Showing posts with label mangala samaraweera. Show all posts
ඊයේ (16) දින මෙරටට USAID ආයතනය හරහා අමරිකාවෙන් ලැබූ කොරෝනා එන්නත් මිලියන 1.5 කඩිනමින් මෙරටට ලැබුනේ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ ඉල්ලීමට අනුව බව වාර්තාවේ.
මේ පිලිබදව සමාජ මාධ්‍ය ක්‍රීයාකාරීන් තම ගිණුම්වල ඒ පිලිබදව සදහන් කර තිබූ අතර, ඒ පිලිබදව ගොසිප්99 කල විමසීමකදී ආණ්ඩු පක්ෂයේ දේශපාලන ආරංචි මාර්ගද ඒ පිලිබදව තහවුරු කලේය.
සමාජ ජාලා වාරණයක එරෙහිවන චරිතයක්
වස්ති ප්‍රඩක්ෂන් (Wasthi Productions) විසින් නිෂ්පාදිත ‘ලයිට් උපාලි’ වීඩියෝව ඊයේ (19) පස්වරුවේ අන්තර්ජාලය වෙත මුදාහැර තිබේ. මෙම වීඩියෝව නිකුත්වීමට පෙර සිටම ඒ පිළිබඳව කතාබහට ලක් විය. ඊට හේතු වූයේ මෙම වීඩියෝව හරහා සිංහල ජාතියට, සංස්කෘතියට අප’ හාස යක් සිදුව ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබීම හේතුවෙනි.
එම වීඩියෝව අන්තර් ජාලයට මුදාහැර පැය කිහිපයක් තුලදී ලක්ෂ සංඛ්‍යත ප්‍රේක්ෂකයින් විසින් නරඹා තිබේ.
රජුන් තැනූ මංගල අලුත් ගේමකට සැරසේ : මට ආයෙත් රජුන් තනන්න උවමනාවක් නැහැ : මංගල අමුතු කතාවක [VIDEO] | Mangala Samaraweera
gossip
,
gossip lanka
,
gossipmain
,
mangala samaraweera
,
News
,
video
මින් ඉදිරියට තමන්ට රජුන් තනන්න කිසිඳු උවමනාවක් නොමැති බව, පසුගිය දසක තුනකට ආසන්න කාලය සිට මෙරට රජුන් තනන්නකු ලෙස ශ්‍රී ලාංකීය දේශපාලනයේ ප්‍රචලිත හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.
ඔහු එබව පවසන්නේ දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයින් අතර අතිශයින් ම ජනප්‍රියම සමාජ මාධ්‍ය ජාලයක් වන SLVOG සමග පැවති සාකච්ජාවකදීය. එහිදී නිදහස් මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මංගල මෙසේ පවසයි.
''මින් ඉදිරියට මම රජුන් තනන්න යන්නැත්තේ ඇත්තවශයෙන්ම එයාල කියපු දේවල් ඒ අයට කරන්නට බැරිවුණා. එහෙම නැත්නම් කළේ නැහැ. ඒනිසා ඇත්ත වශයෙන්ම ඉදිරියෙදි නම් මට තව රජෙක් තනන්න කිසිම වුවමනාවක් නැහැ. විශේෂයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයක දී මගේ එකම කොන්දේසිය කරගන්නේ ජනාධිපතික්‍රමය. තමන් දිනා ගන්නා ධුරය දිනාගෙන, පාර්ලිමේන්තුවේ පළවෙනි පණත හැටියටම ඉදිරිපත් කරනවැයි කියලා පොරොන්දු වෙන පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ විශ්වාසය ඇතුව මට කටයුතු කරන්න පුළුවන්. ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරනවා. නමුත් එවැනි විශ්වාසයක් අවුරුදු 30ස් ගාණක් දේශපාලනය කරලා දැනට මට තියෙන්නේ මම ගැන විතරයි.''
SLVOG සමග පැවති සම්මුඛ සාකච්ජාව පහත පළවේ.
සැබෑ දේශප්‍රේමියෙකු ද? වාසියට දේශප්‍රේමීත්වය විකුණාගෙන කනවා ද? අනාගතයේදී... - මංගලගෙන් සැර පිළිතුරක්
''සැබෑ දේශප්‍රේමියෙකු වෙනවා ද නැතිනම් තම වාසියට පමණක් දේශප්‍රේමීත්වය විකුණාගෙන කනවා ද'' යන තීන්දුව පිළිබඳ සලකා බැලිය යුතු බව හිටපු ඇමැති මංගල සමරවීර පවසයි.
තමාව දේශද්‍රෝහියෙකු ලෙස හංවඩු ගැසුවත් තමා සිදු කළේ, රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරමින් විදේශ රටවල් සමග සුහද රාජ්‍යතාන්ත්‍රික සබඳතාවක් ඇතිකර ගැනීම බව ද ඊයේ (මාර්තු 31දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම පැවසීය.
මංගල සමරවීරගේ තිස්වසරක දේශපාලනය පිළිබඳව කෘතියට "ඛේමාගේ කොලුවා" යනුවෙන් නම තැබුවේ ඇයයි
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකුනන වැඩේට තමන් උඩින්ම කැමති බව මංගල විසින් පවසා තිබේ.
මංගලගේ මිතුරු ලිබරල් වාමාංශික උවිඳු විසින් එය වාර්තා කොට ඇත.
UNPය ඇතුළු මංගලගේ ඉදිරි දේශපාලන ගමන තුල ඉන්දියාව වෙත නැගෙනහිර ජැටිය පමණක් නොව මුළු වරයාම ලබා දුන්නද මංගල සැබවින්ම ඊට අකමැති වුවද ( සැබවින්ම ඔහු ඊට අකමැති නොවේ ) ඊට පක්ෂව ප්‍රතිචාර නොදැක්වීම කල නොහැකි කටයුත්තකි.
ගෝඨා ෆේල් නෑ - මංගල අමුතු කතාවක -ෆේල් අය ගැනත් කියයි [VIDEO]
mangala samaraweera
,
News
,
Politics
,
video
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වසරක පාලන කාලයෙන් පසු ‘ස ෆේල්’ යයි ඇතැමුන් ප්‍රකාශ කලත් සිදුව ඇත්තේ ඔහුව බලයට ගෙන ආ සිංහල බෞද්ද මතවාදයේ ෆේල් වීමක් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.‘රටේ බහුතර ජනතාවට තනි සිංහල – බෞද්ධ ආණ්ඩුවක් හදාගන්න උවමනාවක් තිබුනා. ඒ වෙනුවෙන් ඉහලම ජයග්‍රහණයක් ලබාදුන්නා. එත් එම මතවාදීමය දැක්මේ ආසාර්ථක භාවය වසරක් තුලදී සද්සුදක්සේ ඔප්පුවෙලා තියනවා’ යයි ඔහු කියා සිටියේ ඊයේ (20) මාතර පැවති ‘මාතර හමුව’ට එක්වෙමිනි.
‘මාතර සමාජය’ වෙනුවෙන් එම රැස්වීම සංවිධානය කර තිබුනේ මාතර ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකල මාතර නගර සභාවේ හිටපු නගරාධිපති උපුල් නිශාන්ත විසිනි.
gossip lanka News lanka gossip , gossip lanka gossip lanka news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
හිටපු පා.ම මංගල සමරවිර මහතා විසින් රාජ්‍යය නිලධාරින් සහ රට නොමග යැවිමට කටයුතු කර ඇති බවත්, මංගල සමරවිර අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මහනුවර දිස්ත්‍රික් හිටපු පා.ම මහින්දා නන්ද අලුත්ගමගේ මහතා රජයෙන් ඉල්ලා සිටියි.
නාවලපිටිය නගරයේ විෂබිජහරණ ලක් කිරමේ අවස්තාවට සහභාගි විමෙන් පසු මහින්දා නන්ද අලුත්ගමගේ මහතා මාධ්‍යය හමුවක් පවත්වමින් එ බැව් පැවසිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දා නන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේ.
හිටපු මුදල් අමාත්‍යය මංගල සමරවිර මහතා විසින් අප්‍රේල් මස 28 දින ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් පාර්ලිමේන්තුව විසුරුවා තියෙන අවස්තාවක ජනාධිපතිවරයාට මුදල් භාවිතා කිරිම නිති විරෝධි බවත්, එසේ භාවිතා කලහොත් අභියාචණාධිකරණය හමුවේ නඩුවක් පවරලා ජනාධිපතිවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න පුළුවන් කියලා සදහන් කරලා තියෙනවා.
මහින්ද අප්‍රේල් 18 දිනයේ බේගල් පත්‍රයක් ප්‍රකාශයට පත් කරා
මහින්ද රාජපක්ෂ රජයේ කාලයේ ණය බර මත වැඩි වූ රාජ්‍ය වියදම් හේතුවෙන් පෙන්වූ ආර්ථික වර්ධන වේගයෙන් ජනතාවට ලැබූ ප්‍රතිලාභ ඉතා අල්පයි
හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
මහින්ද රාජපක්ෂ මහතා සිය සුපුරුදු දේශපාලන බල ක්‍රීඩාවේ තවත් පියවරක් ඉදිරියට තබමින් අප්‍රේල් 18 දිනයේ බේගල් පත්‍රයක් ප්‍රකාශයට පත් කොට ඇත. එකම කාරණය සම්බන්ධයෙන් නැවත නැවත මාගේ පැරණි මිත්‍රයාට මතක් කර දීමට සිදුවීම අතිශය වේදනාකාරී වුවත්, අප රටේ මිනිසුන්ගේ ජීවිත ගැන නොතකා කරන මේ බල උමතු දේශපාලනයේ ප්‍රතිඵල ඊට වඩා ඛේදනීය සාපරාධයක් වන නිසාම මේ පිළිබඳ නැවත සිහි කැඳවන්නට කල්පනා කළෙමි.
මීට වර්ෂයකට පෙර එනම් 2019 අප්‍රේල් 21 දා මිනීමරු පාස්කු ප්‍රහාරය සිදුවූ දින මෙවැනිම නිර්ලජ්ජිත අයුරින් එවකට විපක්ෂනායක වූ මහින්ද රාජපක්ෂ මහතා පාස්කු මලමීනී මතින් දේශපාලනය කිරීමට ගත් උත්සාහය පිළිබඳව මම නැවත සිහිපත් කළ යුතු නැතැයි සිතමි.
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමෙන් මේ රටේ අක්කර ලක්ෂ ගණනක් නොව එක බිම් අඟලක් හෝ අමෙරිකාවට දෙන්නට සූදානම් බව ඔප්පු කර පෙන්නුවහොත් එක දවසක්වත් නොසිට තමා දේශපාලනයෙන් සමුගන්නා බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා අවධාරණය කෙළේය.
මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමේ එකතැනකවත් රටේ බිම් අඟලක් හෝ අහිමිවන තැනක් තිබේනම් එය පෙන්වා දෙන ලෙස විරුද්ධවාදීන්ට විවේචකයින්ට තමා අභියෝග කරන බවත් මුදල් ඇමැතිවරයා කීය. අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 480 ක් නැතිනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 86.4 ක් තරම් අතිවිශාල ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලැබීමෙන් ඇතිවන වාසි සහ එය වැළැක්වීමට විරුද්ධවාදීන් ගන්නා මුළුමනින්ම අසත්‍ය සහ ඊර්ෂ්‍යාව මත පදනම් වූ කරුණු දැක්වීම්වලට පිළිතුරු ලබාදීමේ අරමුණින් ඊයේ (06) සවස මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
ගෝඨාබය රාජපක්ෂගේ 'ගොට්ටන්' විසින් යළි ජාතිවාදී කෝලාහලයක් ඇතිකර මෙවර මැතිවරණයේදී දේශපාලන වාසි ලබාගැනීමට
උත්සහකරන බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර චෝදනා කරයි. මාතර, කිරින්ද, පුහුල්වැල්ල ප්‍රදේශයේ පසුගියදා (27) පස්වරුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එබව කියා සිටියේය.
පසුගියදා (27) සවස ඇතිවු උණුසුම්කාරි තත්ත්වය මේ වන විට සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති බව පොලිසිය සදහන් කරයි. මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව සදහා පොලිස් විශේෂ බලකායද යොදවා ඇති බව එහි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතිෆ් ප්‍රකාශ කර සිටියේය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට මීළඟ පාර්ලිමේන්තුවේ තමන්ට බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ලබාගැනීමට ජනවරම ලබාදෙන ලෙස ඉල්ලා සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එලෙස සම්මත කරගනු ලබන ව්‍යවස්ථාව යටතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර බලය විමද්‍යගත කරමින් දේශපාලන විසඳුමක් ලබාදෙන බව පවසයි.
නව ව්‍යවස්ථාව සම්මත කරගන්න නොහැකිවූ කාරනය!
නව ව්‍යවස්ථාව ගෙන ඒමට වත්මන් ආණ්ඩුව පසුගිය කාලය තුළ පියවර ගණනාවක් ගත්ත ද ආණ්ඩුවට බහුතරයක් නොමැතිවීම නිසා ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට නොහැකි වූ බව වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවකට මුදල් ඇමති මංගල සමරවීර මහතා විරෝධය පළකර තිබේ.
මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය නව ගොඩනැගිල්ලකට ගෙන සඳහා රුපියල් මිලියන 364 ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ලෙසයි.
gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
_____________________________________________________________________________________


















