Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

නවක නිළියක් නිරුවත් දර්ශන සඳහා 
රුපියල් කෝටියක් ඉල්ලා හිටියා මම දැක්කා
නමුත් මම එහෙම කළේ නෑ 
-අනෝමා ජනාදරී

Asian World සිනමා සම්මාන උළෙලේදී ඔබට හොඳම නිළි සම්මානය ලැබුණා?

ඔව්. ලොස් ඇන්ජලීස්වල ක්‍රියාත්මක වන ඒෂියන් වර්ල්ඩ් සිනමා සම්මාන උළෙල ඔක්තෝබර් 25 සිට නොවැම්බර් 02 දක්වා පැවැත්වුණේ රටවල් පනහකට අධික සිනමාකරුවන්ගේ නිර්මාණ තරඟ වදිමින්. ඔවුන්ගේ ප්‍රධාන දායකයා ලෙස සහභාගි වුණේ ප්‍රකට නිළියක වන ඇන්ජලීනා ජොලී. ඔවුන්ගේ ප්‍රබල අරමුණ තමයි ආසියානු කලාපය තුළ නිර්මාණය වන චිත්‍රපටවලට ඔස්කාර්, ඇකඩමි සහ ගෝල්ඩන් ග්ලෝ සම්මාන උළෙලේ ඉඩකඩක් ලබාදීම. මෙහි තිබෙන විශේෂත්වය තමයි විවෘත ඉසව්වේදී කිසිදු තෝරාබේරා ගැනීමකින් තොරව ජූරිය විනිශ්චය ලබාදීම. මෙමAsian World Film Festival එකේදී දැවෙන විහඟුන් චිත්‍රපටයේ මගේ රඟපෑම අගය කළ එහි නිර්මාතෘ වන ෂැඩික් ෂෙර්නියාස් සහ විධායක අධ්‍යක්ෂ ජෝජස් ජෝජෝ ෂැම්කෝම් යන අයට මම මගේ ගෞරවය ලබා දෙනවා.

හැබැයි සම්මානය ලබා ගන්න ඔබ සම්මාන උළෙලට ගිහින් තිබුණේ නෑ. ඔබේ සම්මානය ලබා ගත්තේ අධ්‍යක්ෂවරයා?

මෙම විශේෂ සම්මාන උළෙලේ ජූරිය විසින් සම්මානය පුද කරන්නේ මගේ රඟපෑම්වලට පමණයි. තරඟ වැදුණු සෙසු චිත්‍රපට සමඟ සන්සන්දනය කිරීමේදී ඔවුන්ට තේරෙන්න ඇති අගය කළ හැකි මට්ටමක තිබෙන්නේ මගේ රඟපෑම පමණයි කියලා.
අධ්‍යක්ෂවරයා ජීවිතයෙන් නොමේරූ සිනමාවේ අත්දැකීම් අල්ප, උන්නතිකාමයෙන් පෙළෙන්නෙක්. මේ තරම් අසීරු චරිතයක් කරල ඔහු, මාව කිසිදු උළෙලකට දායක කරගෙන නැහැ. ඔහුගේ අත්තනෝමතය මේ උළෙලේදී පඩිසන් දීමක් හැටියටයි මම දකින්නේ. ඒ නිසා මට ලැබුණු සම්මානය, මට එරෙහිව දියත් කරනු ලැබූ මර්දනකාරී ආවේග ඔහුගේ හිසමත කඩා වැටීමක් හැටියටයි මම දකින්නේ.

ඔබ සම්මාන උළෙලට නොගියේ ආරාධනා නොකළ නිසාද?

දැනට අධ්‍යක්ෂවරයා ප්‍රධාන සම්මාන උළෙල දහතුනකට විතර සහභාගි වෙලා තියෙනවා. ඔහු මට කියනවා සම්මාන උළෙලවල ක්‍රියාකාරී පිළිවෙළ දන්නේ නෑ කියලා. මම විදෙස් සම්මාන උළෙල රාශියකට සහභාගි වෙලා තියෙනවා. ඒ ඔහු මේ සිනමාවට එන්න කලින්. ශිල්පීන් පැමිණ නැත්නම් සම්මාන උළෙලවලින් දැනුම් දෙනවා සම්මානය ලබාගන්න ශිල්පිනියව කැඳවන්න කියලා. සිංගප්පූරුව අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ සම්මානයට මාව කැඳෙව්වේ එහෙම. තවත් ශිල්පිනියකට, ශිල්පියකුට සම්මාන උළෙලකට සහභාගි කරගන්න ඕන කියලා අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටිනවා නම්, ඔවුන් ඒ වෙනුවෙන් ප්‍රතිපාදන සපයනවා.

අධ්‍යක්ෂවරයා ඔබට සම්මාන උළෙලට ආරාධනා නොකළේ ඔබ පසුගිය කාලය පුරාවටම ඔහුව විවේචනය කළ නිසා වෙන්න බැරිද?

දර්ශන තලයට මම යනවිටත් ඔහු මා සමඟ උරණව තමයි හිටියේ. මේ රටේ හැම අධ්‍යක්ෂවරයාම පෙන්වන්න උත්සාහ කරනවා ඔවුන්ට නළු නිළියෝ වැදගත් නැති බව. ඒකට ප්‍රධානම හේතුව අධ්‍යක්ෂවරු, රඟපෑම නොදන්නා කම.

දර්ශන තලයේදී පටන් ගැන්මේ සිටම රූගත කිරීම් ඉවර වනතුරු සිදුවුණු දේ එකින් එක විස්තර කරන්න ගියොත් ඔබේ පුවත්පත මට මදි වෙනවා. ඒත් මම හැම වෙලාවෙම කල්පනා කළේ නිර්මාණය අවසන් කරවීම තමයි මගේ වෘත්තීය කාර්යභාරය වෙන්නේ කියලා. මට ඔහුව විවේචනය කිරීමේ අයිතියක්, ප්‍රවීණත්වයක් තිබෙන නිසා මම අදටත් ඔහුගේ දුර්වලතා පෙන්වා දෙනවා. මම දන්නවා ඒ විවේචනයන් ඉදිරියේ ඒවා පිළිගන්නවා හැර අන් මාවතක් ඔහුට නැති බව.

ඔබට සම්මාන උළෙලට සහභාගි වීමට නොහැකි වීම නිසා සම්මානනීය සතුට ඔබෙන් ගිලිහෙන්න ඇති?

සහතික වශයෙන්ම ඔව්. මේ උළෙලේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වුණේ ප්‍රකට නිළි ඇන්ජලීනා ජොලී. අධ්‍යක්ෂවරයාට තේරෙන්න ඕනෙ ඇන්ජලීනා සමඟ එකට සිටගත යුත්තේ චිත්‍රපටයේ නිළිය බව. ඒවා දකිද්දී ඒ පුද්ගලයා ගැන මට ඇති වෙන්නේ මහා කලකිරීමක්.

ඔබ මේ නිර්මාණයට දායක වුණේ සම්මානනීය බලාපොරොත්තුත් එක්කද?

මේ සම්මානය මම හොයාගෙන ගිය එකක් නෙමෙයි. මගේ හැකියාව, කුසලතාව සහ වෘත්තීය මට්ටමට ලැබුණු ඇගයුමක්. මේ සම්මානය ලැබුණේ නොවැම්බර් 02 වැනිදා. අද වෙනකල් මේ අධ්‍යක්ෂවරයා පිළිගන්නේ නැහැ ඒ සම්මානය අයිති මට කියලා.

ඔබට චිත්‍රපටය තුළදී ලැබිය යුතු මුදල්මය වටිනාකම ලැබුණද?

මගේ නග්න සිරුර ජවනිකා දහතුනක් සඳහා මම ප්‍රසංග කළේ ලක්ෂ පහළොවකට. එයිනුත් මට ලැබී තිබෙන්නේ ලක්ෂ හතරක පමණ මුදලක්. නවක නිළියක් නිරුවත් දර්ශන සඳහා රුපියල් කෝටියක් ඉල්ලා හිටියා මම දැක්කා. නමුත් මම එහෙම කළේ නෑ මේ අධ්‍යක්ෂවරයාට. නමුත් දැන් ඔහු හැසිරෙන්නේ මගේ රංගනයේ අගය බාල කරලා. ඔහු ගෙවිය යුතු ගාණෙන් හතරෙන් එකක්වත් මට ගෙවලා නැහැ. අධ්‍යක්ෂවරයා සියලු දේ මං ලවා කරවාගෙන සියලු ලාභ වාසි ලබා ගන්නවා. ඔහු මං වෙනුවට සම්මාන උළෙලවලට එක්ක ගියෙත් නවක, අවශේෂ නළු නිළියන්.

දැවෙන විහඟුන් චිත්‍රපටයේ කුසුම්ගේ චරිතයට හඬ කවන්න ඔබ දායකත්වය නොදුන්නේ ඇයි?

මේ චිත්‍රපටය ඩ්ච් තාක්ෂණය යටතේ රූපගත කළ චිත්‍රපටයක්. එහි දෙබස් විතරක් නෙමෙයි හුස්ම ගැනීම් පවා සිදු කළේ සජීවී පටිගත කිරීමේ තාක්ෂණය යටතේ. ලාල් තමයි රෙකෝඩිස්ට්. සෑම බරපතළ ජවනිකාවක්ම රෙකෝඩ් කරන විට ලාල් කිව්වා ඒ ජවනිකාවල හුස්ම ගැනීම පවා වැදගත් කියලා. ඔහුට එතැන ඉන්න වෙනවා කිව්වා. ඒ ශිල්පියා ඒ වෙනකොට සියලු දේ රෙකෝඩ් කර ඉවරයි.

එසේ නම් ඇයි එයට ඔබේ හඬ නැතුව වෙනත් හඬක් පාවිච්චි කර තිබෙන්නේ?

ඒක සම්පූර්ණයෙන්ම පළිගැනීමක්. ඔහු ඔහුගේ නිර්මාණයෙන්ම පළිගන්නවා. ඒක නොමේරුකමේ ප්‍රතිඵලයක්.

ඔබ චිත්‍රපටය කරද්දී අධ්‍යක්ෂවරයාට රංගනයට අදාළ විවිධ ඉල්ලීම්වලින් බලපෑම් කළාද?

සම්මානය කෙසේ වෙතත් මුලදීම මම ඔහුට කිව්වා මෙය හරිම අසීරු චරිතයක්. අනිවාර්යයෙන්ම මට රක්ෂාණාවරණයක් දෙන්න කියලා. කිව්වා වගේම දර්ශන තලයේදී මගේ අත කැඩුණා. අධ්‍යක්ෂවරයා කිසි දෙයක් කළේ නෑ. අඩුම තරමේ රෝහලටවත් ආවේ නැහැ. ‍ෙදාස්තර සති දෙකක් නිවාඩු ගන්න කියද්දී මම පහුවැනිදා දර්ශන තලයට ගිහින්, අත ගැන නොසලකා රූගත කිරීම්වලට දායක වුණා.

චිත්‍රපටයට දායක වීමෙන් අනතුරුව අධ්‍යක්ෂවරයාත් ඔබත් අතරමෙවැනි මතවාදී ඝට්ටනයක් තිබෙන්නේ ඇයි?

අධ්‍යක්ෂවරයාට මම කිව්වා එක වතාවක් මම මේ විදියේම නිර්මාණයක් කරලා අපහරණයට ලක්වූ කෙනෙක් බව. ඒ නිසා කරුණාකරලා මේ අවස්ථාවේදී මාව අපහරණය කරන්න එපා කියලා මම ඔහුට මුලින්ම කිව්වා. ඔහු මුලින්ම මානුෂික ලීලාවෙන් තමයි වැඩ පටන් ගත්තේ. සියලු දේ කණපිට හැරුණේ මගේ ගිවිසුම ඉදිරිපත් කිරීම හරහා. ඔහුට එය අත්සන් කරන්න බෑ කිව්වා. මොකද එය හැම ජවනිකාවක්, අවස්ථාවක් ගැනම නියම නීතිමය ගිවිසුමක් ලෙස සකස් කර තිබුණේ. මගේ ගිවිසුම ප්‍රතික්ෂේප කිරීම හරහා තමයි දර්ශන තලයේදී ඔහු මාව හරස් කළේ. මට අපහාස කළේ.

අලුත් නිර්මාණ කටයුතුවලට දායකත්වය දුන්නද?

ධම්මික තිසේරාගේ මානාවාරිය, හේලංකඩ සහ ඩැනි ඩබ්ලිව්. පතිරණගේ ගිරිකුළ දෝංකාරය කියන ටෙලි නාට්‍ය තුන ඉදිරියේදී විකාශය වෙන්න තියෙනවා.

සිනමාවේ අලුත් යමක් කළේ නැද්ද?

දැන් විශේෂ සිනමා කෘති හරි අඩුයිනේ. ඔහේ තියෙන සිනමා කෘතියක මම රඟපාන්නේ නැහැ. තෝරා බේරාගත් හොඳ කෘතියක විතරයි මම රඟපාන්නේ. එහෙම නිර්මාණයක් තාම ලැබිලා නැහැ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook