අසූචි පොහොර නැවට මහජන බැංකුව චීනයට අද මුදල් ගෙවයි - ගාන ඩොලර් මිලියන 6.9ක්
China
,
gossip
,
gossip lanka
,
gossipmain
,
hot news
,
News
අසූචි පොහොර නැවට මහජන බැංකුව චීනයට අද මුදල් ගෙවයි - ඩොලර් මිලියන ඩොලර් මිලියන 6.9ක්
ණයවර ලිපියට අනුව චීන පොහොර සමාගමට ඩොලර් මිලියන 6.9 ක මුදලක් ගෙවන බව මහජන බැංකුව පවසනවා. එහි සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා පැවසුවේ අද (07) දිනයේදී එම මුදල ගෙවීමට කටයුතු කරන බවයි.
චීනයෙන් ආනයනය කිරීමට නියමිත කාබනික පොහොර සාම්පලවල තිබී අහිතකර ක්ෂුද්‍රජීවීන් අවස්ථා දෙකකදී හඳුනාගැනීමත් සමඟ චීනයෙන් කාබනික පොහොර ගෙන්වීම නතර කිරීමට රජය තීරණය කරනු ලැබුවා.
මහජන බැංකුව සදහන් කරන්නේ කොළඹ වාණිජ මහාධිකරණය මගින් පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කිරිම හේතුවෙන් අදාළ නෞකාව අයත් සමගමට එම මුදල ගෙවීමට තීරණය කළ බවයි.

















