Advertisement

ජොන්ස්ටන්ගේ ලග තිබූ රථය එංගලන්තයේ සොරකමට ලක්වූ එකක්- අධිකරණයේදී හෙලි වෙයි.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ළඟ තබාගත් බව සඳහන් ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථය එංගලන්තයේදී සොරකමකට ලක්වූ එකක් බව අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා. 

අදාළ BMW මෝටර් රථයේ චැසි අංකය ජාත්‍යන්තර පොලීසියේ දත්ත පද්ධතිය ඔස්සේ පරීක්ෂාවට ලක් කිරීමේදී මෙය 2021 වසරේ එංගලන්තයෙන් සොරකම් කරන ලද මෝටර් රථයක් බව අනාවරණය වූ බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත්තේ.

ජොන්ස්ටන් අත්තඩංගුවට 

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපි 5000 සහන පැකේජ ජනතාවට දුන්නා ඒකෙන් රටේ ආර්ථිකය වැටිල නෑ කියලා ඔප්පු වෙනවා

රජයට සහන පැකේඡ ජනතාව වෙත ලබා දීමට හැකි නම් රටේ ආර්ථිකය කඩා වැටීමක් නැතැයි ඔප්පු වන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

රජයේ සේවකයන්ට රු. 5000 ලබා දීම ඉතාමත් සැලසුම් සහගතව කළ දෙයක්. මේවා ගැන කලින් අණබෙර ගහන්නේ නැහැ .

නියමිත වේලාවට ඒ දේවල් කරනවා. විපක්ෂය එය සෑම විටම මේ රටේ ජනතාව නොමග යවන්න උත්සාහ කරනවා .

පක්ෂය මේ වෙද්දි කරපු කියපු කියපුවා සියල්ල බොරු වෙලා තිබෙනවා . ඔවුන් දන්නේ පුස් වෙඩි තියන්න විතරයි.


වෙළඳුන් විසින් තම වෙළඳ සැල් වසා දමමින් සිදුකරන්නේ රට අක‍්‍රිය කිරීමේ උත්සාහයක් බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ආණ්ඩුවට විරුද්ධව විරෝධතා කිරීමට කිසිම බුද්ධිමත් පුද්ගලයෙකු මේ මොහොතේ කල්පනා නොකරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.

අද උද්ඝෝෂණ පවත්වන දේශපාලන පක්ෂවල එහි ශාපයෙන් කිසිදා ගොඩ ඒමට නොහැකි වන බවත් අමාත්‍යවරයා පවසයි.

ඒ කොළඹ පැවති උත්සව සභාවක් අමතමින්ය.
මම සීඅයිඩී එකේ පැමිණිල්ලක් දැම්මා කියලා තියෙනවා

සිංහලේ සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ගේ විහාරස්ථානයට රහස් පොලිසිය යවන ලද්දේ තමන් විසින් නොවන බව ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

චමල් රාජපක්‍ෂ මහතාට එල්ල වූ අසත්‍ය චෝදනාවක් ගැන තොරතුරු ලබා ගැනීමට ඔහු විසින් කරන ලද දැනුම් දීමක් මත එය සිදු වූ බවද ඒ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ අයවැය දෙවැනිවර කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

20 වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය පලකල පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
යහපාලන රජය විසින් සිදුකරන ලද මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ජනතාවගේ ඉඩම් අත්පත් කරගැනීමේ දී ඒ සඳහා නිසි තක්සේරුවක් ලබා දී නොමැති බවත් මෙසේ සංවර්ධනයට මුවා වී තම පෞද්ගලික සුභ සුද්ධිය තකා කටයුතු කරමින් අසාධාරණ පාලනයක් ගෙන ගොස් ඇති බවත් වරාය හා නාවික කටයුතු, මාර්ග හා මහා මාර්ග සංවර්ධන ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ අද (14) අධිවේගී මාර්ග නිරීක්ෂණ චාරිකාවක් සඳහා එක්වෙමින් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, අධිවේගී මාර්ග සංවර්ධනයේ දී ජනතාවට මුහුණ පාන්නට සිදු ව ඇති මෙතෙක් නොවිසඳුණු ගැටළු සඳහා ඔවුන් සමගම සාකච්ඡා කරමින් ලබාදිය හැකි විසඳුම් කඩිනමින් ඔවුන් වෙත ලබාදීමට තමා කටයුතු කරන බවයි.

“මේ නිරීක්ෂණ චාරිකාවේ අරමුණු වලින් එකක් තමයි මෙහි සංවර්ධනය කෙසේද සිදුවන්නේ සහ එහි තියෙන අඩුපාඩුකම් පිළිබඳව සොයාබැලීම. ඊටත් වැඩිය විශේෂයෙන් ම ජනතාව පීඩනයට පත්වෙලා තියෙනවා ප්‍ර‍ශ්න ගණනාවක් තිබිලා තියෙනවා ගිය රජය ඇහුම්කන් නොදුන් ප්‍ර‍ශ්න. ඒ නිසා අපි දේශපාලන අධිකාරියේ ඉල්ලීම පරිදි තමයි ඇමතිවරයා හැටියට මම ඇවිල්ලා ඉන්නේ ඒ ජනතාව සමග සාකච්ඡා කරලා ඔවුන්ගේ දැවෙන ප්‍ර‍ශ්න ඔවුන් ළඟටම ඇවිල්ලා අමාත්‍යංශයක් හැටියට අපි විසඳුමක් දෙන්න පුළුවන් ඒවට විසඳුම් දෙන්න.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය යටතේ වන්දි ගෙව්වේ ඒ ඉඩම් වල එදා තිබුණ වටිනාකමට නෙවෙයි. අවුරුදු තිහක් ඉදිරියට වටිනාකම බලලා තමයි වන්දි ගෙව්වේ. සංවර්ධනයේ දී ජනතාව පීඩනයට පත්කළේ නැහැ. ඒ විතරක් නෙවෙයි ආර්ථික වශයෙන් ඔවුන් ශක්තිමත් කරපු දෙයක් හැටියටයි එය අපි දකින්නේ. ඉඩම් පවරගන්නා විට ඔවුන්ට ස්ථාවර විදියට ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත වෙන විදියට තමයි අපි එදා ඉඩම් පවරා ගන්නකොට වටිනාකමක් ලබාදුන්නේ. 2015 න් පස්සේ යහපාලන ආණ්ඩුව ආවට පස්සේ ඉතාමත් කුරිරු ලෙස ජනතාවගේ පැත්තෙන් බලන්නේ නැතිව ඔවුන්ගේ ඉඩ කඩම් පවරගන්න විට එදා තිබුණ මිළට තමයි තක්සේරු කරලා ඉවර වෙලා ඔවුන්ට ගෙවලා තියෙන්නේ. ඒත් ඒ තක්සේරු වල ප්‍ර‍ශ්න ගණනාවක් තියෙනවා. ඒ නිසා තමයි අද ජනතාව ලිපි ගණනාවකින් අපිව දැනුවත් කරලා තියෙන්නේ. ඒ සඳහා අපි විසඳුම් දෙන්න බලාපොරොත්තු වෙනවා. ජනතාවට ගෙවන මුදල අඩු කරන එක විතරක් නෙවෙයි එදා දුන්න තක්සේරුවත් ඉතාමත්ම අසාධාරණ තක්සේරුවක් හැටියටයි අපි දකින්නේ. හිතක් පපුවක් නැතිව තමයි සංවර්ධනය කරන ගමන් රටේ ඒකෙන් හොරකම් කරමින් අහිංසක ජනතාවගේ ඉඩම් පවරගන්නකොට ජනතාව දිහා බලන්නේ නැතිව තමන් විතරක් යැපෙන්න, ඇමතිවරු යැපෙන්න, අගමැතිවරු යැපෙන්න බලපු යුගයක් තමයි ඒ යුගය. මේ ආණ්ඩුව යටතේ ඉතාමත්ම ඉක්මනින් මේ ව්‍යාපෘතියේ වැඩකටයුතු අවසන් කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ.

සියයට 15 ක් රජයක් හැටියට අපි ණය මුදල ලබාගන්න ගෙවන්න ඕන. ඉතින් වෙලා තියෙන්නේ මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් ම මහ බැංකුව හොරා කාලා මේ රටේ ආර්ථිකය විනාශ කරලා මේ පසුගිය අවුරුදු පහේ ක්‍රියාකරපු අකාරය බැලුවම මීරිගමින් ආරම්භ කරලා තියෙනවා. මුලක් නැහැ. මේක විතරක් නෙවෙයි. මීරිගම දක්වා අධිවේගී මාර්ගය තවම ආරම්භ කරලා නැහැ. ත්‍රෛනිකායික නායක හාමුදුරුවන් වහන්සේලා ට මොනවා කිව්වත් ගිහිල්ලා කිරිඇල්ල ඇමතිතුමා සහ හිටපු අගමැතිතුමා ඇත්ත වශයෙන්ම ඔවුන් කිසිම සැලසුමක් නැතිව වැඩකටයුතු කරලා තියෙන බවයි අපිට පේන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ මේක ඉතාමත් ඉක්මනින් වැඩ කටයුතු ආරම්භ කරලා ඉවර වෙලා අවසන් කරන්න.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයේ හිටියා නම් මධ්‍යම අධිවේගී මාර්ගයේ තමයි දැන් මේ රටේ ජනතාව ගමන් කරන්නේ. නමුත් මේකෙ සංවර්ධනය වසර 25 ක් ආපස්සට ඇදගෙන ගිහිල්ලා තියෙනවා යහපාලන ආණ්ඩුව. මට දැනෙන විදියට මේ මීරිගම කොටස අවසන් කරන්න තවත් වසර 04 ක් පමණ ගතවෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ මීරිගම ඉඳලා කුරුණෑගලට හැකිතරම් ඉක්මනට හදලා ඉවර කරන්න. අඩු ගාණෙ මීරිගම සිට කුරුණෑගලට හරි ජනතාවට යන්න පුළුවන් වෙන්න. මේ සම්පූර්ණ වගකීම පසුගිය රජය ගන්න ඕන. කයිවාරු ගැහුවට, මඩ ගැහුවට ඔවුන් වැඩ බැරි අසාධාරණ ආණ්ඩුවක් හැටියටයි අපි දකින්නේ…..” යැයි ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
පසුගිය ආණ්ඩු සමයේ මහබැංකුව කොල්ල කා ඇති නමුත් එහි වාර්තාව වත්මන් ආණ්ඩුව විසින් සොරකම් කර ඇති බවට සාවද්‍යා ප්‍ර‍චාරයක් විපක්ෂය විසින් මේ වනවිට සමාජ ගතකරමින් සිටින බව වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු පවසයි.

මේ බව පැවසූයේ, ශ්‍රී ලංකා වරාය අධිකාරි පරිශ්‍රයෙහි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධිත වාණිජ කර්මාන්ත හා සේවා ප්‍ර‍ගතිශීලී සේවක සංගමයේ වරාය නව කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, යහපාලන ආණ්ඩුව විසින් රජයේ නිලධාරීන්ව කිසිදු පැකිලීමකින් හා සොයාබැලීමකින් තොරව සිරගත කිරීමට ක්‍රියා කළ බවත් තමාව ද කිසිදු හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගත් අවස්ථාවේ එකල පොලිස් නිලධාරීන් පවා තමන්ව මානසිකව පීඩාවට පත්කිරීමට උත්සාහ කළ බවයි.

නමුත් ඒ සියලු අභියෝගයන්ට නොසැඟවී තමන් ශක්තිමත් ව මුහුණ දුන් බවත් එහිදී අවධාරණය කළේය.

“මෙම වෘත්තීය සමිති ගොඩනැගිල්ල වෘත්තීය සමිතිවල දියුණවට වගේම වරායේ දියුණුවට යොමුකරන ස්ථානයක් බවට පත්කරන්න ලැබේබා කියා ප්‍රාර්ථනා කරනවා. ඔබලා දුන්න දායකත්වය එක්ක අවුරුදු 05 ක් යන්නත් කලින් මේ ජරාජීර්ණ ආණ්ඩුව පන්නන්න පුළුවන් වුණා. ඒ කර්තව්‍යයේ දී හයිය දුන්නේ තමුන්නාන්සේලා, ඩී. වී. චානක, ප්‍ර‍සන්න රණවීර ආදී මන්ත්‍රීවරු. ඔවුන් එදා වරාය රැකගන්න ගිහින් හිරගෙදරට ගියපු අයයි. මම දන්නවා විභාගය ලියන ශිෂ්‍යයෙක් විභාගයට සති දෙකක් තියෙද්දී හිරේට දැම්මා. රටේ සම්පත් විකුණනවාට විරුද්ධ වුණ අය වගේම තමන්ගේ පැවැත්මට තර්ජනයක් කියලා හිතුණ අයව කිසිම පැකීලීමකින් තොරව රාජ්‍ය බලය යොදවලා හිරයට දාපු එක ගැන අපි මේ වෙලාවේ මතක් කරනවා. ඒ ආණ්ඩුවේ තිබුණ කුරිරු බව රටේ ආර්ථිකය හා රටේ සම්පත් විකුණද්දී ඒකට විරුද්ධව කතාකරපු මිනිස්සු හිරගෙදර දාන්න තරම් ඔවුන් කිසිම පැකිලීමකින් තොරව ඒවා කෙරුවා කියන එක අපි මතක් කරන්න කැමතියි.

අද සමහර අය අහනවා ඇයි මෙහෙම වෙන්නේ. ඇයි මෙහෙම අයට ඇප දෙන්නේ කියලා සමාජයේ කතා බහක් තියෙනවා. මමත් දැක්කා. අද ෆේස්බුක් එකේ රන්ජන් රාමනායක ගැන. ඒකේ නඩු නිමිත්තක් තියෙන නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. නඩුවෙන් තීන්දු තීරණ වෙයි. මොකද්ද සිද්ධ විය යුත්තේ සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද කියන එක ගැන. මට නඩු 11 ක් දැම්මා. ලංකාවේ වැඩිම නඩු ටික දැම්මේ මට. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් හිටගත්තා කියලා. මුලින්ම ඇමතිකම් දෙන්න ආරාධනා කළා. ඒක ප්‍ර‍තික්ෂේප කරාම මාව වරදක් නොකර සිරගෙදරට දැම්මා. දවස 73 ක් කිසිම හේතුවක් නැතිව මාව හිරේදැම්මා. මට එදා ෆේස්බුක් එක පාවිච්චි කරන්න දුන්නේ නැහැ. මට සෙල්ෆි ගහන්න දුන්නෙත් නැහැ පොලිස් නිලධාරීන් එක්ක. මම රැවුල කපන්න ඕන කියලා ඉල්ලුවා නම් ඒකට ඉඩ ලැබෙන්නෙත් නැහැ. අඩුම ගාණෙ මාව හිරේට දැම්මම මම ෂොපින් බෑග් එකක මගේ ඇඳුම් ටික ලෑස්ති කරලා තිබුණේ. උදේ 9 ට මාව අත්අඩංගුවට ගත්තා. මම දැනගත්තා ආණ්ඩුව මොනවද කරන්න යන්නේ කියලා. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා මම දැනගෙන හිටියා. අඩුම ගාණෙ මගේ ඇඳුම් ටික ගෙනියන්න දුන්නේ නැහැ. උදේ ඉඳලා මම ඇඳගෙන හිටපු ඇඳුම් එක්ක මාව හිර ගෙදරට දැම්මා. රෑ කෑම ටික ගන්න මට ඉඩ දුන්නේ නැහැ. මම උදේ ඉඳලා බඩගින්නේ හිටියේ. FCID යට ගියාම පොලිසියේ නිලධාරියා මුලින්ම ඇහුවේ ඇයි එක්සත් ජාතික පක්ෂය අතහැරියේ කියලා. එහෙම නිලධාරීන් තමයි ඉස්සර හිටියේ. මට තර්ජනය කළා. මම සිනහමුසුව ඒවට මුහුණ දුන්නා. මම මගේ දරුවට කිව්වා ගෙදර කාටවත් කියන්න එපා මාව අනිවාර්යෙන්ම දානවා. ඒක තමයි මේගොල්ලන්ගේ අරමුණ කියලා. මගේ ඇඳුම් ටික ෂොපින් බෑග් එකේ හංගලා තියෙනවා, ඒ ටික උසාවි ගිය ගමන් මට ගෙන්ත් දෙන්න කියලා මම කිව්වා මාව හිරේට දාපු ගමන්. මං කිව්වා කාටවත් කියන්න එපා කියලා. ඒවට මූණ දෙන්න අපිට හයියක් තිබුණා. මාව හිරගෙදර දැම්මම මට සරමක් දුන්නේ හිරකාරයෙක්. මූණ පිහගන්න තුවාය දුන්නේ හිරකාරයෙක්. ඒ තමයි තිත්ත ඇත්ත. නමුත් අපි ඇඞුවේ නැහැ. හැංගුනේ නැහැ. රෝහල් ගාණෙ ගියේ නැහැ. ඒකට මූණ දුන්නා. අවුරුදු පහකින් අන්තිමට ආණ්ඩුවක් ගත්තා. වැඩියෙන්ම හිටියේ උසාවියේ. දෙන්න පුළුවන් දස වද දීලා අපිව මානසිකව වට්ටන්න හැදුවා. නමුත් අපි වැටුනේ නැහැ.

මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් කරන්න හැදුවේ ඒකයි. දරුවෝ හිරේ දැම්මා. ආර්යාව හිරේ යවනවා කියලා දේශපාලනය අතහරින්න කිව්වා. පොලිසයට, අල්ලස් කොමිසටමට එයාලගෙ අයවම දාගෙන ස්වාධීනයි වගේ රඟපෑවා. ජනාධිපතිවරණයට කලින් ඒවගේ හිටපු නිලධාරීන්ම කරපු ප්‍ර‍කාශවලින් අපි ඒක දැක්කා. අද ෆේස්බුක් වලින් යන තොරතුරු වලින් පේනවා සමහර ඇමතිවරු මන්ත්‍රීවරු පොලිසියට, නිලධාරීන්ට බලපෑම් කරපු ඒවා. අපි ඒවා පිළිබඳව සොයා බලන්න ඕන. ඒකට තමයි හැට නව ලක්ෂයක් ජනතාව අපිට ඡන්දය දුන්නේ. සුළු ජාතිකයෝ එහෙම් පිටින්ම වගේ විරුද්ධව වැඩකරද්දී දාහතර ලක්ෂයක් වැඩි ඡන්ද දීලා ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති කෙරුවේ මේවා නිවැරදි කරන්නයි.

ගෝඨාභය මහත්තයට කොච්චර දේවල් කෙරුවද. හිරේ දාන්න හැදුවා. අපහස කළා. ජනාධිපතිවරණයට ඉල්ලන එක නතර කරන්න හැදුවා. ඒ ඔවුන්ට අභියෝගයක් බව දැනුන නිසයි. තවමත් රනිල් වික්‍ර‍මසිංහ මහත්තයා සහ එක්සත් ජාතික පක්ෂය පත්කරපු නිලධාරීන් හොල්මන් කරන යුගයක් මේක. ආණ්ඩුව අප්‍ර‍සාදයට පත්කරන විදියේ ක්‍රියාකරන නිලධාරීන් ඉන්නවා කියලා අපිට පේනවා. මේ සියල්ල නිවැරදි කරන්න පුළුවන් වෙන්නේ මාර්තු මාසයේ මේ පාර්ලිමෙන්තුව විසුරුවලා, මහ මැතිවරණයක් පවත්වලා ජනාධිපතිවරණයේ දී ගත්තටත් වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවකින් බහුතරයක් සහිත ආණ්ඩුවක් නිර්මාණය කිරීමෙනුයි…..” යැයි ද ගරු අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම උත්සව අවස්ථාවට සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍ර‍සන්න රණතුංග මහතා, වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජනරාල් ආර්. එම්. දයා රත්නායක මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ කපිතාන් අතුල හේවාවිතාරණ මහතා, වාණිජ කර්මාන්ත හා සේවා ප්‍ර‍ගතිශීලී සේවක සංගමයේ වරාය ශාඛාවේ සභාපති සංජීව කුමාර වැලිගම මහතා ඇතුළු සේවක සංගමයේ නිලධාරීන්, අනිකුත් වෘත්තීය සමිති නිලධාරීන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් හා සේවක මහත්ම මහත්මීන් ද සහභාගී වූහ.

– media unit
ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව තීරණය කරනුයේ ඉදිරි මහමැතිවරණයෙන් පසුව බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක , වරාය නාවික කටයුතු මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නේ දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිලිතුරු දෙමිනි.
“මගනැගුම” ආයතනය තුළ ඇති භාවිතයට නොගන්නා ලද හා අතහැර දමා ඇති යන්ත්‍රෝපකරණ හා රථ වාහන වහාම අලුත්වැඩියා කර භාවිතයට ගන්නා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා නිලධාරීන්ට නියෝග කර තිබේ.
2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කල කාලයේ සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා එල්ල වී සිටි හිටපු අමාත්‍ය සහ එකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29) නියම කළා .
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශය ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවලට අදාළ තීන්දුව මේ මස 29 වනදා ප්‍රකාශ කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නිවේදනය කළේය.

ysr f.j,a mkyl oeïu;a
fï fcdkS uyskao

fjkqfjka lrk igk
w;yßkafka kE''



jir úismylg wêl ld,hla isg foaYmd,kh lrmq fï fcdakSg hymd,kfhka ysrf.or ri ú|,d tkak wjia:djla ÿkakd' wo ta wh n,kjd rdcmlaIjre jfÜ bkak wms jf.a wh ysf¾g od,d yß fï jev ál lrkak'

wms ta whg lshkjd fï fcdkS tl ysrf.orl fkfjhs ysr f.j,a mkyl oeïu;a fï igk w;yßkafka kE lsh,d' fï whg wms lshkjd fïjd fufyu lshmqjdu ,nk i;sfha wdfh ysf¾g wms .kshs'
,laI 52la jxpd l<ehs fcdksghs 
- mq;dghs tfrysj mÍlaIK

wNHka;r fjf<| lghq;= iy iuqmldr ysgmq weue;s fcdkaiagka m%kdkaÿ uy;df.a b,a,Su mßÈ" Tyqf.a iy Tyqf.a mq;a fcdydka m%kdkaÿf.a ue;sjrK lghq;= i|yd ,xld if;di wdh;kfha NdKav ,ndf.k uqo,a fkdf.jd remsh,a 52"75"316la jxpd lsÍfï isoaêh iïnkaOfhka mq¿,a mÍlaIKhla mj;ajk f,i fld<U m%Odk ufyia;%d;a .sydka ms,msáh uy;d uQ,H wmrdO úu¾Yk fldÜGdihg Bfha ^22od& ksfhda. flf<ah'
iqrdnÿ fomd¾;fïka;=jg fcdkSf.ka f,dl= fmd,a,la

ysgmq fjf<| weue;s fcdkaiagka m%kdkaÿ uy;dg wh;a jhU äiaá,ßia iud.u iqrdnÿ fomd¾;fïka;=jg f.úh hq;= remsh,a wgfldaá y;<sia oyil uqo,la udi 7la ;siafia f.ùï meyer yeÍu iïnkaOfhka iqrdnÿ fomd¾;‍fïka;=j mÍlaIKhla wdrïN lr ;sfí'

fuu mÍlaIKh wdrïN lr we;af;a iqrdnÿ fomd¾;fïka;=j uÕska lrk ,o wNHka;r mÍlaIKhla uÕska fidhd .;a lreKqj,g wkqjh'
fcdkaiagka f.kd  t;fkd,a fidhd
mÍlaIKhla

ysgmq wud;H fcdkaiagka m%kdkaÿ uy;d úiska ´älaf,daka iE§ug hehs lshd weiagäla keue;s wdh;khlg t;fkd,a f.kaùug n,m;a;%hla ilialrf.k tfia ,nd.kakd ,o t;fkda,aj,ska wrlal= idod we;s njg fïjk úg fy,sj we;ehs Y%S ,xld ñr¾ fjí wvúh mjihs'

jeä ÿrg;a woyia olajñka Tjqka fufiao mjihs' fï n,m;%h we;s weiagäla keue;s wdh;kh j;a;, m%foaYfha msysgd we;s w;r bka ksIamdokh l< lsisÿ ´älaf,dka j¾,hla fjf<| fmdf<a fkdjk njo mejfia'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements