Featured News

Video Gossip

Advertisement

ඇවන්ට් ගාර්ඩ් අවි සමාගම සම්බන්ධ ක්‍රියාකාරකම් පමණක් නොව ලංකා හොස්පිටල් සමාගම ඇතුළු තවත් ආයතන කීපයකම ගනුදෙනු වලදී හිටපු ආරක්ෂක ලේකම්වරයා බලය අයුතු ලෙස පාවිච්චි කර ඇති බවට කරුණු හෙළි වී ඇති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක මහතා ඇතුළු සිව් දෙනකුට එරෙහිව විදේශ සංචාර තහංචියක් පැනවීම සම්බන්ධයෙන් කළ විමසීමක දී අදහස් පළ කරමින් රාජිත සේනාරත්න ඇමතිවරයා එම ප්‍රකාශය කළේය.

ඇවන්ට් ගාර්ඩ් සමාගම පිහිටුවීම සහ එය ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට එල්ල වී තිබුණ චෝදනාවලින් ඔහු නිදහස් වෙන බව ආණ්ඩුවේම ඇතැම් අංශ වලින් ප්‍රකාශ කර තිඛෙනවා නොවේදැයි ප්‍රශ්න කළ විට රාජිත සේනාරත්න ඇමතිවරයා සඳහන් කළේ, එම චෝදනා සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ පැවැත්වෙන බවයි.

එවැනි ප්‍රකාශන කිරීමට කිසි කෙනෙකුට අයිතියක් නැහැ. ඒ ගැන ඉහල මට්ටමේ පරීක්ෂණ තවමත් පැවැත්වෙනවා. ප්‍රශ්නය ගැන අවබෝධයක් තියෙන්නේ පරීක්ෂණ පවත්වන කණ්ඩායම් වලට පමණයි. ඒත් ඇතැමුන් විවිධ බලපෑම් යටතේ යම් යම් ප්‍රකාශන කරනවා යැයි ඇමතිවරයා පවසයි.

ඔවුන්ගෙන් ඇතැමෙක් හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් පත්වීම් දෙන ලද නිලධාරීන් වන බවත් රාජිත සේනාරත්න ඇමතිවරයා කියා සිටියි.

ඇවන්ට් ගාර්ඩ් ගනුදෙනු වලදී ඇතැම් නිලධාරීන් පවා අයුතු ආකාරයට යොදා ගෙන ඇති බවයි ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඉහත කී ප්‍රකාශන සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රතිචාරය විමසීමට දුරකථනය මගින් ඔහු සම්බන්ධ කර ගැනීමට දැරූ ප්‍රයත්නය අසාර්ථක විය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements