Featured News

Video Gossip

Advertisement

මාව විවාහක රූ රැජන කරවන්න
මහත්තයාට තමයි ඕනෑ වුණේ
- නර්මදා යාපා අබේවර්ධන

මීට ටික කලකට පෙර ඔබ අප නිවේදිකාවක්. වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස දුටු හැඩකාර කටකාර රුවැත්තිය නර්මදා යාපා අබේවර්ධන අද අප හමුවට එන්නේ ශ්‍රී ලංකා විවාහක රූ රැජන කිරුළක් පැලඳගෙනයි.

ඉතින් නර්මදා ලොකු ජයග්‍රහණයක් නේද ලැබුණේ?

ඔව්. ගොඩක් හොඳ තරගයකට පස්සේ මිසිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගෙන මිසිස් වර්ල්ඩ් තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්න අවස්ථාව ලැබුණා.

කාලයක් ටිකක් මහතට ඉඳලා කොහොමද ඉක්මනට මේ තරම් හැඩ වුණේ?

ඔව්. බබා ලැබුණට පස්සේ බර කිලෝ 30කින් විතර වැඩි වුණා. බබාට කිරි දෙන්න ඕන නිසා හොඳට කෑවා. ඒ නිසා බර ගොඩක් වැඩිවෙලා තිබුණා. ඇග හදාගන්න එක තමයි මේ තරගෙට ඉදිරිපත් වෙද්දී මට තිබුණ ලොකුම අභියෝගය වුණේ.

මාසෙකින් කිලෝ 16ක් බර අඩුකරගත්තා. මට හොඳ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් හිටියා. ඔහුගේ උපදෙස් මත ගොඩක් වර්ක් අවුට් කරලා කෑම පාලනය කරලා ගොඩක් පරිස්සමින් ඇග හදාගත්තේ.

පවු‍ලේ වැඩ, බබාගේ වැඩ සහ රැකියාව එක්ක ලස්සනට ඉන්න එක අභියෝගයක් වුණේ නැද්ද?

ඒක අමාරු වැඩක් තමයි. දැන් බබාට අවුරුද්දයි මාස 8ක්. මට මහත්තයා ගොඩක් උදව් කරනවා. අක්කිත් බබාගේ වැඩවලට උදව් කරනවා. එයාලගේ උදව් නොවෙන්න මට මේ ජයග්‍රහණය ලබාගන්න අමාරුයි.

මේ ලස්සන වෙනුවෙන් කීයක් වියදම් වුණාද?

කොහොමත් මම ලස්සනට අඳින්න පලඳින්න කැමැති කෙනෙක්නේ. ඒක හැමෝම දන්නවා. මගේ විනෝදාංශය ඇඳුම් සපත්තු එකතු කරන එක. මේ තරගය පටන්ගනිද්දී මම හිටියේ ඔස්ට්‍රේලියාවේ. මම එහෙදී ඇඳුම් සපත්තු අරගෙනයි තිබුණේ. ඒ නිසා වෙන විශේෂ වියදමක් කරලා අලුතෙන් ගන්න දෙයක් තිබුණේ නැහැ.

විවාහක රූ රැජන කිරුළ දිනාගැනීම සඳහා ඔබ ප්‍රසිද්ධ චරිතයක් වීමත් බලපෑවා කිව්වොත් හරිද?


මං එහෙම හිතන්නේ නැහැ. මොකද මේක එස්.එම්.එස්. තරගයක් ‍නෙවෙයිනේ. විනිශ්චය මණ්ඩලයේ දහදෙනෙක් මාසයක් තිස්සේ තරග වට ගණනාවකින් ලබාදුන්න ලකුණුවල එකතුවෙන් තමයි ජයග්‍රාහිකාවන් තෝරගන්නේ. එතනදී ජනප්‍රිය වෙලා හිටියා කියන එක වැදගත් සාධකයක් වුණා කියලා මං හිතන්නේ නැහැ. ජනප්‍රියත්වය සමහර වෙලාවට වදයක් විදිහටයි මේ තරගෙදී මට දැනුණේ.

විනිශ්චය මණ්ඩලය ලකුණු දුන්නේ මොනවටද එතකොට?

මුලින්ම මේ තරගයට ඉදිරිපත් වෙන්න නම් විවාහක වෙන්න ඕනේ. බඛෙක් ඉන්නට ඕනේ. තරගයේදී අපේ පෞරුෂත්වය, කැපවීම, පෙර සූදානම, කතාබහ කරන විදිය, කොටින්ම ඉඳගන්න හිටගන්න, ඇවිදින විදිය පවා විනිශ්චය මණ්ඩලයේ සැලකිල්ලට ලක්වෙනවා.

තරගයට අයැදුම් පත්‍රය දැම්මේ ඔබද?

නෑ…නෑ… මම නමෛයි. හස්බන්ඩ් තමයි මේ තරගේ ගැන තිබුණ දැන්වීම දැකලා අයැදුම්පත්‍රය දැම්මේ. පහුගිය ඔක්තෝබර්වල. ඒ වෙද්දි මම ගොඩක් මහතට හිටියේ. මම බෑ බෑ කිව්වා. ඒත් හස්බන්ඩ් කිව්වා ඔයා මේ තරගෙට යන්න. ඉක්මනට ඇග අඩු කරගන්න. මං උදව් කරන්නම් කියලා. එයා තමයි මාව උනන්දු කළේ මේකට මට ඉදිරිපත් වෙන්න.

මේ ජයග්‍රහණය බලා‍පොරොත්තුවෙන් හිටපු එකක්ද?

පළමුවෙනි දවසේ නම් මම හිතුවේ නෑ මට දිනන්න ලැඛෙයි කියලා. ලස්සන ගෑනු ළමයි ඇවිත් හිටියා. බබාලා හතර පස්දෙනෙක් ඉන්න. ඒත් ඇග හැඩට තියාගෙන ඉන්න අය හිටියා. මම කොහොමත් එච්චර කෙට්ටු කෙනෙක් නමෛයිනේ. ලොකු තරගයක් දෙන්න පුළුවන් අය හිටියා එතන.

එච්චර ලස්සන, ඇග හැඩ අය අතරින් නර්මදා ලස්සනම, හැඩම කෙනාට හිමි කිරුළ දිනුවේ කොහොමද?

මිසිස් ශ්‍රී ලංකා තරගයට අනිත් හැම සුදුසුකමක්ම එක්ක වාසනාවත් තියෙන්න ඕන. මගේ ජීවිතේ මම හරිම ලකී. ඒ මගේ දෛවය ලියවිලා තියෙන හැටි වෙන්න ඇති. අනික මම කරන දේ හොඳටම කරන කෙනෙක්.

ජයග්‍රාහිකාවන්ගේ නම් නිවේදනය කරන අවස්ථාව දැනුණේ මොන විදිහටද?

තුන්වෙනියාගේ නමත් කිව්වා. දෙවැනියාගේ නමත් කිව්වා. මම නම් හිතුවා මං ඉවරයි කියලා. එදා ගොඩාක් ඇවිදලා ඇවිදලා මහන්සියෙන් හිටිය දවසක්. නැගිටගෙන ඉන්නත් බැරුව මම පැත්තකට වෙලා බිම ඉඳගෙනයි හිටියෙත්. ඒත් පළමුවැනියාගේ නම කියන්න යද්දි මම ඇගිලි තදකරගෙන බලාගෙන හිටියා මගේ නම කියවෙයිද කියවෙයිද කියලා.

ලෝක විවාහක රූ රැජින තරගයට යන්න සූදානම්ද දැන්?

මේ මාසේ අන්තිමට චීනයේ තමයි ඒ තරගය තියෙන්නේ. ඒක මේ වගේ නමෛයි. රටවල් 70කින් විතර තරගකාරියන් එනවා. අනිවාර්යෙන්ම ඒකට හොඳ සූදානමක් ඕනේ. ඇඳුම් සූදානම් කරන කටයුතු මේ දවස්වල කරනවා. ඒකට වෙනමම ඇඳුමක් සකස් කරන්න තියෙනවා රට නියෝජනය වෙන්න. ඒ වගේම ඉන්ටර්විව් එකකට මුහුණදෙන ආකාරය වගේ ගොඩක් දේවල් සඳහා සූදානම් වෙන්න ඕනේ.

මීළග ලෝක විවාහක රූ රැජින කිරුළ ලංකාවට ලැඛෙයිද?

පුළුවන් තරම් උත්සාහ කරනවා. හැමෝම එන්නේ ඒ බලා‍පොරොත්තුවෙන්නේ. මම මේ වෙද්දි මගේ පැත්තෙන් පුදුම විදිහට මහන්සි වෙනවා. අපි බලමු මොන පැත්තට වාසනාව කැරකෙයිද කියලා.

මේ දේවල්වලට සහභාගි වුණත් ඇයි දැන් මාධ්‍යයේ පේන්න නැත්තේ?

තවම බබා ‍පොඩියිනේ. පුතා හම්බවුණාට පස්සේ මාධ්‍යයට ආවේ නැහැ. මේ ගතවෙන අවුරුදු 2 ආයෙත් ගන්න බෑනේ. පුතාට කවන්නේ ‍පොවන්නේ හැමදේම කරන්නේ මම. එයාට කවන ‍පොවන භාජනවත් වෙන කෙනෙක් හෝදනවට මං කැමැති නෑ. මට ඕනේ ඒ හැමදේම මගේ අත් දෙකෙන්ම කරන්න. මට ලෝබයි පුතා වෙනුවෙන් තියෙන කාලය අත්හරින්න. පුතා ලොකු වෙලා තේරෙන කා‍ලේ වෙනකොට, එයා මාත් එක්ක ගෙනියන්න පුළුවන් වුණාම ආයෙත් වැඩ පටන් ගන්නවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements