ඊළඟට ඇය මෙන්න මේ විදියට තමන්ගේ පොත ගැන විස්තර කරන්න පටන් ගත්තා.
"පුංචි කාලේ ඉඳලම අපේ ගෙදර තිබුණේ ජනමාධ්‍ය එක්කම සම්බන්ධ වුණු පරිසරයක්. ඒ අතරින් ප්‍රමුඛයා අපේ තාත්තා. (ප්‍රවීණ මාධ්‍යවේදී ගුණදාස ලියනගේ) ඒ වගේම අම්මා. ඉතිං මේ පරිසරයත් එක්ක හැදුණු අපිට ගෙදරින් ලැබුණු අත්දැකීම බොහොමයි.
"අපේ තාත්තා ඉතාමත් සෘජු තීරණ ගන්න, ඒ වගේම සැර කෙනෙක්. අම්මා බොහොම ක්‍රමානුකූලව වැඩ සැලසුම් කළ චරිතයක්. ඒ අයගේ කාර්යබහුල ජීවිත ඇතුළේ අපි බොහෝ දේවල් ඉගෙන ගත්තා.
ඒ විතරක් නෙවෙයි. සිරස ඊඍ ආයතනයට සම්බන්ධ වෙලා ප්‍රවෘත්ති නිවේදිකාවක් හැටියට වැඩ කරන්න පටන් ගන්න කොටත් විවිධ අත්දැකීම්වලට වගේම බොහෝ දේවල් ඉගෙන ගන්න ලැබුණා. මේ සම්බන්ධව තමයි මම ලිව්වේ.
අද පරපුරේ ඉන්න හුඟාක් දෙනාට ඕන ඉක්මනින් ජනප්‍රිය වෙන්න, ඉක්මනින් කැමරාව ඉදිරියේ පෙනී සිටින්න. චේතනා මේ ගැනත් මේ පොතේ කතා කරනවා.
"ඔව්. මම මේ ක්ෂේත්‍රයට ආවේ අම්මා තාත්තාගේ උදව්වෙන් හා ඔවුන්ගේ මැදිහත්වීමෙන් නෙවෙයි. මගේම කැමැත්තෙන් හා ඕනෑකමින්. ඒ ඇවිත් මම කැමරාව ඉදිරියේ පෙනී සිටිය යුතු අන්දම හා ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ කලාව ආයාසයෙන් ඉගෙන ගත්තා. ඒකට හොඳ ඉවසීමක් මට තිබුණා.
අලුත් පරපුරට දැනගන්නත් එක්ක මම ඒ ගැනත් ලිව්වා. අපි කළ වැඩසටහනක් හොඳ නැහැ කිව්වොත් හිත නරක් කරගෙන පැත්තකට වෙනවාට වඩා ඒ හොඳ නැති පැත්ත හඳුනගෙන හරිගස්ස ගන්න තරම් අපි නිහතමානි විය යුතුයි.
ඔබට එහෙම අත්දැකීම් තිබෙනවාද?
ඔව්. මම ප්‍රවෘත්ති කියපු මුල් දවස්වල හැමෝම හොඳයි කියපු අවස්ථාවක මගේ යෙහෙළියකගේ මවක් කතා කරලා ඒ තරම්ම හොඳට කළේ නැහැ කියලා අඩුපාඩු ටිකක් කිව්වා. මම ඒ විවේචනය පිළිගත්තා. යාළුවගේ අම්මා නිසා ඊර්ෂ්‍යාවට කියනවා ඇති කියලා හිතුවේ නැහැ.
චේතනා කාලෙක ඉඳලම පොතක් ලියන්න සැලසුම් කරගෙන හිටියත් හැමදාම ඒ ලියවිල්ල කල් ගියා. නමුත් "නොකියූ ප්‍රවෘත්ති" ලියන්න ඇගේ හිත පෙරදාටත් වඩා බලකළා. ඇය ඒ පිළිබඳවත් අපට මතක් කළේ මේ විදිහටයි.
මාව මේ සඳහා උනන්දු කළේ මෙහෙමයි. මම බොහෝ අවස්ථාවල මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ දේශනවලට යනවා. ඒ ගිහින් මගේ දේශනය ඉවර වුණාම හැමෝම කියන දෙයක් තමයි ඒ කියපු දේවල් පොතක් හැටියට එළිදක්වන එක හොඳයි නේද කියන එක.
මම හිතන්නේ මෙන්න මේ ඉල්ලීම් තමයි මේ පොත එළිදක්වන්න හේතු වුණේ. ධෛර්යය ලැබුණේ.
චේතනා බොහෝ කාර්යබහුල චරිතයක්. මහරාජා ආයතනයේ මානව සම්පත් කළමනාකරණ අංශයේ කළමනාකාර ධුරයක් දරන ඇය ගෙදරදිත් ඒ විදියටම වගකීම් රැසක් දරනවා.
කොහොමද ඒ කාර්යබහුල ජීවිතය අස්සේ ලියන්න වෙලාව හොයා ගන්නේ..?
ඒක නම් සැබෑවටම කතා කළ යුතු දෙයක්. කාර්යබහුල හැමෝම හිතනවා කොහොමද මේ වැඩ අස්සේ වෙනත් දෙයක් කරන්නේ කියලා.
ඇත්තම කිව්වොත් මම කාලය එක්ක සටන් කරන කෙනෙක්. කාර්යාලයේ වැඩ, ඊළඟට ප්‍රවෘත්ති මැදිරියේ වැඩ. ඒ වගේම දරුවෝ දෙන්නෙත් එක්ක ගෙදර ෙදාරේ වැඩ.
මේ හැම දෙයක් කරන ගමන්ම තමයි මම මේ පොත ලිව්වේ. සමහර දවස්වලට රෑ එකේ ඉඳලා පාන්දර 5.00 වෙනතුරු මම ලිව්වා. සාමාන්‍යයෙන් මට අත්‍යවශ්‍යම වැඩක් කරන්න තිබුණොත් මම වැඩ කරන්නේ එහෙමයි. මට ඒ විදියට වැඩ කරලා පුරුදුයි. මම හුඟාක් අඩුවෙන් නිදාගන්න කෙනෙක්. ඒක ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ තමයි. ඒත් ඒක දැන් මට පුරුද්දක් වෙලා.
අම්මගේ පුරුදු දරුවන්ට ඇවිත් නැද්ද?
විශේෂයෙන් මාධ්‍යට හිත ගිහින් තියෙනවා වගේ තේරෙනවද?
මේ ප්‍රශ්නෙත් අපි චේතනාගෙන් ඇහුවේ මේ සටහන අවසන් කරන්න හිතාගෙන.
මගේ ලොකු දූ "චවී ලිත්‍යා" ඇය හත්වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබනවා. ඇය නම් මාධ්‍ය ක්ෂේත්‍රයට ඒවි කියලා හිතන්න බැහැ. නමුත් දෙවැනි දුව "රුවී චාර්යා" නම් මාධ්‍යයට කැමැත්තක් තිබෙන බව තේරෙනවා. ඇයට දැන් අවුරුදු 9යි.
මම පුංචි කාලේ හරියට කියවනවලු. කතාව වැඩියිලු. ඒ වගේම මගේ පොඩි දූත් කතා කරනවා වැඩියි. නිවේදිකාවක් වගේ තනියම වැඩසටහන් කරනවා. මේවා මගේ ස්වාමිපුරුෂයා (ලක්සඳ) ෆෝන් එකෙන් වීඩියෝ කරලා මට පෙන්වනවා, මෙයා ඔයා වගේම වේවි කියලා.
සමන් ප්‍රියංකර නම්මුනිගේ