Featured News

Video Gossip

Advertisement

විදේ­ශ­ය­කදී ජනතා සම්මා­න­යට පාත්‍ර­වූ
ඕස්ට්‍රේලියාවේ විශ්වවාහිනී නාළිකාවේ
ලාංකීය නිවේදිකාව
-චතූ පත්බේරිය 

ඇය කලා හැකියාවන් රැසක් ඇති යුවතියකි. වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ඇය අපේ කම රැකගනිමින් කලාවේ විවිධ අංශයන්හි දස්කම් ප්‍රකට කරන්නීය.මේ වන විට ශ්‍රී ලංකාවෙන් පිටත ඇරැඹූ ප්‍රථම ශ්‍රී ලාංකික නාළිකාව වන ඕස්ට්‍රේලියාවේ විශ්වවාහිනී නාළිකාවේ නිවේදිකාවක් ලෙස සජීවී වැඩසටහන් මෙහෙය වන්නීය. නමින් චතූ පත්බේරිය වන ඇය රසඳුන සමඟ සමීප කලාකාරිනියකි. ඇය අද තුන්වැනි පිටුවේ තාරකාව ලෙසින් ඔබ හමුවට එන්නීය.


ආයුබෝවන් චතූ. කොහොමද අලුත් තොරතුරු?


ආයුබෝවන්. කලාකටයුතු සමඟ රැකියාව කරගෙන සුපුරුදු ලෙස ඉන්නවා.


දැන් රූපවාහිනී නිවේදිකාවක් කියලා ආරංචියි.


ඔව්. ලංකාවෙන් පිටත ඇරැඹූ ප්‍රථම ශ්‍රී ලාංකේය නාළිකාව වන විශ්වවාහිනී හි සජීවී වැඩසටහන් නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා.මට මෙම අවස්ථාව ලැබෙන්නේ එහි සභාපති බන්දු දිසානායක මැතිතුමා නිසා.


ඕස්ට්‍රේලියාවේ කලා කටයුතු සිදුවන ආකාරය ගැන තොරතුරු කිව්වොත්.


මම ජීවත්වන්නේ මෙල්බර්න් නගරයේ.ලංකාවෙන් පිටත විදේශයක විවිධ කලා කටයුතු වැඩි වශයෙන්ම සිදුවෙන නගරය මෙල්බර්න් කියලා කිව්වොත් නිවැරැදියි. සියලු ක්ෂේත්‍රවලට සම්බන්ධ ශ්‍රී ලාංකික කලාකරුවන් මෙහි වාසය කරනවා. ඉන්ද්‍රජිත් මිරිහාන වැනි දක්ෂ සංගීතඥයන්, සමන් කුලරත්න, සිසිර දිසානායක වැනි ගීත රචකයන්, රනිල් මල්ලවාරච්චි වැනි ජනප්‍රිය ගායකයන්, ජයශ්‍රී චන්ද්‍රජිත්, අනුර චන්ද්‍රසිරි, භානුක මනෝරත්න වැනි වේදිකා නාට්‍ය සහ සිනමාවට සම්බන්ධ කලා ශිල්පීන් රැසක්ම මෙහි වාසය කරනවා. මෙවැනි පිරිසක් සමග එක්ව කටයුතු කරන්නට ලැබීමත් භාග්‍යයක්.


ඔබේ පෞද්ගලික තොරතුරු ටිකක් කියමුද?


මගේ ගම පාදුක්ක.පාදුක්ක සිරි පියරතන විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරුවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යා ගෞරව උපාධිය ලබාගත්තා. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය සමාජ විද්‍යාව (ශාස්ත්‍රපති සහ දර්ශනපති) ලබාගෙන මේ වන විට ඔස්ට්‍රේලියානු රාජ්‍ය සේවයේ වෛද්‍ය පුනරීක්ෂණ නිලධාරිනී (Medical Review Officer) ලෙස රැකියාව කරනවා.




නිලු­පුලී සඳ­කැ­ලුම්

ඡායාරූපය - පුබුදු දිසානායක

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements