Advertisement

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනබලවේග පක්ෂයේ ප්‍රබලයෙකු එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීම සඳහා පණිවිඩයක් එවා තිබේ.

ඒ අනුව රනිල් වික‍්‍රමසිංහ මහතා වෙනුවෙන් එජාප උප නායක රවී කරුණානායක මහතා අදාළ ප්‍රබලයා සමග සාකච්චා කර ඇත.
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන එක්සත් ජාතික පෙරමුණ ප‍්‍රධාන නව සන්ධානය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් එක්වන බව පාලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා.
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ නගරයෙන් ආරම්භ කිරීමට සුදානම් රැස්වීම් මාලාව අත්හිටුවා තිබෙනවා.
එහි පළමු රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණේ නුගේගොඩ නගරයේදීයි.
විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව සන්ධානයක් පිහිටුවා ඉදිරි මහමැතිවරණයට තරග වැදීම අරමුණු කරගෙන ලබන බ්‍රහස්පතින්දා (23) දින‌ සිට රට පුරා දැවැන්ත රැස්වීම් මාලාවක් සංවිධාන කිරීමට සජිත් පාර්ශ්වය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව එහි පළමු රැස්වීම නුගේගොඩ නගර මධ්‍යයේ පැවැත්වීමට නියමිතයි.
ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ජනපති ‌මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස යන මහත්වරුන් ‌කොළඹ හිල්ටන් ‌හෝටලෙයේ සාකච්ජාවක නිරතව සිට තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලොකු කැපෑසිටි එකක් නැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

ජනාවාරි 03 වැනිදා පැවැති 8 වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සැසිවාරය විවෘත කිරීමේ අවස්ථාව මෙරට පාර්ලිමේන්තුවේ ඉතිහාසය වෙනස් කළ සිද්ධියක් විය.

ඊට ප්‍රධානතම හේතුව වූයේ ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ සරල බවයි.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා අතට පත් වීම වැළැක්වීම සඳහා වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක කරු ජයසුරිය මහතා කටයුතු කරමින් සිටින බව සජිත් පාර්ශවය චෝදනා කරයි.
කකුල් මාට්ටු, බාධක සමඟ මේ ගමන යාමට තමන් සූදානම් නොමැති බවත් එක්සත් ජාතික පාක්ෂිකයින්ට තීන්දු තීරණ ගැනීමේ අවස්ථාව එළඹ ඇති බවත් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 
සජිත් ගොඩ දෑමේ සටන තලවතු ගොඩ සුපිරි හෝටලයේද සැලසුම් කෙරේ.

සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු කල්ලිය මේවන විට තලවතුගොඩ සුපිරි හෝටලයකට එකතුවී ඇති බව ගොසිප්99 වෙත වාර්තාවේ.
එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට විපක්‍ෂනායක ධුරයට අමතරව අගමැති අපේක්‍ෂක ධුරය ලබාදී තිබෙන බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා ඊයේ (15දා) පැවසීය.
එක්සත් ජාතික පක්‍ෂයේ පරාජිත ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා අද සිට රට වටා ජනහමු පැවැත්වීමට තීරණය කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තම නායකත්වය 2023 වසර දක්වාම එම පක්ෂයට ලබා දෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව නායකත්වය පත් කිරීමට නියමිතව ඇත්තේ වසර පහකට වතාවකි.
ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ සහය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ලැබීමත් සමඟ පොදුජන පෙරමුණ පාර්ශවය දැඩි අර්බුදයකට පත්ව ඇති බව වාර්තා වෙයි.

ඒ මෙතෙක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ අතර පැවති කරට කර තරගය වෙනස්ව සජිත් ප්‍රේමදාස ඉදිරියට පැමිණ ඇති බවට ලැබී ඇති නවතම මැතිවරණ සමීක්ෂණ වාර්තා නිසයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ගෝඨාභය රාජපක්ෂට සහය දක්වන්න ගාල්ල කරාපිටියේ පසුගියදා සංවිධානය කර තිබූ ජන හමුවෙන් පසුව පොදුජන පෙරමුණේ නායකයන් රාත්‍රී ආහාරය සඳහා රමේෂ් පතිරණ මන්ත්‍රීවරයාගේ නිවසේදී රැස්ව තිබේ.
පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්‍ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

2019 ඔක්තෝම්බර් 17 වෙනි දා මාධ්‍ය හමුවක් පවත්වමින් සුජීව සේනසිංහ මැතිතුමා හරි අපූරු ප්‍රකාශයක් කළා. ඒ තමයි සජිත් මැතිතුමා දූෂණයකට සම්බන්ධ බවට ඔප්පු කරන්න අවශ්‍ය නෑ තොරතුරක් හමු වුණොත් මම දේශපාලනයෙන් ඉවත් වෙනවා.

2015 ජනවාරි 15 වන දා සිට 2018 දෙසැම්බර් 31 වන දින දක්වා රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන වංචා දූෂණ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාරතාවේ අවසන් වෙළුමේ පළමු කාණ්ඩයේ පිටු 186 සිට 203 දක්වා වෙන් කර තිබෙන්නේ සජිත් මැතිතුමාගේ දූෂණ ගැන කතා කරන්නයි. සාක්ෂි සහිතව ඔප්පු කරන්නයි.
බිම් මට්ටමේ සිටන දේශපාලඥයින් ලෙස ගමේ ජනතාවගේ කැමැත්ත සජිත් මහතාට බවත් ඒ සම්බන්ධව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් දැනුවත් කලද එය නොසලකා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්විමට ගොස් හූ හඬ කැමට සිදුවු නිසා තම පක්ෂයේ වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් ශ්‍රිලනිප, උඩුනුවර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති හා මන්ත්‍රී බන්දුල සෙනවිරත්න මහතා ඇතුළු ශ්‍රිලනිප ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දීමට තීරණය කර ඇත.

මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක,උඩුනුවර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති හා මන්ත්‍රී බන්දුල සෙනවිරත්න මහතා මෙසේ පැවැසුවේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දිම සදහා පේරාදෙණියේදි පැවැති මාධ්‍ය හමුවකදිය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2017 වසරේ මැයි දින රැළිය පැවැත්වූයේ කොළඹ ගාලුමුවදොර ක්‍රීඩාංගනයේදීය. ඒ සඳහා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් විශාල ප්‍රමාණයක් සහභාගි විය. පොදුජන පෙරමුණ ප්‍රකාශ කළේ එය මෙරට ඉතිහාසයේ පැවති දැවැන්තම දේශපාලන රැළිය බවයි.

එම සාර්ථක දේශපාලන රැළිය පිටුපස සිටියේ බැසිල් රාජපක්ෂ මහතාය. ඒ බව හොඳින්ම පෙනුනේ ඉන්පසු බැසිල් නොමැතිව නාමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පොදුජන පෙරමුණ සංවිධානය කළ කොළඹ වැටලීමේ මෙහෙයුම සම්පූර්ණ අසාර්ථක වීම හේතුවෙනි.
දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ රැස්වීමකින් මෙතෙක් තීරණයක් ගනු නොලැබුවත් ජනාධිපතිවරණයේදී පක්ෂයේ සහාය ලැබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඊ. සරවනබවන් මහතා පෙරේදා (05දා) යාපනයේදී මාධ්‍යවේදීන්ට පැවැසීය. 

සරවනබවන් මන්ත්‍රිවරයා කියා සිටින්නේ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සියලුම අපේක්ෂකයන් හමුවීමත් ඔවුන් උතුරු නැඟෙනහිර අර්බුදය විසඳීම සඳහා ඉදිරිපත් කරනු ලබන විසඳුම් කෙරෙහි අවධානය යොමු කිරීමත් යන සියලුම කරුණු දෙමළ ජාතික සන්ධානය අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වන බවයි. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සන්ධාන ගත වීමට සකස් කරන ලද අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙක් විරෝධය පළ කර තිබෙන බව බව ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල සිල්වා සදහන් කර තිබෙනවා. බදුල්ල දිස්ත‍්‍රික් පලාත් පාලන මන්ත‍්‍රීන් හා ආධාරකරුවන් සමග සිදු කල සාකච්චාවකදී ඔහු මේ පිළිබඳව බව පවසා තිබේ.
එක්සත් ජාතික පෙරමුණු ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් කිරීමට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ එකඟත්වය ලබා දී ඇතැයි වාර්තා වේ.

ඒ එජාප අපෙක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් අද (26) උදෑසන ආරම්භ වූ විශේෂ සාකච්ඡාවේදී ය. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගි වී සිටිති.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements