Advertisement

සමිත ගොඩ කාලෙකින් අපි ළඟින් ආශ්‍රය කළේ නැහැ
මම විෂබිජවලින් ඈත්වෙලා ඉන්නේ
මොකද ලෙඩ හැදෙනවා

එකට ඉඳගෙන පවුල් කන්න ආසාවක් අපි දෙන්නටම නෑ 
– අමායා අධිකාරි

නිරූපණ ක්‍ෂේත්‍රයෙන් රංගනයට පැමිණි ඇය මේ දිනවල විකාශය වන සල්සපුනා ටෙලි නාට්‍යය නිසා වැඩිපුර කතාබහට ලක් වෙන චරිතයක්. ඇය නමින් අමායා අධිකාරියි. අමායා-අතුල විවාහ ඡායාරූප කිහිපයක් සමාජජාලාවල හුවමාරු වන නිසා ඒ ගැන අහන්න මෙවර කතාබහට ඇයව එකතු කරගත්තා.


අමායා-අතුල නැවත විවාහ වුණා කියන්නේ ඇත්තද?

අපි නැවත විවාහ වෙන්න ඩිවොස් වෙලා හිටියේ නෑ. මේක ෆොටෝ ෂූට් එකක්.


හදිසියේම විවාහ උත්සවයක් ගන්න හිතුණේ ඇයි?

මාව අන්දන කෙනාට ආසාවක් තිබුණා මාවයි අතුලවයි ඒ විදියට හැඩගන්වලා ෂූට් එකක් කරන්න. ඉතින් අපි කසාද බැන්දට විවාහ උත්සවයක් අරගෙන තිබුණේ නෑ. ඒ නිසා අපිටත් ආසාවක් හිතුණා මේ දේ කරන්න.


අතුල කැමැති වුණාද?

ඔව්. මොකද එයා මීට කලින් නිලමේ ඇඳලා තිබුණේ නෑ. එයාගේ කැමැත්තකුත් තිබුණා නිලමේ අඳින්න. ඒ නිසා එයත් මේ ෂූට් එකට කැමැති වුණා.
පහුගිය කා‍ලේ ඔබ දෙදෙනා විරසක වෙලා හිටියා. දැන් ඒ හිත් අමනාපකම් ඉවරද?
ඒ ගැන තීරණය කරන්නේ අපි දෙන්නා. විරසක වෙනවාද, ආපහු ඉන්නවද, ඩිවෝස් වෙනවද, වවාහ වෙනවද තීරණය කරන්නේ අපි දෙන්නා. මිනිස්සු තමයි එය දේ ලොකුවට ගොසිප් එකක් විදියට හිතන්නේ. ඕනම පවුලක ප්‍රශ්න තියෙනවා. ඒ ගැන කතා නොකරන තරමට මම සතුටුයි.


අතුල තාමත් ඉන්නේ වෙනම ගෙදරකද?

එයා ඉන්නේ එයාගෙ ජොබ් එකේ. මම ඉන්නේ මගේ ජොබ් එකේ. මගේ අම්මා තමයි මගේ දුවව බලාගන්නේ. කොළඹ ආවට මගේ දුවව තියන්න තැනක් නැහැ.

මොකද අම්මා විතරයි මම විශ්වාස කරන්නේ. කවදාවත් මම කොළඹ එන එකක් නැහැ. දුව ලොකු වුණාම තීරණය වෙනස් වේවිද දන්නේ නැහැ. අතුල අයියගේ වැඩවලට එයා කොළඹ ඉන්න ඕන. එයා ඉස්සර ඉඳන්ම එහෙමයි. හැමදාම මම එයාගෙ වැඩවලට උදව් කරනවා. අපි මුණගැහෙනවා. එකටම ඉඳගෙන පවුල් ජීවිතේ ගෙනියන්න ඕන කියන ආසාව අපි දෙන්නටම නැහැ.


අමායා අතීතය ගැන පසුතැවෙනවද?

නැහැ. කවදාවත් මම අතීතය ගැන පසුතැවෙන කෙනෙක් ‍නෙවෙයි.


ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නේ?

ඇත්තටම සතුටක් තියෙන්නේ.


සමිතාගේ පවු‍ලේ අයගේ හිතවත්කම තාම තියෙනවද?

මගේ කිසි ප්‍රශ්නයක් නැහැ. එයාලගේ හිතවත්කම තියෙනවද කියලා මම දන්නේ නැහැ. ගොඩ කාලෙකින් අපි ළඟින් ආශ්‍රය කළේ නැහැ. මම විෂබිජවලින් ඈත්වෙලා ඉන්නේ. මොකද ලෙඩ හැදෙනවා.


රංගන වැඩකටයුතු ගැන මතක් කළොත්?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා මගේ නාට්‍ය දෙකටම. හිතාගන්නවත් බෑ සමහර වෙලාවට.


සිනමාවට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?

තියෙනවා. චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබුණා. හොඳ වැඩක් ලැබුණොත් සම්බන්ධවෙනවා.


රංගනය නිසා නිරූපණයෙන් ඈත් වෙලාද?

මම රූම්ප් මොඩ්ලින්වලට සම්බන්ධ වෙන්නේ නැහැ. වර්තමානයේ නිරූපණ ක්‍ෂේත්‍රයේ මොඩ්ල් කෙනෙක්ට නිසි වටිනාකමක් ලැබෙන්නේ නැහැ. ලැබෙන මුදල ගමන් වියදම්වලට වියදම් වෙනවා. ඒ නිසා මනාලිය ලෙස විතරයි හැඩගැන්වෙන්නේ.


දුව කලාවට නැඹුරුයිද?

එයා ගායනයට, වාදනයට වගේම නර්තනයටත් දක්ෂයි. එයාට කැමැති දේ මම කරන්න දෙනවා.


ගායනය පැත්තෙන් ඉස්සරහට යනවට අතුල කැමැති ඇති නේද?

ඔව්. දුව මියුසික්වලට ගොඩක්ම කැමැතියි. තාත්තා එයාට ගිටාර් එකක්, පියෝනාවක් අරන් දීලා තියෙනවා. අතුල දුවට සංගීතය පැත්තෙන් උපරිම සහයෝගයක් දෙනවා.


අනාගත බලා‍පොරොත්තු මොනවගේද?

එහෙම ලොකු බලා‍පොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක් ‍නෙවෙයි මම.


තිළිණි කරුණාරත්න










gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements