Featured News

Video Gossip

Advertisement

අපි වෙන්වුණ හේතුව දෙවැනි දරුවගෙ
උපන්දිනෙන් එළිවෙනවා
ඩිල්ෂාන්ගේ දික්කසාද බිරියගෙන් හෙළිදරව්වක්

පුතාගෙ එක මැච් එකක්වත් එයා දැකල නෑ
එයාට කෝල් එකක් වත් දෙන්නෑ

පසුගියදා නඩත්තු නඩුවක පෙනී නොසිටීම නිසා උසාවියෙන් වරෙන්තු ලද ක්‍රිකට් ක්‍රීඩක ටීඑම් ඩිල්ෂාන් උසාවියට භාරවීමෙන් පසු මාධ්‍ය අමතා දන්වා සිටියේ තමන්ගේ නීතීඥයින්ට දිනය වැරදුණ නිසා එදා එන්නට බැරිවුණ බවයි.ඒ සමගම ඔහු කියා සිටියේ තමා දුක් මහන්සියෙන් හම්බ කළ මුදල් වරින්වර ඉල්ලන තරමට පෙර බිරියට ලබාදෙන්නට සූදානම් නැති බවයි.

දරුවා වෙනුවෙන් ලක්ෂ 300ක්ද ගෙවූ තමා මාස්පතා 40000 ක් ගෙවන බවද ඔහු කියා සිටි අතර තමන්ට මඩ ගසන මාධ්‍ය වැරදි ලෙස මේ කතාව ගොතන බව ඔහු දන්වා සිටියේය.
නමුත් මේ ප්‍රකාශය තුළ සාවද්‍ය කරුණු ඇතුළත් බව කියමින් ක්‍රිකට් ක්‍රීඩක ටීඑම් ඩිල්ෂාන්ගේ පෙර බිරිය වූ නිලංකා විතානගේ මහත්මිය මුල්වරට මාධ්‍ය අමතා කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

තමන් සහ ඩිල්ෂාන් අතර විවාහය බිඳීයාමට හේතුව සෘජුව නොකියන ඇය ඩිල්ෂාන්ගේ දෙවන කසාදයේ මුල් දරුවාගේ උපන් දිනය සහ තමාගෙන් ඩිල්ෂාන් දික්කසාදවූ 2008 මැයි 9 අතර වෙනස දකින කෙනෙකුට එය තේරුම් ගත හැකි බවද මුලින්ම කියා සිටී.

ඩිල්ෂාන් මාධ්‍ය වෙත කියා සිටි ලෙස දරුවා වෙනුවෙන් කිසිදු දවසක ඩිල්ෂාන් ලක්ෂ 300 ක් නොගෙවූ බව ඇය පවසයි.තමාගෙන් දික්කසාද වන්දිය ලෙස මිලියන 8 ක් නිවසක් හා පරණ කාර් එකක් පමණක් ලබාදුන් ඩිල්ෂාන්ට එරෙහිව පැවරූ නඩත්තු නඩුව ප්‍රකාරව මාසයට 20000 ක් පමණක් දරුවාට ලබාදුන් ඔහු ඉන් පසු කිසිදු අවස්ථාවක දරුවා බලන්නට දරුවා සමග කතා කරන්නට හෝ පසුගිය වසර 9 ක කාලයේ උනන්දු නොවූ බව ඇය පවසයි.

අඩු තරමේ ක්‍රිකට් දක්ෂතා ඇති තම දරුවාගේ මැච් එකක් වත් බලන්නට ඩිල්ෂාන් කිසිදාක පැමි‚යේ නැති බව ඇය පවසයි.දරුවාට උපන්දිනයට සුබපතන්නටවත් ඔහුට මතක් නොවන බවද ක්‍රීඩා උපකරණ පවා මිලට ගෙන ලබාදෙන්නේ තමා බවද ඇය පවසයි.

ඩිල්ෂාන් නීති ප්‍රකාරව ගෙවිය යුතු 20000 මාස 4 ක් තිස්සේ නොගෙවීම නිසා තමාට නැවත උසාවි යාමට සිදුවූ බවත් එම අවස්ථාවේ ඩිල්ෂාන්ගේ මිලියන 25 ක මාසික ආදායමින් සියයට 1 ක් පමණක් තමා දරුවා වෙනුවෙන් ඉල්ලා සිටියත් එය ලබාදෙන්නට බැරි බව ඔහු දන්වා සිටි බවත් පසුව උසාවිය 40000 බැගින් ගෙවන්නට ඔහුට නියම කළ බවද එම නඩත්තු නඩුවට ඔහු නොපැමිŒම මත පසුගියදා අත්අඩංගුවට ගන්නට නියම කළ බවද ඇය කියා සිටී.

ඩිල්ෂාන් මාධ්‍යයට හෙළිකරන ආකාරයට තමා වරින්වර මුදල් ඉල්ලීමට කිසිදු අවස්ථාවක කටයුතු කර නැති බවද ඇය දන්වයි.

ඩිල්ෂාන්ගේ නීතීඥයින්ට දිනය සටහන් කරගන්නට අමතකවීම මත එසේ එන්නට බැරිවූ බව කීවත් එම දිනය පවසන අවස්ථාවේ ඩිල්ෂාන්,ඩිල්ෂාන්ගේ පියා මෙන්ම නීතීඥයින්ද උසාවියේ සිටි බවත් එම අමතකවූ කතාව ගොතන ලද්දක් බවත් ඇය පවසයි.

ඇගේ සම්පූර්ණ කතාව පහතින්




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements