Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

අසූවක් අත්අඩංගුවට ගැනුණු
අනුරපුර ගණිකා ජාවාරමේ සුල මුල  මෙන්න

අනුරාධපුරය යනු ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ ප්‍රමුඛතම ආධ්‍යාත්මික පුරවරයකි. නමුත් පසුගිය කාලය තුළ ඊට ඉඳුරාම වෙනස් අතිශ්‍ය අප්‍රසන්න සහගත තත්ත්වයක් පිළිබඳවද අනුරාධපුරයෙන් වාර්තා විය.

ඊට හේතුව ශ්‍රී ලංකාවේ ග‚කා ගහණයෙන් වැඩිම ප්‍රතිශතයක් අනුරාධපුරයෙන් වාර්තා වීමය. මෙයට ප්‍රධානතම හේතුවක් වී තිබුණේ පසුගිය යුද සමයේ උතුරුකරයේ සේවයේ යෙදුණු හමුදා සාමාජිකයන්ගේ සංක්‍රමණ ^Transit& නගරයක් ලෙස අනුරාධපුරය පැවතීමය.

ඇතැම් විට මාස දෙක තුනක වැටුප්ද සහිතව පලාලි සිට අනුරාධපුරය දක්වා ගුවන් මඟින් එන හමුදා සෙබලූ‍න් ඩැහැගැනීම සඳහා අනුරාධපුරය ආශ්‍රිත ග‚කා ව්‍යාපාරය ප්‍රබල ලෙස ව්‍යාප්ත වී තිබු‚. ඊට අමතරව එම ග‚කාවන් වෙත යන ආරක්ෂක සාමාජිකයන්ගේ මාස දෙක තුනක වැටුප් මුදල් පවා අහිමි වූ සිද්ධීන් විශාල වශයෙන් අසන්නට ලැබිණ.

මීට අමතරව වන්දනාවේ එන මුවාවෙන් අනුරාධපුරයට පැමිණෙන සල්ලාලයන් හට ග‚කාවන් සැපයීමේ යාන්ත්‍රණයක් ද අනුරාධපුරයේ ක්‍රියාත්මක විය. ඔවුන් ග‚කා නිවාස වෙත කැඳවාගැනීමට අමතරව  අනුරාධපුරය හා ඒ ආශ්‍රිතව ඇති සිය ගණනක් ලැඟ=‍ම්හල් වලින් කොටසක් වෙත එම ග‚කාවන් සැපයීමේ යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වූ අතර අනුරාධපුර ප්‍රදේශයේ ඇතැම් ත්‍රිරෝද රථ රියදුරන් එම ජාවාරමට සෘජුව හා වක්‍රව හවුල් වන බවටද තොරතුරු වාර්තා වී තිබේ.

තත්ත්වය එසේ තිබියදී ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන (ීච්) පවත්වාගෙන යන මුවාවෙන් අනුරාධපුර නගරයට පැමිණෙන පුද්ගලයන්ට කතුන් අලෙවි කළ ස්ථාන පහක් පස්වන වතාවටත් වැටලීමට පෙරේදා (06) පොලිසිය සමත්විය. එහිදී ග‚කා වෘත්තියේ නිරත වූ කතුන් දසදෙනකු අනුරාධපුර මූලස්ථාන ‍පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පරීක්ෂක ශේ‚යේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (06) සවස අත්අඩංගුවට ගනු ලැබිය.

අත්අඩංගුවට පත් සැකකාරියන් මීට පෙරත් අවස්ථා ගණනාවකදීම අවකල් ක්‍රියාවේ නිරත වීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිඛෙන බව ‍පොලීසිය පැවැසූ අතර පසුගිය මාස කිහිපයේ අඛණ්ඩව කළ වැටලීම්වලදී ග‚කා වෘත්තියේ නිරත වූ කාන්තාවන් අසූදෙනකු පමණ ‍පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිඛෙන බවද පොලීසිය පැවසීය.

ඉතා රහසිගතව සම්භාහන මධ්‍යස්ථාන වල හිමිකරුවන් කතුන් විකිŒමේ ව්‍යාපාරය පවත්වාගෙන යන බවට අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ ස්ථානාධිපතිවරයාට දිගින්දිගටම ලැබුණු පැමි‚ලි මත අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවලට අනුව රහසිගතව කළ මෙහෙයුමක් මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන ලදී.

වැටලීම සිදු කරද්දී ඇතැම් ආයතනවල හිමිකරුවන් ගේට්‌ටුවලට අගුළු දමා පොලිසිය පැමිණේ දැයි විමසිලිමත්ව සිටි බවත් ඔවුන්ට ගේට්‌ටු විවෘත කරන ලෙස පොලිසිය පැවසූ විට යතුරු නැතිවී ඇතැයි කීම නිසා පොලිසිය තාප්ප උඩින් පැන ආයතනවලට ඇතුළු වී බලද්දී තරුණ කාන්තාවන් කාමරවල සඟවා සිටි බවත් පොලිසිය පවසයි.

වයස අවුරුදු 25 - 40 අතරේ පසුවන අනුරාධපුර මැදවච්චිය පුත්තලම තඹුත්තේගම යන ප්‍රදේශවල පදිංචිකාරියන්  දසදෙනෙකු මෙලෙස අත්අඩංගුවට පත් වූ බව ‍පොලීසිය කීය.

සෝදිසි වරෙන්තු 16ක් ලබාගෙන එම ස්ථාන සියල්ල වැටලීමට උත්සහ කළත් මීට පෙර කිසියම් ආකාරයකින් සම්භාහන මධ්‍යස්ථාන හිමියන්ට වැටලීම කරන බව කලින් සැලවීමත් සමඟ ඔවුන් ආයතන වසා දමා පලාගොස් තිබූ බව ‍පොලීසිය කීය. අනුරාධපුර නව නගරය, දහයියාගම, පුබුදුපුර හා ෆ්රීමන් මාවත යන ප්‍රදේශවල පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථාන තුනක් හා නිවාඩු නිකේතන දෙකක් වටලා සැකකාරියන් අත්අඩංගුවට ගත් බව ‍පොලීසිය පැවැසීය.

මෙලෙස අනුරාධපුර නගරය ආශ්‍රිතව සිදුකෙරෙන ග‚කා ජාවාරමේ සමස්ත යාන්ත්‍රණය පිළිබඳ තොරතුරු මේ වන විට හෙළිව ඇතැයි පවසන පොලිසිය අනුරාධපුර නිවාඩු නිකේතන, ලැඟුම්හල්, විශ්‍රාමශාලා වෙත ග‚කාවන් සපයන පුද්ගලයන් සහ තැරැව්කරුවන් පිළිබඳවද ඔවුන් ගැවසෙන ස්ථාන පිළිබඳවද මේ වන විට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.

අනුරාධපුර කොට්ඨාස භාර ‍පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ සහ සහකාර ‍පොලිස් අධිකාරී චූලනී සී. වීරරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක සංජීව මහනාම, ‍පොලිස් පරීක්ෂක එම්.එස්. කුමාරසිංහ, උප ‍පොලිස් පරීක්ෂකවරුන් වන ඩී.බි.අයි. ප්‍රේමරත්න, විමල් රංජිත්, කේ.ඒ. රත්නසිරි සහ උප ‍පොලිස් පරික්ෂිකා යමුනා කාන්ති යන මහත්ම මහත්මීහු මෙම වැටලීම කළහ.

බුද්ධික මහේෂ් විෙජ්සූරිය- අනුරාධපුරය

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook