Featured News

Video Gossip

Advertisement

මම එයාව බලෙන් තියාගන්නේ නෑ
දිමංක කියන්නේ මම කැමති ගායකයෙක්


පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් රසික හදවත් දිනාගත්තු ආදරණීය නිළියක් තමයි ශාලිකා එදිරිසිංහ කියන්නේ.

ඇයගේ අලුත්ම තොරතුරු ගැනත් ආදරේ ගැනත් කතාකරලා බලන්න අපි ශාලිකාට කතා කළා.

ශාලිකා මොනවද අලුත් විස්තර..?
අලුත් විස්තර….. මේ දවස්වල චිත්‍රපටයක වැඩ කටයුතු කරනවා. තව ටෙලි නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වෙනවා.

මියුසික් වීඩියෝස්වලට නිරුවත එක්කරලා හිට් කරගන්න හදන එක ගැන මොකද හිතන්නේ..?
මෙහෙමයි නිරුවත කියන දේ ඉස්සරහට දාලා මියුසික් වීඩියෝ එක හිට් කරගන්න එකනම් ටාගට් එක, ඒක සාර්ථක වෙන්නේ නෑ. මොනද නිර්මාණයේ අදහස ඒක නෙවෙයිනම් නිරුවත පෙන්වන්න හදන එකෙන් වැඩක් නැහැ. එහෙම කරන එක නිර්මාණයට කරන අසාධාරණයක්.

ආදරේ ගැන මොකද හිතන්නේ…?
ආදරේ කියන්නේ ගොඩක් උත්තරීතර දෙයක් හැටියටයි මම දකින්නේ. ඒත් ඒ ආදරේ අද තියෙනවද කියන එක ගැටලුවක්. ආදරේ කියන උත්තරීතර හැඟීම ඇතුලේ විශ්වාසය, කැපවීම, පරිත්‍යාගය, අවබෝධය කියන දේ තියෙන්නම ඕනේ.. මගේ ජීවිතේනම් ආදරේ කියන්නේ අම්මා විතරයි..

කී දෙනෙකුට ආදරේ කරලා තියෙනවද..?
ඔය ඉතිං මොනවද අනේ අහන්නේ… එහෙම ලොකුවට සම්බන්ධයක් කියලා තිබුණේ දෙකයි.

ශාලිකාට විරහ වේදනාව දැනිලා තියෙනවද..?
අපොයි ඔව්… විරහව දැනිලා තියෙනවා. ජීවිතේ ආදරේ කියන දේ දැනෙන්නනම් විරහව කියන දේ විඳින්නම ඕනේ.. හැබැයි බොරුවට ආදරේ කරන අය නෙවෙයි.. හදවතින්ම කෙනෙක්ට ආදරේ කරලා තියෙනවනම් ඒකෙනා විරහව විඳලා තියෙනවා. බොරුවට ආදරේ කරන අයට ඒක දැනෙන්නේ නෑ. විරහ වේදනාව දන්න කෙනා ආදරේ කියන දේ තේරුම් ගන්නවා.

රංගන ශිල්පීන් හුඟක් දෙනෙක්ගේ විවාහ ජීවිතය අවුල් වෙලා තියෙනවා.. ඇයි ඒ…?
රංගන ශිල්පීන්ගේ විතරක් නෙවෙයි. ඕනම කෙනෙකුගේ ජීවිතවල ප්‍රශ්න තියෙනවා. අසල්වාසීන් එක්ක ප්‍රශ්න තියෙනවා. ඒත් රංගන ශිල්පීන් වුණාම ඒ වෘත්තිය නිසා ලබන ජනප්‍රියත්වයෙන් පොඩි ප්‍රශ්නයක් වුණත් ඒක ලොකුවට කතා වෙනවා. හුඟක් වෙලාවට රංගන ශිල්පීන් කාර්යබහුනලයි, ඉතිං ඒ දේවල් එක්ක හොඳ අවබෝධයකින් ජීවත් වෙන්න ඕනේ. කලාකරුවෝ කියන්නේ සංවේදී අය ඒ නිසා සම්බන්ධකම් ඇතිවෙනවා වගේම නැතිවෙන්නත් පුළුවන්.

විවාහ වුණාට පස්සේ එකට ජීවත්වෙන්න බැරි තරමට ප්‍රශ්න එනවනම් අයින් වෙන එකද හොඳ..?
මමනම් කියන්නේ ඈත් වෙන එක හොඳයි. හැබැයි විවාහ වෙන්න කළින් සිය පාරක් විතර හිතලා විවාහය කියන බැඳීම රදාපවත්වගන්න උත්සහ කරන්න ඕනේ.
ඒක නොහිතා විවාහ වෙලා දුක් විඳිනවනම් අයින් වෙන එක හොඳයි. ඒත් ඒක හරි අපරාධයක්. සමාජය නිසා නීතියට බය නිසා සමහරු පවුල තියාගෙන ඉන්නවා. ඒත් ඒ පවුල් ජීවිතේ ඇතුලේ ආදරේ නෑ. එහෙම ජීවත් වෙලා වැඩක් තියෙනවද..?

ශාලිකා වැඩියෙන්ම ආදරේ කරන්නේ කාටද..?
මගේ ජීවිතේ අම්මගෙන් තොර ලෝකයක් නෑ.. ඒ බැදීමට එහා යන්න බෑ.. වැඩියෙන්ම ආදරේ අම්මට.

ආදරය ඇතුලේ රාගයට කොයි තරම් ඉඩක් වෙන් කරන්න ඕනෙද..?
ආදරය තුල රාගය තියෙන්න පුළුවන්.. ඒත් රාගය තුල ආදරය තියෙන්න බැහැ..

දිමංක වෙල්ලාලගේ, ඉරාජ් වීරරත්න, හරි විවාහ යෝජනාවක් කළොත් කාවද විවාහ කරගන්න කැමැත්ත දෙන්නේ..?
දෙන්නටම කැමති නෑ.. පොදුවේ ගත්තම දිමංක කියන්නේ මම කැමති ගායකයෙක්.. මගේ ජිවිතේ සහෝදරයෙක් වගේ.. ඉතිං විවාහ යෝජනාවක් ගෙනාවොත් මම කාටවත් කැමැත්ත දෙන්නේ නෑ.

ආදරවන්තයා ගැන කිව්වොත්… 
පිස්සු කතා කරන්න එපා.. එයා ඇති කොහේ හරි…

ශාලිකාගේ ආදරවන්තයාට අනියම් සම්බන්ධයක් තිබිලා අහුවුණොත් මොකද කරන්නේ…?
එයා අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යන්නේ එහෙමත් නැත්නම් දෙවැනි පාර්ශවයක් ගාවට යන්නේ මාව ගැලපෙන්නේ නැති නිසානේ.. ඉතිං කෙනෙක්ව බලෙන් තියාගන්න පුළුවන්ද..?
මම එයාට කෙළින්ම කියන්නේ ඒක මට හොරෙන් කරන්න එපා මට කියලා අයින් වෙන්න. බොරු කරලා වෙන කෙනෙක් ගාවට යනවට වඩා ඒක හොඳයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements