Featured News

Video Gossip

Advertisement

හිරුණිකා අත්අඩංගුවට ගන්න
- නීතිපති උපදෙස් දෙයි
හිරුණිකා 11 හැවිරිදි දියණියගේ
ශාක්සියකට හිරවේ

දෙමටගොඩ රෙදි වෙළෙඳසලක සේවය කළ තරුණයකු පැහැරගෙන ‍යාමේ සිද්ධියට අදාළව සැකකරුවකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හිරු‚කා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් දී තිබේ.

පොලිසිය ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් පසු ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේදී උපදෙස් දුන් බව නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීය.
මෙම පැහැරගෙන යාමේ සිද්ධියට ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ දායකත්වය හා සම්බන්ධතාව තහවුරු වීම සඳහා සාක්කි ඇති බවත්, අත්අඩංගුවේ පසුවන අනෙක් සැකකරුවන්ගේ ප්‍රකාශ හා සාක්කිකරුවන්ගේ ප්‍රකාශවලින් අනාවරණය වන කරුණු හා සැකකරුවන් අතර හුවමාරු වූ දුරකථන සංවාද වාර්තා මඟින් සාක්කි ඉදිරිපත් වී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

නීතිපතිවරයාගේ නිර්දේශ මත ඉදිරි සතිය තුළ මෙම විමර්ශන කටයුතු අවසන් කරනු ඇති බවත් අමිල ප්‍රියංකර නමැති තරුණයාගේ පැහැරගෙන යාම පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම විමර්ශනය ආරම්භ කෙළේය.

මෙම පැහැර ගැනීමේ සිද්ධිය පිළිබඳ මන්ත්‍රීවරියගේ ආරක්ෂකයකුගේ දිය‚යක පසුගිය සතියේ දුන් ප්‍රකාශයක් මඟින් විමර්ශන අලූ‍ත් මඟකට යොමු වූ අතර එම ආරක්ෂකයා ද මේ සිද්ධියට අදාළව දැනට අත්අඩංගුවේ සිටින පස්වැනි සැකකරුගේ 11 හැවිරිදි දිය‚යගේ ප්‍රකාශයට අනුව තරුණයා පැහැරගෙන යෑමෙන් පසු ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරු‚කා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හමුවට ඉදිරිපත් කැර ඇති බව අනාවරණය වී තිබේ.

සිද්ධිය සිදුවන අවස්ථාවේදී එම දිය‚ය එහි රැඳී සිට තිබේ. සී. සී. ටී. වී. කැමරා පද්ධතියේ ඇය රෙදිපිළි වෙළෙඳසලේ සිටි තරුණයා බලහත්කාරයෙන් පැහැරගෙන යන අවස්ථාවේදී ඇය සිය පියා සමඟ එම ස්ථානයේ රැඳී සිට තිබේ.

පැහැර ගත් තරුණයා මන්ත්‍රීවරියගේ කාර්යාලයට රැගෙන ගොස් තර්ජනය කැර මුදාහැර ඇති බව එම දිය‚යගේ ප්‍රකාශයෙන් සනාථ වන බව අපරාධ විමර්ශන කොට්ඨාසය පසුගිය සිකුරාදා අධිකරණය වෙත දන්වා සිටියේය.

පෞද්ගලික පවුල් ආරවුලක් සමාදාන කිරීමට කටයුතු කළ බවට මේ සිද්ධිය විස්තර කරමින් ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසා තිබු‚.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements