Featured News

Video Gossip

Advertisement

දුලාජ් ආදරයකර දෙරණෙදි හමු වුන එයා දාල ගියාට 
දුලාජ්ට ආදරය කරන කෙනෙක් හමුවෙලා

අපේ විවාහ උත්සවය ලබන අවුරුද්දේ 
ගන්න තමයි හිතාගෙන ඉන්නේ

දුලාජ්ගේ පරණ පෙමටයි අළුත් පෙමටයි හිතට වදින  නවතම ගීතය මං තරම් පිං කෙරූ (Audio)



දුලාජ් ධනුෂ්ක කියන්නේ දෙරණ ඩීම්ස්ටාර් තුලින් රසික හදවත් ආදරයෙන් වැළඳගත්තු සොඳුරු ගායකයෙක්.දුලාජ් හද පත්ලෙන්ම ආදරය කළ පළමු පෙම දාල ගියාට දුලාජ්ට හදපත්ලෙන්ම ආදරය කරන පෙමක පටලැවිල දුලාජ් ළඟදි යුගදිවියට පා තබනවා කියලා ආරංචියක් ආවා. ඒ වගේම පරණ පෙමටයි අළුත් පෙමටයි හිතට වදින අලුත් ගීතයකුත් ලගදීම දායාද කරන්න ඉන්නව කියල ආරංචියි. ඉතිං ඒ ගැනත් දුලාජ්ගේ අලුත්ම විස්තර ගැනත් හොයලා බලන්න අපි දුලාජ් ධනුෂ්කට කතා කළා.

දුලාජ් මොනවද අලුත්ම විස්තර..
මං තරම් පිං කෙරූ ගීතයට අලුත් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
අද හුඟක් මියුසික් වීඩියෝ හිට් කරගන්න නිරුවත යොදාගන්නවා.. මේ ගැන මොකද හිතන්නේ..?
පිටරටවල්වලත් නිරුවත කියන දේ පාවිච්චි කරනවා. හැබැයි අපේ නිරුවත පාවිච්චි කරන්න හදන්නේ වීඩියෝව හිට් කරගන්න.
සමහර ඒවා සිංදුවට අදාලම නැහැ. ඉතිං එහෙම කරන එක වැරදියි කියලයි මම හිතන්නේ..


දුලාජ්ගේ ආදරවන්තිය ගැන ටිකක් කියමුද..?
අපි ආදරෙන් ඉන්නවා. ඇය ලංකාවේ තමයි දැන් ඉන්නේ.. අපේ විවාහය ලබන අවුරුද්දේ ගන්න තමයි සූදානම් වෙන්නේ.

කී දෙනෙකුට ආදරේ කරලා තියෙනවද…?
ආදරේ කියන හැඟීම ඕනම කෙනෙකුට ඇතිවෙන දෙයක්. මටත් ඒ වගේම ඇතිවෙලා තියෙනවා. හරි තැනදි හරි ආදරේ ලැබුණම අපි එතන නතර වෙනවා. මටත් දැන් ඒ ආදරේ ලැබිලා තියෙන්නේ.

ඉස්සෙල්ලම හිතට ආදරයක් ඇතිවුණේ කොයි කාලෙද..?
ඉස්සෙල්ලම ආදරයක් ඇතිවුණේ 11 වසරෙදි විතර..

විරහව කියන හැඟීම දැනිලා තියෙනවද..?
ඔව් විරහව කියන දේ මට දැනිලා තියෙනවා.

පූජා උමාශංකර්, උමාරියා සිංහවංශ, රිතූ ආකර්ශා අතරින් වැඩියෙන්ම කැමැති කාටද..?
හම්…. මම කැමති පූජා උමාශංකර්ට.

දුලාජ් හිතනවද ඉස්සරට වඩා හොඳ ගීත දැන් නිර්මාණය වෙනවා කියලා..?
හම්.. 2009 වගේ ඉඳන් රැල්ලක් තිබුණා. දැන් ඒ රැල්ලෙන් මිදිලා හොඳ නිර්මාණ බිහිවෙන්න පටන් අරන් තියෙනවා.
මමත් සංගීත අධ්‍යක්ෂවරයෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම හොඳ අධ්‍යක්ෂවරු ඉන්නවා. ඉතිිං හොඳ නිර්මාණ දැන් බිහිවෙනවා කියලා මම හිතනවා. හොඳ තනු නිර්මාණ එක්ක අලුත් නිර්මාණ දැන් ක්ෂේත්‍රයට එනවා.

මොනවද ඉදිරි බලාපොරොත්තු..?
මගේම සංගීත ශබ්ධාගාරයක් හදාගෙන සංගීතයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හොඳ නිර්මාණය කරලා වෙනස් දෙයක් කරන්න හිතාගෙන ඉන්නවා.

දුලාජ්ගේ නවතම ගීතය මං තරම් පිං කෙරූ





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements