Advertisement

සිඳිත මඬිත පිපෙනා මල්
ආචාර්ය නන්දා මාලිනියන්ගේ නවතම ගීතය එළි දකියි

එදා ඉඳන් අද වෙනකන් පවතින සිංදු අහන අයට හොඳ ආරංචියක් අපිට දකින්න ලැබුණා. අපේ ගීත ලොවේ ඉහළින්ම ඉන්න යුගයේ කාන්තාව, නන්දා මාලිනී කාලෙකට පස්සේ ගීත‍යක් ගායනා කරලා. දරුවන් වෙනුවෙන් ඕනෑම වේදනාවක් දරා ගන්න කාන්තාවන්ට ශක්තියක් දෙන්න පුළුවන් ගීතයක් ගායනා කිරීමට නන්දා මාලිනිය හැර වෙන කිසිවෙක් නැති තරම්. ඒක මේ ගීතය ලියපු රචකයාත් කියලා තිබෙනවා අපි දැක්කා.
සම්බුදු තෙමගුල සිහිපත් කරන
වෙසක් පොහොය දිනය අදයි
වෙසක් ‌‌‌පොහොය දිනයේ වැදගත්කම 
ඔබ සැමට පිංබර සුභ වෙසගක් වේවා..! 

දීපංකර සම්බුදුරජාණන් වහන්සේ රඹගම් නුවරට වැඩමවද්දි අෂ්ට සමාපත්ති උපදවාගෙන සිටි අප මහා බෝසතාණන් වහන්සේ සාදා නිමකිරීමට නොහැකි වූ මහමඟ බිම ඒ දණ්ඩක් බවට පත්කර සිට ඒ බුදුරජුන්ට මලින් පිදූහ. දිවැස් යොමු කළ උන්වහන්සේ ඒ සුමේධ තාපසයාණන් අනාගතයෙහි ගෞතම නමින් බුද්ධත්වයට පත් වන බව නියම කොට ප්‍රථමවරට නියත විවරණ දෙන ලද්දේ වෙසක් පුන් පොහෝ දිනයකය. දසපාරමී ධර්මයන් සම්පූර්ණ කළ බෝසතාණෝ දඹදිව කපිල වස්තු නම් නුවර පාලනය වන විට සුද්ධෝදන රජතුමාගේ අගබිසව වූ මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්හ. දස මසක් ඇවෑමෙන් ඒ බෝසතාණන් ලුම්බිණි සල් උයනේ දී මව්කුසින් බිහි වූයේ උතුම් වූ වෙසක් පුන් පොහෝ දිනකය.

වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයකල පළමු අවස්ථාව මෙය නොවෙයි.

2016 දී ද ඔහු මෙරටට පැමිණිලා.


වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා වත්මන් සංචාරයේ නිරත වන්නේ ජනාධිපති ධුරයෙන් ඔහුගේ පළමු ශ්‍රී ලංකා ගමන වශයෙනි. කෙසේ වෙතත්, මෙය ටෝ ලාම් මහතාගේ සමස්ත ශ්‍රී ලංකාවට වන පළමු නිල සංචාරය නොවන බව ඓතිහාසික වාර්තා පෙන්වා දෙයි.

2016 ඔක්තෝම්බර් මස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පැමිණීම

2016 ඔක්තෝම්බර් මාසයේදී, එවකට වියට්නාමයේ මහජන ආරක්ෂක අමාත්‍යවරයාව සිටි ටෝ ලාම් මහතා, ශ්‍රී ලංකා රජයේ නිල ආරාධනයක් මත මෙරටට පැමිණියේය. එහිදී ඔහු එවකට ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සාගල රත්නායක මහතා හමුවී වැදගත් සාකච්ඡා පැවත්වා ඇති බව වියට්නාම CAND පුවත්සේවය පවසයි.
ඩිජිටල් හැඳුනුම්පත බ්ලැක් ලිස්ට් සමාගමකට දෙන්න යයි. 
ටෙන්ඩර් කැදවීමත්, ලංසු ගැනීමත් ඉන්දියාවෙන් 

කොළඹ, අප්‍රේල් 29 – ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වාදීම සම්බන්ධයෙන් කිසිදු විරෝධතාවක් නොමැති බවත්, නමුත් ඩිජිටල්කරණයට මුවාවී මෙරට ජනතාවගේ අතිශය සංවේදී ජෛවමිතික දත්ත ඉන්දියානු සමාගමකට ලබාදීමට තමන් දැඩි විරෝධය පළ කරන බවත් ජන අරගල සන්ධානයේ විධායක කමිටු සාමාජික වසන්ත මුදලිගේ පවසයි

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මන්ත්‍රීවරයා පැවසුවේ,


"ඩිජිටල් හැඳුනුම්පතක් සම්බන්ධයෙන් අපිට විරෝධයක් නෑ. නමුත් ඩිජිටල්කරණයට මුවා වෙලා ඔබේ කළු ඉංගිරියාව, අතේ ඇඟිලි සලකුණු වගේ අතිශයින්ම සංවේදී ජෛවමිතික දත්ත එකතු කරලා ඒක ඉන්දියානු සමාගමකට ලබාදීම සම්බන්ධව තමයි අපි මේ බරපතළ විවේචනය පහුගිය කාලෙම ගෙනාවේ."

එතුමා වැඩිදුරටත් පෙන්වා දෙමින් කියා සිටියේ, ජනාධිපතිතුමාගේ ඉන්දීය සංචාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ ඩිජිටල් හැඳුනුම්පත සැකසීම සඳහා ඉන්දියානු සමාගමක් තෝරාගැනීමට ටෙන්ඩර් කැඳවා ඇති බවයි.

ටෙන්ඩර් ක්‍රියාවලිය පිළිබඳව චෝදනා

මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එතුමා පැවසුවේ,

"මේක කරලා තියෙන්නේ 2025 ඔක්තෝබර් මාසයේදී. ඔක්තෝබර් මාසයේදී ටෙන්ඩර් එක අවසන් කරනවා. නොවැම්බර් මාසයේදී ටෙන්ඩරය පිරිනමනවා. ඒ එකඟතාව මත ටෙන්ඩර් විවෘත කිරීමක් කරා ඉන්දියාවේ ආයතන පහක් ටෙන්ඩරය යොමු කරනවා. මාර්තු මාසයේ 13 ප්‍රසිද්ධියට පත්කරන ලේඛනයේ තියෙනවා සමාගම් හයක්. හයවැනි සමාගම මේ ටෙන්ඩරය අතරතුර කල් ඇදලා ඇතුළට ඔබාගත්ත සමාගමයි. මේක තමයි ගෝඨභය රාජපක්ෂ ඩිජිටල් හැඳුනුම්පතට අදාළව ටෙන්ඩර් කැඳෙව්වට පස්සේ ඒකෙන් අසාදුගත වූ සමාගම."

දැන් එම සමාගමට ටෙන්ඩරය ලබාදීමට කටයුතු කරන බවද, ටෙන්ඩර් කැඳවීම, ලංසු ඇගයීම සහ මෘදුකාංග සැපයීම යන සියල්ලම ඉන්දියාව මගින් සිදුකරන බවද ඔහු අවධාරණය කළේය.

ඉන්දීය ණය ආධාරය සම්බන්ධයෙන් ප්‍රතිචාරය

රුපියල් බිලියන දාහක ඉන්දීය ණය ආධාරය හේතුවෙන් මෙම කටයුත්ත ඉන්දියාවට පිරිනැමීමට සිදුවූ බවට රජයේ ප්‍රකාශයන් පිළිබඳව අදහස් දක්වමින් එතුමා පැවසුවේ මෙය බරපතල ජාතික ආරක්ෂක ප්‍රශ්නයක් බවයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය එරංග වීරරත්නගේ ප්‍රකාශ ගැන විවේචනය

මෙහිදී හිටපු රාජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පිළිබඳවද අදහස් දැක්වූ එතුමා,
රනිල්ට ආරාධනා කළේ අපි!
වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය CIDයට කියයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2023 වසරේ University of Wolverhampton හි උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වන ලෙස ආරාධනා කර තිබූ බවත්, එහිදී ඔහුගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහට ගෞරව මහාචාර්ය පදවියක් පිරිනමන ලද බවත් එම විශ්වවිද්‍යාලය Criminal Investigation Department (Sri Lanka) වෙත දැනුම් දී ඇති බව ‘Sunday Times’ පුවත්පත වාර්තා කරයි.

මෙම තොරතුරු ලබාදී ඇත්තේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගයකට අනුව CIDය කළ විමසුමකට ප්‍රතිචාර වශයෙන් බව සඳහන් වේ. එසේම, අදාළ විශ්වවිද්‍යාලය රාජ්‍ය අරමුදල් ලබන රජයට අනුබද්ධ ආයතනයක් බවද එහි උපකුලපතිවරයා CID අධ්‍යක්ෂවරයාට දන්වා තිබේ.
ගිය මාසේ තෙල් ලීටර් 40ක් ගැහුවා නම් මේ මාසේ 30ට අඩු කරන්න

“ජනතාවම තෙල් භාවිතය අඩු කරන්නවානම් QR ඕන නෑ…


ජනතාව ස්වයංව ඉන්ධන පරිභෝජනය අඩුකරගන්නේ නම් QR පද්ධතියක් හඳුන්වාදීමේ අවශ්‍යතාවක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

ඔහු සඳහන් කළේ අනවශ්‍ය ගමන් බිමන් සීමා කිරීම, විදුලි පරිභෝජනය අවම කිරීම සහ පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීම මගින් ජනතාවට ඉන්ධන භාවිතය අඩුකරගැනීමට හැකි බවයි.
ශ්‍රී ලංකා රග්බි සංගමය ඇතුළේ අර්බුදයක්?

තීරණ කිහිපයක් ගැන දැඩි චෝදනා


Sri Lanka Rugby යටතේ පාලනය වන ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව අද වන විට බරපතල ගැටලු රැසකට මුහුණ දෙමින් පවතින බව ක්‍රීඩා ලෝකයේ විවිධ පාර්ශ්ව පෙන්වා දෙයි.

සංගමයේ සභාපති පවිත්‍ර ප්‍රනාන්දු විසින් ගනු ලබන ඇතැම් තීරණ ක්‍රීඩාවේ සමස්ත සංවර්ධනයට වඩා සමාජ කණ්ඩායම් කිහිපයකට වාසිදායක වන බවටද විවේචන එල්ල වෙමින් පවතී.

විනිසුරුවන්ගේ කටයුතු, තරඟ සංවිධානය සහ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද ගැටලු රැසක් මතුව ඇති අතර, ගම් මට්ටමේ සිට පළාත් මට්ටම දක්වා ක්‍රීඩාව සංවර්ධනය කිරීම වෙනුවට ජාත්‍යන්තර බලපෑම් සහ පෞද්ගලික බලය වෙත වැඩි අවධානයක් යොමු වී ඇති බවටද චෝදනා පවතී.
මීමුරේ ගංවතුර සහනාධාර සියලු චෝදනා පූඡ්‍ය පඤ්ඤාරතන හිමි ප්‍රතික්ෂේප කරයි. 
දේශපාලන ප්‍රතිවාදී කතාවක් පිටුපස සැඟවුණු සත්‍යය කුමක්ද?

මීමුරේ ගංවතුර ව්‍යසනය සම්බන්ධයෙන් මාර්ගගත වෙබ් අඩවියක් වන ‘ගොසිප්99’ මගින් පළ කරන ලද පුවතක් දැඩි මතභේදයක් ඇති කර තිබේ. එම පුවතෙන් මීමුරේ ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය හේනේගෙදර පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේට එරෙහිව ගංවතුර සහනාධාර මුදල් ගැටලුවක් සහ අධි සංවේදී පරිසර කලාපයක වසා ඇති මාර්ගයක්වන තංගප්පුව හරහා මීමුරේට ඇති මාර්ගය විවෘත කිරීමට කටයුතු කිරීම සම්බන්දයෙන් චෝදනා එල්ලවිය.

කෙසේ වෙතත්, එම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර සිටිති.ඒ ආරණ්‍ය සේනාසනය නමින් ඇති ෆේස්බුක් පිටුවට වීඩියෝවක් එක්කරමිනි.

එය වටහා ගත් අප, සිදුවීම පිළිබඳව ගොසිප්99 අප  විසින් සිදු කළ වැඩිදුර සොයාබැලීමේදී හෙළිදරව් වී ඇත්තේ මෙම චෝදනා පිටුපස සංකීර්ණ දේශපාලනික පසුබිමක් ඇති බවකි. පිලිතුරු දීමේ අයිතිය වෙනුවෙන් අප උන්වහන්සේගේ පිලිතුරටද ඉඩක් වෙන්කෙරිනි.

‘ගොසිප්99’ පුවත කුමක්ද?

තානාපති සේවයට දේශපාලන පත්කිරීම්
විදේශ සේවාවෙන් දැඩි විරෝධය

විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල වලට දේශපාලන පත්කිරීම් සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සිය දැඩි කනස්සල්ල පල කරයි.

මේ බව සඳහන් කරමින් ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

විදේශයක් සිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට කරන දේශපාලන පකීම පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සිය දැඩි කනස්සල්ල පළ කරයි.
ඌව පළාත් හිටපු මහ ඇමති SM රංජිත්ට වසර 16ක සිර දඩුවම් නියම වෙයි

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනු කර තිබූ චෝදනා වලට වරදකරු කළ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම කළේය.
ගුවන් හමුදා යානයක් කඩා වැටේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් මීට ටික වේලාවකට පෙර වාරියපොල ප්‍රදේශයට කඩා වැටී තිබේ. 
දේශබන්දු බැලන්ස් කරන්න ක්‍රිකට් සභාපති ෂම්මි මාසිකව තටු පුදලා 
පාර්ලිමේන්තුවේදී හෙලි වෙයි..

පසුගිය වසරවලදී නොමිලේ ඉන්ධන වලට අමතරව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් 150,000 ක මාසික වැටුපක් ලබාගෙන ඇති බවට චෝදනා කරන විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ, ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස පසුගියදා (18) රජයෙන් ඉල්ලා සිටියේය.

දේශබන්දු ඉන්නේ ටිරාන්ගෙ ගෙදර?

දිගු කාලයක් තිස්සේ පුවත් මවන චරිතයක් ලෙස හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හැදින්නවිය හැක. එහිදී ඔහුව සගවා සිටින්නේ හිටපු අමාත්‍ය ටිරාන් අලස් බව සමාජ්‍ය මාධ්‍ය තුල තොරතුරු හුවමාරු වුනා. එහි දැක්වූයේ ටිරාන් සහ දේශබන්දු අතර හොද මිත්‍රත්වයක් ඇති බවත් ආණ්ඩුවේ ප්‍රභලයන් ටිරනේගේ අනට කීකරු බවත්ය.

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩමවීම

නන්ද කුමරුන් ගේ පැවිද්ද
යසෝධරාවගේ ගෞරවය
රහල් කුමරුන්ගේ පැවිද්ද

මැදින පොහොය දිනයේ වැදගත්කම

හේමන්ත සෘතුවේ පුර පසළොස්වක් පොහෝ දිනය සම්බුද්ධ චරිතාපදානය පිළිබඳ අසිරිමත් සිද්ධියක් සිහියට නංවන මංගල දිනයකි. ලොකාර්ථචයාවෙහි යෙදුණු භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් පමණ ආර්යය මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන පිය රජතුමාටත් ස්වකීය ඥාතීන් වූ ශාක්‍ය වංශිකයන්ටත් අමා මහ නිවන් සුව ලබා දෙනු වස් රජගහ නුවර වේළුවනාරාමයෙහි සිට කිඹුල්වත් පුරයට වැඩම වීමට ගමනාරම්භය සිදුවූයේ මැදින් පුන් පොහෝ දිනයක ය.

ලෝකාභිවෘද්ධිය සැලසීමෙහි යෙදුණු බුදුරජාණන් වහන්සේගේ කීර්තිඝෝෂය දඹදිව නොයෙක් ප්‍රදේශවල පැතිරෙන්නට විය. සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේ වෙසක් පොහෝදා බුදුවී ඇසළ පුනු පොහෝදා දම්සක් පවත්වා රජගහ නුවර වෙසෙති යන මංගල පුවත ශාක්‍ය ජනපදයට ද ආරංචි විය. සුද්ධෝදන රජතුමා හට ස්වකීය පුත්‍ර රත්නය දැකීමේ ආශාව බලවත් විය.
රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ භාවිතා කරන විජේරාම නිල නිවස සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අද වෙළද පොළට නිකුත්ව තිබෙන ඩේලි මිරර් පුවත්පත පළකර තිබේ.

පුවත්පත මෙම වාර්තාව පළ කර තිබෙන්නේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගන්නා ලද තොරතුරු මත පදනම්ව යි.
වෛද්‍යවරියව දූෂණය කළ සැකකරු අල්ලයි 
සැකකරු ගැන සියල්ල හෙළිවෙයි  
චීවරධාරියෙක් ලෙසත් ඉදලා

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ අනන්‍යතාවය මේ වනවිට තහවුරු වී තිබේ.

කිරිබණ්ඩලාගේ නිලන්ත මධුරංග රත්නායක නොහොත් කිරිබණ්ඩලාගේ නිලන්ත මධුර රත්නායක වන සැකකරු ගල්නෑව, නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ සැකකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට පෙරේදා දිනයේ නිදහස ලබා පැමිණ ඇතැයි ද වාර්තා වේ.
විදුලි කප්පාදු කාල සටහනක් එයි 

ඉදිරි දින කිහිපයක් සඳහා විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය සැලසුම් කර ඇත.

ඊට අදාළ කාලසටහනක් අද දිනය තුළ ප්‍රකාශයට පත් කරනු ඇත.

කලාප වශයෙන් වේලාවන් වෙන්කර මෙම විදුලි කප්පාදුව සිදු කෙරේ.

උපන් දින දෙකේ මිනිසා.

මිනිසෙකු එකම වසරක දෙවරක් උපත ලබා ඇතැයි ඔබ පිලිගන්නේ ද? 

1979 දී ඒ අසිරිමත් උපත සිදුවිය. අළුත්ගම කළුවාමෝදර ගමේ ජුවන් ද සිල්වා කංකානම්ගේ ශීලා ප්‍රේමකාන්ති මවට දාව 1979 අගෝස්තු 07 වන දා වෙඩික්කාර රුවන් සුජීව ද සිල්වා නමින් ඒ උපත සිදුවිය. 

කිසිවෙකු විශ්වාස නොකරන නමුත් එම මවට යලිත් 1979 වසරේ දී ඔක්තෝබර් 07 වන දින රුවන් සුජීව ද සිල්වා වෙඩික්කාර නමින් ඔහුගේ දෙවන උපත සිදුවිය. 

මන්ත්‍රී වැටුප් අහෝසි කරන්න රවිගෙන් මැති සබයට යෝජනාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කළ යුතු බවට පත් කළ මන්ත්‍රී රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවට අද (07දා) පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළේය.
ඉන්දීය ඇල්ටෝ ලංකාවට එන මිල මෙන්න

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ හැට පහක් පමණ වනු ඇති බව ලංකා වාහන අානයන කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements