Advertisement



වනාන්තරවල වෙසෙන අලි ඇතුන් 39 දෙනකු අල්ලා එක් අලියකු රුපියල් කෝටියකට අධික මිලකට විකු­ණූ බව කියන අලි රොෂාන් නමැති සැකකරු ලබන 20 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (16දා) නියෝග කෙළේය.

රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පන්නිපිටිය, පැලැන්වත්ත පාර පදිංචි සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැති අය මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

වනජීවී දෙපාර්තමේන්තුවේ හීලෑ අලි ලියාපදිංචි කිරීමේ ලේඛන කූට ලෙස වෙනස් කර ඇති බවට පරාක්‍රම සේනානායක මහතා ඉකුත් පෙබරවාරි මස 10 වැනි දින රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

මේ සැකකරුට අයත් පන්නිපිටියේ පිහිටි අක්කරයක පමණ ඉඩමේ අලි ඇතුන් ගාල් කිරීම සඳහා වෙන් කළ ස්ථානයක් පරීක්‍ෂා කළ බව දන්වා සිටි රහස් පොලිසියේ නිලධාරීන් එම ස්ථානයේ එම අවස්ථාව වන විට අලි ගැහැනු සතුන් 4 දෙනකු සහ පිරිමි අලියකු ගාල් කර සිටි බවත් අලි ප්‍රවාහනය කිරීමට යොදා ගත් ලොරි රථ 4ක් නවතා තිබූ බවත් දන්වා සිටියේය.

එම අලි සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පරීක්‍ෂණයක් පැවැත් වූ බවත් එහිදී එහි සිටි අලි වනාන්තරවලින් අල්ලා ගත් අලි බවට අනාවරණය වූයේ යැයි රහස් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී සැකකරුගේ සහෝදරයා වන උචිත නිශාන් ධම්මික යන අයට අයත්ව අලියකු සිටින බවත් එම අලියා සහ තවත් අලියකු සීගිරියේ ස්ථානයක ගාල් කර තිඛෙන බවත් සැකකරුගේ තවත් අලියකු බූස්ස ප්‍රදේශයේ රඳවා තිඛෙන බවත් අනාවරණය වූ බව රහස් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.

මෙතෙක් සිදුකර ඇති විමර්ශන අනුව සහ ලැබී ඇති තොරතුරු අනුව වනාන්තරවලින් අල්ලා ගෙන පැමිණ නීති විරෝධී ලෙස ව්‍යාජ ලේඛන සහ වෙනත් යම් උපක්‍රම භාවිත කරමින් සකස් කරගත් බලපත්‍ර මත අලි ඇතුන් 39 දෙනකු දිවයිනේ විවිධ ප්‍රදේශවල රඳවා ගෙන සිටින බවට කරුණු අනාවරණය වී ඇතැයි රහස් පොලිසිය දන්වා සිටියේය.

එම අලින් වනාන්තරවලින් අල්ලා ගැනීමට හා එතැන් සිට අලි ඇතුන් ප්‍රවාහනය කිරීමට සම්බන්ධ වූ පුද්ගලයන් සහ ඇත් ගොව්වන් පිළිබඳව පරීක්‍ෂණ කටයුතු සිදු කරමින් පවතින බවද රහස් පොලිසිය දන්වා සිටියේය.


ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා සැකකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියම කෙළේය.


පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි නුවන් අසංග මහතා සමග පොලිස් පරීක්‍ෂක අයි. පී. සේනාරත්න මහතා පෙනී සිටියේය.

සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements