Showing posts with label gossip-lanka-politics. Show all posts
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) සවස පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා අතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත විශේෂ පණිවුඩයක් යවා තිබේ.
අද සවස වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවකට අනුව ඒ මහතා මුණගැසුණු කබීර් හෂීම් මහතා සමග පක්ෂයේ දැනට මතුව ඇති අර්බුදය පිළිබදව සාකච්ජා කිරීමට වික්‍රමසිංහ මහතා කටයුතු කොට ඇත.
මෙම වසරේ පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රකාශනයේ තීරණාත්මක තුරුම්පුවක් ලෙස යොදා ගැනීම සඳහා මෙරට මහා මැතිවරණයෙන් පසුව ස්ථිර වශයෙන් ම ‘සෝෆා’ ගිවිසුම අත්සන් කරන බව තහවුරු වී තිබෙනවා.
පසුගිය සතියේ මෙරට නිල සංචාරයක යෙදුණු ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කලාපය භාර සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් ජී. වෙල්ස් කටුනායක ගුවන්තොටුපළින් නික්මීමට ආසන්නයේ තෝරා ගත් මාධ්‍යවේදීන් හමුවේ ‘සෝෆා’ ගිවිසුම අත්සන් කිරීම ස්ථිර බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
අසාද් සාලි අන්තවාදීන් ගැන වගකීම් ගන්නා විට මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිදුවීම අතරේ කබීර් හෂිමුත් පොලිස්පතිට කතා කරලා
gossip
,
gossip-lanka-politics
,
hot news
,
Kabir Hashim
,
Latest News
,
Latest-News
,
News
,
Politics
,
side-gossip
මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිම කැඩීමට සම්බන්ධ අන්තවාදීන් ඔවුනගේ පියාගේ මාර්ගයෙන් පොලිසියට භාර දෙන බව බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා තමාට පොරොන්දු වූ බව අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් සඳහන් කළා.
එසේම පරීක්ෂණ කටයුතුවලදී දේශපාලඥයන්ගෙන් පොලිසියට බලපෑම් එල්ල වන බවද පූජිත් ජයසුන්දර මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියා.
ඔහු මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් පළමු අවස්ථාව මෙයයි.
රජයේ අධි නීතිඥවරිය මෙහිදී පූජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රශ්න කරමින් විමසා සිටියේ බුදු පිළිම කැඩූ දිනයේදී පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාචිකව උපදෙස් දුන්නේද යන්නයි.
පාස්කු ඉරුදින ප්‍රහාරය සිදු වන තෙක්ම මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අසමත් වූ බව එවකට මාවනැල්ල සහකාර පොලිස් අධීකාරීවරයාව සිටි ගාමිණී තෙන්නකෝන් මහතා අනාවරණ කරනු ලැබුවා.
ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දෙමින්.
තෙල්දෙණිය සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස මේ වන විට සේවයේ නිරත ඔහු කොමිසම හමුවේ පැවසුවේ මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කිරීමේ පළමු සිද්ධිය 2018 දෙසැම්බර් 23 වැනිදාත් දෙවැනි සිදුවීම දෙසැම්බර් 26 වැනිදාත් වාර්තාවූ බවයි.
සීඩී පට පහ තමන් ඉදිරියේදී මහලේකම්වරයාට භාර දුන්නා
ලදුපතක් නිකුත් කළා
ඒවා භාරදීමට අවශ්‍ය නැතැයි නීති උපදෙස් ලැබීලා
සභාගත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට පෙරේදා (22 වැනිදා) භාර දුන් දුරකථන සංවාද පහළොස් දහසක් අඩංගු සීඩී පට පහ නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව පවසමින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් යළි රැගෙන ගොස් ඇතැයි ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
එකවරම තරුණිය කෑගහන ශබ්දයක් ඇසුණා.
තරුණයා ආයුධයකින් ඇන්න බව අපට තේරුණා
තරුණයා ආයුධයකින් ඇන්න බව අපට තේරුණා
යාපනය 662 වැනි බළසේනා මූලස්ථානයේ වෛද්‍ය අංශයේ රාජකාරි කරන ලාන්ස් කෝප්‍රල් දිලිප් කුමාර නැමැත්තා හපුහෙට්ටිගේ කාංචනා නමැති වෛද්‍ය සිසුවියගේ ගෙල හා අත කපා ඝාතනය කොට මුහුදට තල්ලුකර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
ඇසින් දුටුවන් මේ සම්බන්ධයෙන් සාක්ෂි ලබාදෙමින් මේ බව සඳහන් කර තිබුණා.
අදාළ සිසුවිය සැකකරු හමුවීමට යාපනය කොටුවට පැමිණ ඇති බවටත්, එහිදී දෙදෙනා අතර වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පසු සැකකරු තම අතෙහි තිබූ තියුණු ආයුධයකින් වෛද්‍ය සිසුවියගේ ගෙල හා අත කපා ඝාතනය කොට මුහුදට තල්ලුකර පලා යෑමට උත්සාහ කිරීමේදී ප්‍රදේශවාසීන් ඝාතකයා පසුපස ලුහුබැඳ ගොස් අල්ලා පොලිසියට භාරදුන් බවත් පොලිසිය පවසනවා.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ වැදීමට සූදානම් වන වියත්මග සංවිධානයේ සාමාජිකයන්ට එම පක්ෂයේ ඇතැම් සංවිධායකයන් විසින් බාධා සිදුකරන බව මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.
වියත්මග සංවිධාන යනු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම සඳහා එම ප්‍රතිපත්ති රටක පැහැදිලි කිරීමට සඳහා වියතුන් එක්ව පිහිට වූ සංවිධානයක් බව ද ජයසුමන මහතා සඳහන් කළේය.
gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
_____________________________________________________________________________________



















