Advertisement

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩමවීම

නන්ද කුමරුන් ගේ පැවිද්ද
යසෝධරාවගේ ගෞරවය
රහල් කුමරුන්ගේ පැවිද්ද

මැදින පොහොය දිනයේ වැදගත්කම

හේමන්ත සෘතුවේ පුර පසළොස්වක් පොහෝ දිනය සම්බුද්ධ චරිතාපදානය පිළිබඳ අසිරිමත් සිද්ධියක් සිහියට නංවන මංගල දිනයකි. ලොකාර්ථචයාවෙහි යෙදුණු භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් පමණ ආර්යය මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන පිය රජතුමාටත් ස්වකීය ඥාතීන් වූ ශාක්‍ය වංශිකයන්ටත් අමා මහ නිවන් සුව ලබා දෙනු වස් රජගහ නුවර වේළුවනාරාමයෙහි සිට කිඹුල්වත් පුරයට වැඩම වීමට ගමනාරම්භය සිදුවූයේ මැදින් පුන් පොහෝ දිනයක ය.

ලෝකාභිවෘද්ධිය සැලසීමෙහි යෙදුණු බුදුරජාණන් වහන්සේගේ කීර්තිඝෝෂය දඹදිව නොයෙක් ප්‍රදේශවල පැතිරෙන්නට විය. සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේ වෙසක් පොහෝදා බුදුවී ඇසළ පුනු පොහෝදා දම්සක් පවත්වා රජගහ නුවර වෙසෙති යන මංගල පුවත ශාක්‍ය ජනපදයට ද ආරංචි විය. සුද්ධෝදන රජතුමා හට ස්වකීය පුත්‍ර රත්නය දැකීමේ ආශාව බලවත් විය.
 
හිටපු කතානායක කරූ ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ප‍්‍රවෘති නිවේදනයයි

හිටපු කථානායක කරු ජයසූරිය මහතා පසුගිය මහ මැතිවරණ සමයෙහි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත‍්‍රික් අපේක්ෂකයෙක් ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීමක් පිළිබඳව කිසියම් පිරිසක් විසින් සඳහන් කළ බවට මාධ්‍යන් හි පළව ඇති ප‍්‍රවෘතියට අදාලව කරුණු පැහැදිළි කිරීමයි.

කරු ජයසූරිය මහතා කථානායක ධුරයෙන් සමුගත් පසුව දෙදරා යමින් තිබූ එක්සත් ජාතික පක්ෂය සමගිකරවීමට අප‍්‍රතිහත ධෛර්යයෙන් යුතුව විශාල උත්සාහයක් දැරූ බව කිසිවෙකුට රහසක් නොවේ.
ආණ්ඩුවට තනිවම පාර්ලිමේන්තුව කරගන්නට ඉඩ දී විපක්ෂය ඉවත් වී යනවා
කිරිඇල්ල කියයි

පාර්ලිමේන්තුවේ විවාදයන් සඳහා කාලය වෙන් කිරීම සම්බන්ධයෙන් වූ ගැටලුකාරී තත්ත්වයක් මත පළමු පක්ෂ නායක රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී විපක්ෂයේ නියෝජිතයන් විසින් තමන්ට වැඩි කාලයක් දෙන්නැයි ඉල්ලා තිබේ.

සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තු විවාද වල දී විපක්ෂයට වැඩි කාලයක් ලබාදෙන නිසා මෙවරද විපක්ෂයට 60% සහ ආණ්ඩු පක්ෂයට 40% ලබාදෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්‍ෂ නියෝජිතයින් ඉල්ලා තිබේ.
බැඳුම්කර වංචාවට රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයාගේ නමද ගෑවීලාසාක්ෂි මෙන්න

රවී කරුණානායක මුදල් ඇමතිව සහ අර්ජුන් ඇලෝසියස් මහ බැංකුවේ අධිපතිව සිටි සමයේ සිදු කළ වංචාකාරී බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූ ජනාධිපති කොමිෂන් සභාවේදී විවිධ දේශපාලනඥයන්ගේ නම් ගම් එළියට පැමිණි අතර රවී කරුණානායක මහතාට සිය ඇමති ධුරයෙන් ඉවත්වීමට පවා සිදු විය.

මන්ත්‍රීවරු පස්දෙනෙකු සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුවේ පරීක්ෂණය යන අතරතුර අර්ජුන් ඇලෝසියස් සමග සෘජුවම දුරකථන සංවාද පවත්වා ඇති බවද ලිඛිත තොරතුරු සහිතවම වාර්තා විය.

ඒ සියළු කරුනු අතරේ මේ වනවිට කෝප් වාර්තාවෙන් තවත් නමක් එළියට පැමිණ තිබේ. ඒ හිටපු පාර්මේන්තු මන්ත්‍රීවරියක මෙන්ම, ඇමතිවරියකද වූ රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා පිළිබඳවය.
නාවික හමුදා සාමාජිකයන්ගෙන් කොරෝනා වෛරසය බාහිර සමාජයට පැතිරයාම සම්පූර්ණම වළක්වා ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි.

නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩ ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කරන්නේ වෛරසයට ගොදුරු වූ නාවික සෙබළුන් සහ ඔවුන් සමග සමීපව ඇසුරු කළ සාමාජිකයන් මේ වන විට හදුනාගෙන ඇති බවත් එමෙන්ම නිවාඩු ලබා ගොස් සිටි සියලු නාවිකයන් නැවතත් කඳවුරට ගෙන්වා ගැනීම නිසා මෙම අවදානම වළක්වා ගත් බවයි.
පොලිස් වසමකින් මෙරටදී තහවුරු වූ වැඩිම රෝගීන් ගණන මෙයයි
කතාව දිග්ගස්සනට උපකාර කළ වත්තෙන් වත්තට ගොස් කොණ්ඩය කැපූ ජංගම කරණනවෑමියා


බණ්ඩාරනායක මාවතට ගිහින් එන්න කිව්වා. වැඩිම රෝගීන් ගාණක් හම්බ වුණේ එහෙන්. පොඩ්ඩක් වටපිටාව බලමුද?

මාධ්‍ය ආයතනයෙන් වාහනයට ගොඩ වූයේ උදෑසනය. වසර ගණනක් කොළඹ ජීවත් වුවද අසා දැන නැති මේ බණ්ඩාරනායක මාවත දැන් අපේ රට ජාත්‍යන්තරයට ගෙනගොස් තිබීම ඊට හේතුව විය.

බණ්ඩාරනායක මාවතට ගිහිල්ලා නෑ. වෙන්න බෑ මහත්තයා. මිනිස්සු ඔය බණ්ඩාරනායක මාවත කියලා කිව්වාට දන්නේ නෑ තැන. බණ්ඩාරනායක මාවත කියන්නේ කොටුවේ ගල්වළට. රියැදුරු මහතාගේ පැහැදිලි කිරීම දෙපා හිරිවට්ටන්නට හේතු වූවා යැයි නොකීවේ නම් වැරැද්දකි. මෙරට ‘හාඩ්වෙයා’ හෙවත් යකඩ ඇණයේ පටන් කන්ටේනර් පෙට්ටිය දක්වා යකඩ හා බැ¾දුණ වෙළෙ¼දාමේ හදවත වන්නේ ගල්වළයි. ගල්වළෙන් බඩු නොයනා හාඩ්වෙයාර් එකක් ශ්‍රී ලංකාවේ ඇති නම් එය වෙනම කතා කළ යුතු මාතෘකාවකි. ගල්වළ හෙවත් මේ කියනා පරිදි බණ්ඩාරනායකපුර මාවත දිනකට යකඩ ටොන්වලින් නම් ටොන් දහස් ගණනක් හා මුදලින් නම් කෝටි තිහ හතළිහක් එහා මෙහා මාරු වෙන හතරමං හන්දියකි.
දෙරණ රූපවාහිනිය ඊයේ තම ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ පළ කරන ලද ‍ප‍්‍රවෘත්තියක් සම්බන්ධයෙන් දෙරණ නාලිකාවේ සභාපති දිලිත් ජයවීර මහතා සමාව ඉල්ලයි.
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 07 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 197 දක්වා ඉහළ යයි.
ශ්‍රී ලංකාව මේ වන විට තෙවන අවධියේ
දරුණුම අවධිය වන මීලඟ අවධිය කරා යන්නට නොදී සියලුම දෙනා වගකීමෙන් කටයුතු කළ යුතුයි

ශ්‍රී ලංකාව මේ වන විට කොවිඩ් වසංගයේ තුන්වන අදියරයේ පවතින බවත් සිව්වන අදියරට එය ගමන් කළහොත් වැඩිවන රෝගීන් සංඛ්‍යාව නැවැත්වීම ඉතා දුෂ්කර වන බවත් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වරුන්ගේ සංගමය පවසයි.

මාධ්‍ය නිවේදනයක් මගින් එම සංගමය පවසන්නේ කොවිඩ් 19 වසංගතයේ ග්‍රාමීය පොකුරු (Village Cluster) අවධියේ එනම් වසංගතයේ තෙවන අදියරයේ සිටින බව පැහැදිලි වන බවයි.

රෝගය මීළඟ අවධියට පරිවර්තනය වීම වැළැක්වීමට මේ අවස්ථාවේදී හැකි සෑම උත්සාහයක්ම දැරිය යුතු බවත් එසේ නොමැති වුවහොත්, මින් ඔබ්බට ඇති සමාජගත සම්ප්‍රේෂණ අවධියේදී ගුණාකාරව වැඩිවන රෝගීන් සංඛ්‍යාව නැවැත්වීම ඉතා දුෂ්කර වනු ඇති බවයි.
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි යටතේ සිදුකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අද දෙරණට අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.

ස්විට්සර්ලන්තයේදී ශ්‍රී ලාංකිකයෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබේ. 

අද දෙරණ කළ විමසීමකදී විදේශ සබඳතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක් සඳහන් කළේ 59 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු මෙලෙස වෛරසය ආසාදනය විමෙන් මියගොස් ඇතිබවයි. 
ඇල්පිටිය ප‍්‍රදේශයේ ලැගුම්හලක කාමරයක් තුලදි අද (26) දා උදෑසන පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ගනේගොඩ ප‍්‍රදේශයේ පදිංචී 46 හැවිරිදි තිදරු පියෙකි. අද දින ඇල්පිටිය ප‍්‍රදේශයේ ඇඳිරි නිතිය ඉවත් කිරිමෙන් පසු ඔහු එම ප‍්‍රදේශයේම වෙනත් කාන්තාවක සමග මෙම ලැගුම්හලට පැමිණ කාමරයක සිටියදි අසනිපවී ඇත. එහිදි අදාල කාන්තාව විසින් සුවසැරිය ගිලන් රථය ගෙන්වා ඇතිමුත් ඒ අවස්ථාව වනවිට ඔහු මියගොස් සිට ඇත.

ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයකුට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරනවා.

එසේම පසුගිය මාර්තු 12 වැනිදා සංචාරක වීසා මත මෙරටට පැමිණි ඉන්දියානුවකුටද වෛරසය ආසාදනය වී ඇතැයි එම වාර්තාවේ සඳහන්.
මරණ දඬුවම නියම වීමෙන් පසු එම දඬුවම ක්‍රියාත්මක වන තෙක් බන්ධනාගාර ගත කර සිටි රණවිරු සුනිල් රත්නායක අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති සමාව යටතේ නිදහස් කර ලදී.
මෙරටින් තවත් කොරෝනා වෛරස ආසාදිතයන් 04 දෙනකු හමු වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් මීට ටික වේලාවකට පෙර ඒ බව තහවුරු කළේය.
තමන්ට කවුරුන් මොන චෝදනා එල්ල කළද තමනට කොරෝනා වෛරසය ආසාදනය වන තෙක් රට වෙනුවෙන් සිදුකරන සේවය නතර කරන්නේ නැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

දෙරණ රූපවාහිනිය ‘අලුත් පාර්ලිමේන්තුව’ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

පළමු ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා අද (26) යළිත් රෝහලට රැගෙන පැමිණ තිබෙනවා.

ඒ,තවත් රෝගියෙකු සඳහා රුධිරය ලබා ගැනීම සඳහා යි.
මාර්තු 30 සිට අප්‍රේල් 3 වනදා තෙක් කාලය නිවසේ සිට රාජකාරි කටයුතු කිරීමේ කාලයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
වෙළෙඳපොළේ පවතින සාමාන්‍ය මිලට වඩා දෙගුණයක් වැඩි මිලට අත්‍යාවශ්‍ය භාණ්ඩ අන්තර්ජාලය හරහා අලෙවි කළ කප්රුක ආයතනය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව එම නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සමඟ ඊයේ  (25) කිරුළපන පිරි එම ආයතනය වටලණු ලැබුවා.

යාපනය දිස්ත්‍රික්කයට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.

යාපනය දිස්ත්‍රික්කයේ සඳහා හෙට උදෑසන 06.00ට ඇදිරි නීතිය ඉවත් කිරීමට නියමිත තිබුනද එහි කොරෝනා වෛරස් ව්‍යාප්ත වීමේ අවදානම ඉහල යයි සලකා මෙම තීරණය ගෙන ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements