Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මම මේ ගත කරන්නේ ජීවිතේ සතුටුම දවස් 
-‘මුල් පිටුවේ’ දර්ශිකා දිසානායක

දර්ශිකා දිසානායක කාටත් හුරුපුරුදු වෙලා හිටියේ ‘මුල් පිටුවේ දර්ශිකා’ කියලා දර්ශිකා ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට ගිහින් දැන් අවුරුදු පහක් විතර ඇති. මේ අවුරුදු පහට දර්ශිකාගේ ජීවිතේ වෙනස් වෙලා අලුත් වෙලා. දර්ශිකාගේ ජීවිතේ අලුත් වුණ අලුත්ම අරංචිවලටයි මේ ඉඩ.


දර්ශිකා ගැන අලුත් ආරංචියක් ලැබුණා?

අලුත් ආරංචියක් තියෙනවා. අපිට දැන් ඉන්නවා තව පුංචි පුතෙක්. තවම වයස මාසයයි. නම ආර්ය නිර්වාන් වීරකෝන් අපේ ලොක්කා අග්‍ය නිර්වාන් වීරකෝන්. දෙන්නගේ වයස පරතරය මාස විස්සයි.


මේ වතාවේදි හීන මැව්වේ පුංචි දුවෙක් ගැනද?

මට ආයෙත් බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා අපි දැනගත්තේ ගිය අවුරුද්දෙ නිවාඩුවට ලංකාවට ආපු වෙලාවේ. මම ගොඩක් සතුටු වුණා. ඇත්තටම මම කැමැත්තෙන් හිටියා අඩු වයස් පරතරයක් ඇතිව තව බබෙක් ලැබෙනවාට. මට බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තම කට්ටිය ගෙස් කළා දුවෙක්ද කියලත්. මම නම් ඕන කෙනෙක්ට කැමැත්තෙන් හිටියේ. අපේ ලොක්කගේ දඟ වැඩ දැකලා ඒවාට වශී වෙලා ඉන්න මගේ හිතේ නම් පුතෙකුට ටිකක් වැඩි කැමැත්තක් තිබුණා.


එතකොට අනුප්පියගේ කැමැත්ත?

දුවෙක් ලැබුණා නම් මටත් වඩා එයා සතුටු වෙන්න ඉඩ තිබුණා. හැබැයි දැන්නම් පුතාලා දෙන්නකුටම ආඩම්බරකාර අම්මලා තාත්තලා. අම්මලා කොහොමත් පුතාලට වැඩිපුර කැමතියි කියන කතාවත් ඇත්ත කියලා මට දැන් හිතෙනවා.


පුතාලා දෙන්නෙක් එක්ක දැන් ගතවෙන ජීවිතේ කොහොමද?

දැන් මේ දවස්වල නම් ආයෙත් නිදාගන්න බැරි රැයවල් තමයි ගවෛන්නේ. තව ටික කාලයක් යද්දී දෙන්නකුගේ දඟ වැඩ අස්සේ මාව හිරවේවි. හැබැයි මම එහෙම ජීවත් වෙන්න ආසයි. අනෙක දෙන්නගේ වයස පරතරය අඩු නිසා දෙන්නා සහෝදරයෝ විදියට වගේම යාළුවෝ විදියටත් ඉන්නවට මම ආසයි.


ඒ කියන්නේ සතුටින් ගතවෙන දවස්වලින් දර්ශිකාගේ ජීවිතේ දැන් පිරිලා?

අම්මා කෙනෙක්ට තමන්ගේ ජීවිතේ ගත කරන්න ලැබෙන සතුටුම දවස් තමයි මම මේ ගත කරන්නේ. මට මේ දවස් ටික අල්ලලා හැමදාටම තියාගන්න පුළුවන් නම් මම ආසයි. ඒත් පුතාලා දෙන්නා ඉක්මනට ලොකු වෙනවා වගේ මට දැනෙනවා ඒ නිසා මේ ලස්සන දවස් ටික ඉක්මනට ගෙවිලා යනවාදෝ කියලත් මට හිතෙනවා මේ දවස්වල රෑට නිදියන්න බැහැ ‍පොඩ්ඩා නිසා දවල්ට නිදියන්න බැහැ ලොක්කා නිසා. මම හිතන්නේ හැම අම්මා කෙනකුගෙම ජීවිතේ මේ වගේ ඇති. මම නම් මේ ජීවිතේට ආසයි.


දර්ශිකා දැන් ගෘහණියක්ම වෙලාද?

මම ඔස්ට්‍රේලියාවට ආවේ තොරතුරු තාක්ෂණ අංශයේ රැකියාවත් එක්ක. ඒත් ලොකු පුතා ලැබුණට පස්සේ මට ඕන වුණා එයත් එක්කම වැඩිපුර වෙලාවක් ගත කරන්න. පස්සේ මට ඕන වුණා එයාගේ මුල් අවුරුදු කීපයවත් එයාගේ ළඟටම වෙලා ඉන්න. ඒ නිසා මම රැකියාවෙන් අයින් වුණා. රැකියාවෙන් අයින් වුණේ සතුටින්. දැන් මට තවත් පුතෙක් ඉන්න නිසා මම ඒගත්ත තීරණය ගැන මම ගොඩක්ම සතුටුයි. සමහර විට තව කාලෙකට පස්සෙ මම ආයෙත් රැකියාවට යාවි. දැනට නම් මම ආසයි මෙහෙම ඉන්න.


ජීවිතේ මේ තරමට වෙනස් වේවි කියලා නිකමටවත් හිතුණද?

මම හිතන්නේ මම මගේ ජීවිතේ ගොඩක් ඉලක්ක සපුරා ගනිපු කෙනෙක්. ඉගෙනීම පැත්තෙන් වුණත්, රැකියාව පැත්තෙන් වුණත්. අනික මම හැම වෙලාවෙම මට ලැබුණු දේවල් ගැන සතුටු වුණා. ඇත්තම කිව්වොත් ගෘහණියක් වෙන්න නම් මම කවදාවත් හීන මැව්වේ නැහැ. ඒත් පුතාලව දැක්කට පස්සේ මම මේ ජීවිතේට ගොඩක් කැමති වුණා.


ලංකාවෙන් පිටත් වෙද්දි හිතේ තිබුණේ මොන වගේ හීනද?

මම ලංකාවෙන් ආවේ ඉක්මනට ආපහු ලංකාවට යනවා කියලා හිතාගෙන. ඒත් ඔස්ට්‍රේලියාවේදී මගේ ජීවිතේ හරි ඉක්මනට වෙනස් වුණා. අනු තමයි මගේ ජීවිතේ වෙනස් කරන්න පටන් ගත්තේ. ලංකාවෙන් එද්දී හිතේ තිබුණු හීන මොනවද කියලා මතකයක් නැති වෙන තරමට ජීවිතේට ලැබුණු වෙනසට දැන් මම ආසා වෙලා.


අනුප්පිය ජීවිතේට මුණගැහුණු එක ෙදෙවය කියලද හිතන්නේ?

මම නම් ෙදෙවය කියපු දේවල් ලොකුවට හිතපු කෙනෙක් නමෛයි. හැබැයි අනුව හම්බ වුණාට පස්සේ අපි දෙන්නම ෙදෙවය විශ්වාස කරනවා. මම එයා ගැන නොදැන හිටියත් එයා මාව බලා‍පොරොත්තුවෙන් ඉඳලා තියෙනවානේ. එයා මාව හොයපු කාලෙම මමත් ඔස්ට්‍රේලියාවට ආපු එක විස්තර කරන්න ෙදෙවයට වඩා හොඳ වචනයක් මම දන්නේ නැහැ.


දර්ශිකාට දැන් හොඳට කෑම හදන්නත් පුළුවන් ඇති?

මම තමයි දැන් කෑම හදන්නේ. පුළුවන් හැම වෙලාවකම අනු මට උදව් කරනවා. එයාටත් උයන්න පුළුවන්. මට බබාලා ලැබෙන්න ඉන්කොට අනු තමයි හැමදාම වගේ කෑම හැදුවේ. හැබැයි මම ඔස්ට්‍රේලියාවට එනකල්ම මම රසට උයන්න දැනගෙන හිටියේ නැහැ. දැන් නම් මම රසට උයනවා කියලා මට හිතෙනවා. මොකද, අනු කියනවා මම හදන එක ව්‍යංජනයක් එක්ක වුණත් බත් පිඟානක්ම කන්න පුළුවන්ලු. මම නම් වැඩිපුර කැමතියි අපි දෙන්නටම උයන්න වෙලාව තියනවානම් ඒක හරි විනෝදයි.


විවාහය ගැන ගත්තු ඉක්මන් තීරණේ ගැන අද සතුටින්ද?

ඇත්තටම අපි විවාහ වුණේ අපි දෙන්නා දැන හඳුනගෙන වැඩි කාලයක් යන්නත් කලින්. ඉක්මන් තීරණයක් වුණත් අද මට දැනෙනවා මම ගත්තේ හරියටම හරි තීරණේ කියලා. අනු මාවයි පුතාලාවයි හොඳටම බලා ගන්නවා අපිට නොසෑහෙන්න අදරේ දෙනවා. අපි දෙන්නම සතුටින් ජීවත් වෙනවා.


ඔස්ට්‍රේලියාවේදි මුණගැහෙන ලංකාවේ අය දර්ශිකාව හඳුනගන්නවාද?

සමහර අයනම් මම කවුද කියලා දන්නවා ඒ කා‍ලේ ලංකාවේදී වුණත් පාරෙදී මාව දැක්කට ගොඩක් අයට මාව හඳුනගන්න අමාරුයි. හැබැයි මගේ ෆේස් බුක් යාළුවෝ මට ආදරේ කරන අයගෙන් තවමත් මට ප්‍රතිචාර තියෙනවා. අවුරුදු පහකට විතර පස්සෙත් ඒ හැමෝටම මාව මතකයි කියන එක විශ්වාස කරන්න බැරි තරමේ ඇත්තක්.


පුතාලා දෙන්නා ගැන දර්ශිකා දකින්නේ මොන වගේ හීනද?

මමයි අනුයි දෙන්නම හීන දකින්නේ මේ දෙන්නම හොඳ මිනිස්සු කරන්න. එයාලා ජීවත් වෙන්නේ මොන රට තෝරා ගත්තත් කමක් නැහැ. මම කැමතියි අපි දකින හීනවල එයාලා ජීවත් වෙනවටාට වඩා එයාලා එයාලටම හීන හදා ගන්නවට. එයාලා කැමති දේ කරනවාට.


ආයේ ලංකාවේ පදිංචියට එන්න අදහසක් නැද්ද?

මම විතරක් නමෛයි අනුත් ආසාවෙන් ඉන්නේ ලංකාවට ඇවිත් වාස්තු විද්‍යාඥයෙක් විදියට වැඩ කරන්න. බලමු ඉස්සරහට අපි කොයි වගේ තීරණයක් ගනීවිද කියලා.

නෙලූෂා සිල්වා

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook