Advertisement

අද බිනර පොහොය දිනයයි
බිනර පොහොයෙහි ඇති වැදගත් කම


බෞද්ධ ශාස‍නයේ වැදගත් සිදුවීම් කිහිපයක් සිදුවු බිනර පුර ප‍සළොස්වක පොහොය දිනය අද(05)ට යෙදී තිබේ.


මෙම පොහොය දිනය ලෝකවාසී කාන්තාවන්ට විශේෂ වූ පොහොය දිනයක් ලෙස හැඳින්විය හැකිය.

බුදුන් වහන්සේ "විශාලා මහනුවර කූටාගාර ශාලාවේ" වැඩ වෙසෙන සමයේ "මහ ප්‍රජාපතී ගෝතමී" දේවිය හා "රෝහිනී" නදී තීරයේදී පැවිදි වූ කුමාරුවන්ගේ භාර්යාවන් 500 දෙනෙකු කසාවත් හැඳ හිසකේ සිඳ "කිඹුල්වත්" නුවර සිට "විශාලා"මහනුවර දක්වා පැමිණ "අෂ්ට ගරු ධර්ම" පිළිගත් පසු, මුල්වරට භික්ෂුශාසනය පිහිටුවීමට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ අද වැනි පොහොය දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්ය.

එසේම බුදුන් වහන්සේ පස්වග තවුසන්ට ධර්මය දේශනා කර බුද්ධත්වයෙන් පසු එළඹි පළමු වස්සාන ඍතුව "බරණැස් නුවර ඉසිපතනාරාමයේ" වැඩ වාසය ආරම්භ කළේද අද වැනි දිනක සිට බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

සංඝ රත්නයේ බිහිවීමත්, ධර්ම ප්‍රචාරයේ ආරම්භයත් මේ කාලය තුලදී සිදුවී ඇති බව පැර‚ පොත පතෙහි සදහන්ය. එසේම "තපස්සු - භල්ලූ‍ක" වෙළඳ දෙබෑයන් විසින් බුදුන් වහන්සේගේ "කේශ ධාතු" තැන්පත් කරනලද "ගිරිහඩු සෑය" ඉදිකිරීමේ කටයුතු ද අද වැනි සිදුව ඇතැයි සඳහන්වේ.

මෙදින වස් කාලය බැවින් සියලූ‍ම විහාරස්ථානවල විවිධ පින්කම් පැවැත්වෙන අතර මෙම පින්කම්වලට බෞද්ධ පින්වතුන් විශාල වශයෙන් සහභාගි වන අයුරු දක්නට ලැබේ.

මේ අතර අදට යෙදී ඇති බිනර පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් දිවයිනේ විහාරස්ථාන බොහෝමයක ආගමික වතාවත් සංවිධානය කර තිබේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements