Advertisement


කොරෝනා මෘත දේහයන් ආදාහනය කිරීමට තීරණය කිරීම ආණ්ඩුවේ තිරිසන් හා කාලකන්නි තීන්දුවක් බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

කොරෝනාවෛරසය ලොව පුරා පැතිරයෑමට පටන් ගනිද්දී ගුවන්තොටුපොළ වසා දැමීමට ක්‍රියාකළේ නම් දූපතක් වන අපේ රටට කොරෝනාවෛරසය ඇතුළුවීම වළක්වා ගැනීමට හැකියාව තිබූ බව හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (10දා) විපක්‍ෂ නායක කාර්යාලයේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී කියා සිටියේ ය.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මුණගැසීම සඳහා කොරෝනා ආසාදිතයෙක් පැමිණ ඇති බවත් ඒ නිසා ඔහුටද කොරෝනා වැළඳී ඇති බවටත් සමාජ ජාලයන්හි පුවත් පළ වෙයි.
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව අද (30දා) සිට රිමාන්ඩ් භාරයට පත්කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

සේනාරත්න මහතා රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
ලංකා හොස්පිටල්හි ප්‍රතිකාර ලබමින් සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (29)  පස්වරුවේදී එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
පෞද්ගලික රෝහලකදි ප්‍රතිකාර ගනිමින් සිටියදි අද ( 29) දිනයේ බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙස නියෝග කර තිබුණද ඔහුව අද හවස වන තුරුත් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර නොමැත.
හිටපු ඇමති රාජිත සේනාරත්න ඉතා ඉක්මනින් බන්ධනාගාර රෝහල වෙත මාරු කිරීමට කටයුතු සූදානම් වෙමින් තිබේ.

ඔහුට වැදලී ඇති ආතතිය, කම්පනය සහ රුධිර පීඩනය මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.

හිටපු ඇමතිවරයා වෛද්‍ය ප‍්‍රතිකාර සදහා සිංගප්පූරුවට ගෙන යාම සඳහා තිබූ සැලසුම මේ වන විට සහමුලින්ම අතහැර දැමීමට සිදුවී තිබේ.

ඊට හේතුවී ඇත්තේ ඒ සඳහා කිසිදු වෛද්‍යවරයෙක් මේ වනතෙක් නිර්දේශ ලබා නොදීමයි.

දැනට නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සිටී.
නාරාහේන්පිට ලංකා හොස්පිටල්හි ප්‍රතිකාර ලබමින් සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටියි.
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද පස්වරුවේ නාරාහේන්පිට ලංකා හොස්පිටල් වෙත ඇතුළත් කර තිබේ. 

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මේ වනවිට සිය නිවසේ ද නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පවසයි. කොළඹ සහ කළුතර පිහිටි ඒ මහතාගේ නිවෙස් වෙත පසුගියදා (24දා) ගිය සීඅයිඩී නිලධාරීන්ට එම නිවෙස්හි සිටි පුද්ගලයින් පවසා ඇත්තේ හිටපු ඇමැතිවරයා මෙම කිසිම නිවසකට මේ දක්වා නොපැමිණි බවය.
සුදු වෑන් මගින් පුද්ගලයන් පැහැරගෙන යෑම, වධහිංසා පැමිණවීම, අතුරුදන් කිරීම, අයුතු සහගත සිරකර තැබීම, සොරකම් කිරීම, තොරතුරු ඕනෑකමින් නොදීම, සැකකරුවන්ට නවාතැන් දීම ආදිය පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවකදී කරන ලද අනාවරණය සම්බන්ධයෙන්
සැකකරුවකු ලෙස හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙණිය මහතා ඊයේ (24දා) වරෙන්තු නිකුත් කළේය.
හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා විසින් රහස් පොලිසියට දැනුම්දී තිබේ.

ජනාධිපතිවරණයට පෙර පැවැත්වූ ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් ඒ මහතා මෙසේ අත්අඩංගුවට ගන්නැයි දැනුම්දී ඇත.

රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක්ද නිකුත් කර ඇත.

තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස සේනාරත්න මහතා අධිකරණයෙන් කර තිබූ පෙර ඇප ඉල්ලීම සම්බන්ධ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ එළැඹෙන 30 වැනිදාය.
තමා අත්අඩංගුවට නොගන්නැයි රහස් පොලිසියට නියෝග කරන ලෙස ඉල්ලමින් හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් ඉල්ලා තිබූ පෙර ඇප ඉල්ලුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
සිංහලේ සංවිදානය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මලිත් විජේනායකට පසු රාජිත සේනාරත්න සොයා රහස් පොලිසිය පරීක්ෂණ අරභයි..

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා (14) හිටපු අමාත්‍ය රජිත සේනාරත්නගේ හිටපු මාධ්‍ය ලේකම් මලිත් විජේනායක සොයා පරීක්ෂණ අරභා ඇත . විජේනායක මේ වනවිටත් නිවසෙන් පැනගොස් අවසානය .


සජිත් ප්‍රේමදාස මහතා වටා සිටින පිරිස විසින් ඔහුව මේ ජනාධිපතිවරණ තරගයට ඇද දැමීම ඉක්මන් වැඩි ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 

සජිත් ප්‍රේමදාස යනු දේශපාලනිකව එතරම් තැළී පොඩිවුණු පුද්ගලයකු නොවනවා මෙන්ම ඔහු මෙතෙක් කලක්ම සිය හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ සුබසාධන කටයුතුවල යෙදී සිටියා විනා ජාතික තලයේ දේශපාලනයක් නොකළ බවත් සේනාරත්න මහතා සිහිපත් කළේය. 
සෞඛ්‍ය,පෝෂණ හා දේශීය ‌වෛද්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දොස්තර රාජිත සේනාරත්න මහතා රජය විසින් තමන්ට නිකුත් කර තිබූ රුපියල් ලක්ෂ 06ක් වටිනා ඉන්ධන කූපන් පත් යළි සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදෙමින් අමාත්‍යධූරයෙන් අද දින (21) සමුගත්තේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිය කාර්යාලයේ පැවැති උත්සවයකින් පසු හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මියට එම ඉන්ධන කූපන්පත් භාරදෙන ලදි.
රාජපක්ෂ සමයේ සිදුවූ ඝාතන සහ පැහැරගැනීම්වලට යුක්තිය ඉටුකිරීම සඳහා විශේෂ පරීක්ෂණ පැවැත්විය යුතු බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසා තිබේ. මාධ්‍ය හමුවක් අමතමින් රාජිත සේනාරත්න පැවසුවේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ පැහැරගැනීම් සම්බන්ධයෙන් මෙලෙස පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.

2015 ජනාධිපතිවරණයේ පොරොන්දු වූ පරිදි මෙම ඝාතන සහ පැහැරගැනීම් ගැන පරීක්ෂණ පැවැත්වීමට අදාළ කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව රාජිත සේනාරත්න පවසා තිබේ.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි සතියේ දී ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වනු ඇති බව ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජාතික හැදුනුම්පත් දෙකක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් පරීක්ෂණ කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සදහා ඉදිරියෙන්ම සිටින්නේ අැමති සජිත් ප්‍රේමදාස මහතා බව ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහුගේ පියා වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ සංකල්පය ඉදිරියට ගෙන යාමට සජිත් ප්‍රේමදාස මහතා ද කටයුතු කරමින් සිටින බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
බෝම්බ ප‍්‍රහාර මාලාවක් එල්ල වන බවත් ඒවා සිදුවන ස්ථාන හා ඒවාට සම්බන්ධ වන අයගේ නම් පවා දැනුම් දී තිබියදී රටේ ආරක්‍ෂාව තහවුරු කිරීමට අපොහොසත් වූ වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වහාම ඉල්ලා අස්විය යුතු බවට ඊයේ (22 දා) රැුස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛi ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements