Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

දෙවෙනි ඉනිමේ මල්කිගේ 
හිත ගත්තේ සෙල්ලක්කාරයෙක්ද
පාසල් ප්‍රේමය කියන්නේ කොහොමත්
සමාජය තුළ තියෙන දෙයක්. 
-විදුෂි උත්තරා

දෙවෙනි ඉනිමෙ මල්කි නිසා විදුෂිත් දැන් ජනප්‍රියයි නේද?

ඔව්. මේ දවස්වල මගඟතොටදී ගත්තත් සමාජ ජාල තුළ වුණත් මිනිස්සු අතරේ කතාබහට ලක්වෙන ජනප්‍රියතම ටෙලිනාට්‍යයක් බවට දෙවෙනි ඉනිම පත් වෙලා ඉවරයි. ඉතින් ඒ හරහා මටත් මල්කි කියන චරිතය තුළින් ජනතාව අතරට යන්න හැකිවීම ගැන ඇත්තටම ලොකු සතුටක් තියෙනවා.

විදුෂි මුලින්ම කලා ක්ෂේත්‍රයට පිවිසුණ හැටි මතක් කළොත්?



මම පොඩි කාලෙදි අපේ පාසලට රූපවාහිනි සංස්ථාවෙන් ඇවිල්ලා රූපවාහිනි ළමා ඒකකයට ළමයි තෝරා ගැනීමේ වැඩසටහනක් සිදු කළා. ඒකෙන් මට අවස්ථාව ලැබුණා රූපවාහිනි ළමා ඒකකයේ වැඩවලට සම්බන්ධ වෙන්න. මම අවුරුදු හතරක්ම රූපවාහිනි ළමා ඒකකයත් එක්ක වැඩ කටයුතු කළා. ඊට පස්සේ නවය ශ්‍රේණියේ ඉන්න කොට මට ටෙලිනාට්‍යයක් සඳහා රංගනයෙන් දායක වෙන්නත් අවස්ථාව ලැබුණා. එහෙම තමයි මම මුලින්ම කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ.

එතකොට දෙවෙනි ඉනිමත් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?

මම දෙවෙනි ඉනිමට සම්බන්ධ වෙන්නේ ප්‍රභාත් චතුරංග අයියා නිසා. ඔහු කුඩා කාලෙ ඉඳන්ම මගේ හොඳ මිත්‍රයෙක්. ඔහුත් දෙවෙනි ඉනිම තුළ රංගනයෙන් දායක වෙනවා. ඉතින් දෙවෙනි ඉනිමේ අධ්‍යක්ෂතුමා, සාරංග මෙන්ඩිස් මහත්මයා තව ගෑනු ළමයෙක් මේ වෙනුවෙන් හොය හොයා ඉන්නකොට ප්‍රභාත් අයිය තමයි මං ගැන කියලා තිබුණේ. ඒ හරහා තමයි දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ රංගනය සඳහා මට අවස්ථාව සැලසෙන්නේ.

විදුෂි කලා පවුලක අභාසය ලැබුණු කෙනෙක් කියලත් ආරංචියි. ඒ ගැනත් මතක් කරමු?

ඔව්. මගේ තාත්තගේ වැඩිමල් සහෝදරිය තමයි කුසුම් රේණු කියන්නේ. මගේ මාමා තමයි ශ්‍රියන්ත මෙන්ඩිස්. ඉතින් ඔවුන් දෙදෙනාගේ ආදරය සහ ආභාසය මට පුංචි කාලේ ඉඳන්ම ලැබිලා තියෙනවා.

ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කුසුම් රේණු වගේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් දෙදෙනෙක් ඔබේ ඥාතීන් වීම ඔබට වාසියක් වෙන්න ඇති?

ඔව්. අනිවාර්යයෙන්ම. ඔවුන් දෙදෙනාම ක්ෂේත්‍රයේ ඉන්න අතිශය ජනප්‍රිය සහ ප්‍රවීණ කලාකරුවන් දෙදෙනෙක්. ඉතින් ඔවුන් දෙදෙනාම කලා ක්ෂේත්‍රයේ රැකගෙන තියෙන ගරුත්වයත් එක්ක ඒ පිළිගැනීම හා ආදරය මටත් ක්ෂේත්‍රය තුළදී ලැඛෙනවා. ඉතින් ඒ ගැන නිහතමානී සතුටකුත් තියෙනවා.

අවන්ත, අනුහස් අතරින් වැඩියෙන්ම කඩවසම් කවුද?

දෙන්නම කඩවසම් දෙවිදියකට. ඒත් මම හිතනව අනුහස් තමයි වඩා කඩවසම් කියලා.

දෙවෙනි ඉනිම හරහා පාසල් වියේදීම පෙම්වතියක් වුණු විදුෂි ඇත්ත ජීවිතේදිත් පාසල් ප්‍රේමය අත්විඳපු කෙනෙක්ද?

නැහැ. පාසල් කාලෙදි නම් මම පෙම්වතියක් නෙවෙයි. මල්කි කියන චරිතය ගත්තොත් එයා අමතර පන්ති යන වෙනමම වටපිටාවක් එක්ක හැදෙන කෙනෙක්. නමුත් විදුෂි කියන්නේ එහෙම වටපිටාවක් තිබුණු කෙනෙක් නෙවෙයි. කොටින්ම මම අමතර පන්ති ගියපු කෙනෙකුත් නෙවෙයි. අපේ තාත්තා ගුරුවරු ගෙදරට ගෙනල්ලා තමයි මට අමතර ඉගැන්වීම් කටයුතු සිදු කළේ. ඉතින් පාසල් ප්‍රේමයක් වෙනුවෙන් වටපිටාවක් මට කොහොමත් ගොඩනැඟිලා තිබුණෙ නැහැ.

පාසල් වියේ පෙම්වතියක් නොවුණට දැන් නම් ආදරය කරන්න කාලය හරි නේද?

ඔව්, මම ආදරය කරනවා. දැන් මම පෙම්වතියක්.

ඇත්ත ජීවිතේදීත් විදුෂි හොයාගෙන තියෙන්නේ දනුක වගේ සෙල්ලක්කාර කොල්ලෙක්ද?

අනේ නැහැ. එයා සෙල්ලක්කාර නැහැ. දනුකට වඩා එයා හාත්පසින්ම වෙනස්.

දෙවෙනි ඉනිමෙන් පාසල් ප්‍රේමය උලුප්පා පෙන්වීම හරහා ළමයින්ට වැරදි ආදර්ශයක් ගෙනියනවා කියලා යම් විවේචනයක් තියෙනවා. විදුෂි කොහොමද මේ විවේචනය දකින්නේ?

මම නම් ඒක එහෙම දකින්නේ නැහැ. පාසල් ප්‍රේමය කියන්නේ කොහොමත් සමාජය තුළ තියෙන දෙයක්. ටී.වී. එකේ පෙන්නුවා හෝ නොපෙන්නුවා කියලා ළමයි ආදරය කරන එක නවත්තන්නේ නැහැ. මගේ අම්මයි තාත්තායි වුණත් ආදරේ කරලා විවාහ වුණු දෙන්නෙක්. ඒ දෙන්නටත් තිබිලා තියෙන්නේ පාසල් ප්‍රේමයක්. ඉතින් ඒක පෙන්නුව කියලා ළමයි නරක් වෙනවා කියලවත්, පාසල් ප්‍රේමය වරදක් විදියටවත් මම නම් දකින්නේ නැහැ.

රංගනයට අමතරව මේ දවස්වල විශේෂ දෙයක් සිද්ධ වෙනවද?

මම රංගනයට අමතරව මේ දිනවල සිරස රේඩියෝව හරහා විකාශය වන රන් මුද්දක් හැඬුවා කියන ගුවන්විදුලි නාට්‍යයේ හඬකැවීම් ශිල්පිනියක් විදියට කටයුතු කරනවා. ඒ වගේම මම මෝස්තර නිරූපණ කටයුතුත් කරනවා.

විදුෂිගේ ඉදිරි වැඩ කටයුතු ගැනත් කියමු?

දෙවෙනි ඉනිමට අමතරව තවත් ටෙලි නාට්‍ය දෙකක කොටස් කිහිපයක රූපගත කිරීම් මේ වෙද්දී කරලා තියෙනවා. ඒවා විකාශය වීමට නියමිතව තියෙනවා ඉදිරියේදී. ඊට අමතරව තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඉතින් ඒවා පටන් ගන්නකල් හරිම ආසාවෙන් බලන් ඉන්නවා.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook