගි ජන බලවේගය නිරතුරුව ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයාත්, එයාගේ වටේ හිටපු ගෝලබාලයෝත් එක්සත් ජාතික පක්ෂයේ විනාශයට වගකියන්න ඕනෑ’’ යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගියදා (21) පැවැසීය. 

මෙහිදී තවදුරටත් කතා කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා මෙසේද කීවේය. 
සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනබලවේග පක්ෂයේ ප්‍රබලයෙකු එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීම සඳහා පණිවිඩයක් එවා තිබේ.

ඒ අනුව රනිල් වික‍්‍රමසිංහ මහතා වෙනුවෙන් එජාප උප නායක රවී කරුණානායක මහතා අදාළ ප්‍රබලයා සමග සාකච්චා කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවන ලෙස පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට දන්වා ඇත.
එක්සත් ජාතික පක්ෂයේ අතහැර සමගි ජන බලවේගයට එක් වූ එජාප පිරිස් සම්බන්ධයෙන් අවසන් තීරණයක් එහිදී ගැනීමට නියමිතය.
නමුත් මහ මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයට එකතු වීමට පොරොන්දු වී ඇති පිරිසගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි නොකරනැයි වික්‍රමසිංහ මහතා විසින් දැනුම් දී ඇත.
මාලිගාවත්ත ප්‍රදේශයේ පුද්ගලයන් තුන් දෙනෙකු තම මරණයට පත්වීමේ සිදු වීමෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව අද පත්ව සිටින ආර්ථික අහේනියේ තත්වය යයි එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

අද වන විට ජනතාවට ජීවත්වීම අමාරු වී ඇති බවත්, මුදල් රැකියා සහ ආදායම් මාර්ග අහිමි වී ඇති බවත් ඔහු සඳහන් කරයි.




ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් නගා ඇති චෝදනා සම්බන්ධයෙන් කණගාටු වන බව හිටපු අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඇමරිකාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන අරමුදල් අත්හිටුවීම හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි රටවල ක්‍රියාත්මක කරන වැඩසටහන් වලට එරෙහිව දැවැන්ත අහිතකර බලපෑමක් ඇති වනු ඇති ද ඔහු කියා සිටී.

රනිල් වික්‍රමසිංහ මහතා  විසින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත මේ සදහන් කරමින් ලිපියක් යොමු කර ඇත.

එම ලිපියේ සිංහල පරිවර්තනය මෙහි දැක්වෙයි.
එජාපය දෙපිලකට බෙදීම හේතුවෙන් මෙවර මැතිවරණයේදී එකම පිළක සිටි අය දැඩි අර්බුධයකට මුහුණ  දි ඇති බව වාර්තා වෙනවා. ඒ එකම පිළක සිටි පිරිසක් පක්ෂ දෙකකින් තරග වැදීම හේතුවෙන් මැතිවරණයේදි ජන්ද දෙපිලකට බෙදී යාම හේතුවෙනි.
නෙළුම් පොකුණ රඟහලේ දී අද (2 ) පැවැත්වෙන සමගි ජන බලවේගයේ සමාරම්භක උත්සවය​ට පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය සහභාගි නොවීමට තීරණය කර තිබෙනවා.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊ​යේ (1) පස්වරුවේ පැවැති එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ සාකච්ඡාවකදී මෙම තීරණය ගනු ලැබුවා.

මාස දෙකකට පෙර පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමකදී සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව ලබාදෙන ලෙස දැනුම් දී ඇති නමුත් මෙතෙක් ව්‍යවස්ථාව ලබාදී නොමැති හෙයින් පක්ෂයක් ලෙස මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බව වාර්තා වනවා.
යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ පැවැති අමාත්‍යාංශ හා අගමැති කාර්යාල භාවිත කළ ගුවන් හමුදාවේ යානා සඳහා රුපියල් දහඅටලක්ෂ පනස්පන්දහස් නවසිය හතළිස් හතරක් (1,855,944) ගෙවීමට ඇති බව වාර්තා වනවා.
නව සන්ධානය මුල්කරගෙන එක්සත් ජාතික පක්ෂය තුළ පැන නැගී තිබුණු අර්බුදවලින් 95%ක ප්‍රමාණයක් විසදා ගැනීමට ඊයේ (28) සවස පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී හැකියාව ලැබී තිබෙනවා.

ඒ අනුව සවස 3ට කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආරම්භ කිරීමට නියමිතව තිබුණද ඊට පළමුව වික්‍රමසිංහ මහතාගේ නිල කාමරයෙහි වික්‍රමසිංහ මහතා හා සජිත් ‌‌ප්‍රේමදාස යන මහත්වරුන් අතර ඉතා තීරණාත්මක සාකච්ජා වටයක් පැවැත්වා ඇති බව වාර්තා වනවා.

දැඩි වාද විවාද, තර්ක විතර්ක මැද පැවැත්වී ඇති ‌මෙම රැස්වීමට ‌‌දෙපාර්ශ්වයේම ‌ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් පමණක් සහභාගී වී තිබුණා.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරි මහ මැතිවරණයේදී කොළඹ දිස්ත‍්‍රික්කයෙන්ද, කථානායක කරු ජයසූරිය මහතා ගම්පහ දිස්ත‍්‍රික්කයෙන්ද තරග කිරීමට සූදානම් බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
සජිත් ‌ප්‍රේමදාස මහතා සිය නව සන්ධානය සදුදා දිනයේදී ‌නෙළුම් ‌පොකුණ රගහලේ එළිදැක්වීමට සූදානම් කර ඇති බවට වාර්තා වීමත් සමග පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කැදවීමට පියවර ‌‌ගෙන තිබෙනවා..

මෙම රැස්වීම ‌හෙට (28) පස්වරු 3ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

මෙහිදී ඉදිරි මහමැතිවරණයේදී තරග කරන ආකාරය පිළිබදව වික්‍රමසිංහ මහතා සිය මතය ප්‍රකාශ කරනු ඇති බව දැනගන්නට තිබෙනවා.
රිමාන්ඩ් බාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට එජාප නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, ඉරාන් වික්‍රමරත්න, රුවන් විජයවර්ධන හා අර්ජුන රණතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්‍ඩායම ඊයේ (13) දහවල් නව මැගසින් බන්ධනාගාරයට ගිය බව බන්ධනාගාර ආරංචි මාර්ගවලින් පැවසෙනවා.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර රහස් සාකච්ඡාවක් පෙරෙයිදා (12) රාත්‍රියේ පවත්වා තිඛේ.

මෙම හමුවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ද එක්ව ඇති බව සඳහන්.
එජාපයෙන් මහ මැතිවරණයට තරග කරන වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරයකුට ඒ සඳහා මූලික ප්‍රතිපාදනයක් ලෙස රුපියල් ලක්ෂ 25ක් බැගින් වූ මුදලක් ලබාදීමට කටයුතු කරන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13දා) පාර්ලිමේන්තු මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදී එජාප මන්ත්‍රි පිරිසකට දැනුම් දී තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements