Featured News

Video Gossip

Advertisement

හිරාන් – හිරුණිකාගේ පුංචි කැදැල්ලට
අළුත් අමුත්තෙක් ආවට පස්සෙ
ජීවිතේ ගොඩක් සුන්දරයිලු

හිරාන්, හිරුණිකාගේ පුංචි කැදැල්ල ආදරෙන් ලස්සන කරන්න අලුත් අමුත්තෙක් එකතුවෙලා කියලා අපට ආරංචි වුණා. ඒ පුංචි අමුත්තා ගැන වගේම අලුත් විස්තර කතා කරන්නත් අපි මෙවර රිවිසරසි කතාබහට හිරාන්ව එකතු කරගත්තා.

ජීවිතේ වෙනස්වෙලා. මොකද හිතෙන්නේ?
පුංචි පුතා නිසා පවුල සම්පූර්ණ වුණා. ඒ වගේම ලොකු සතුටක් දැනෙනවා මමයි හිරුණිකායි දෙමව්පියෝ වුණාට.



ඒ සතුටත් එක්ක වගකීම් වැඩිවුණා කියලා හිතුණද?
හිතුණා. පුංචි පුතා නිසා වගකීම් ගොඩක් වැඩිවුණත් ඒ හැමදේම බොහොම ආදරණීය විදිහට තමයි දැනෙන්නේ.

එදා ගත කරපු සැහැල්ලු ජීවිතේට වඩා වගකීම් පිරුණු ජීවිතේ ගැන මොනවද හිතෙන්නේ?
ජීවිතේට අලුත් අත්දැකීමක්. අපි විවාහවෙලා අවුරුදු දෙකක් වෙනවා. අද පුංචි පැටියා අපේ ජීවිතේ අලුත් කළා. හැමදේම වෙලාවට වුණා කියලා හිතුණා. දැන් නම් නිදි මරන්න වෙනවා. ඒ දේට දැන් ටික ටික තමයි හැඩගැහෙන්නේ. මොනවා වුනත් අලුත් ජීවිතේ සුන්දරයි.

බබාව මුලින්ම දැක්කහම මොකද හිතුණේ?
පුදුමයට පත්වුණා. එයාගේ කටහඬ ඇහෙනවත් එකක්ම හරිම ආදරණීය හැඟීමක් හිතට දැනුණේ. හිරුණිකාට වැඩිපුර අවධානයක් යොමු කරපු නිසා මුලින් බයක් දැනුණා. පස්සේ බබාව දැක්කම ඒ බය නැතිවෙලා ගියා.

කොහොමද චූටි පුතත් එක්ක ගතවෙන ජීවිතේ?
ගොඩක් සුන්දරයි. තවම එයා අඬන එක තමයි වැඩිපුර කරන්නේ.

හිරුණිකාගේ වැඩවලට මොන වගේ සහයෝගයක්ද හිරාන්ගෙන් ලැබෙන්නේ?
මුල ඉඳන්ම කැමැත්තෙන් හිටියේ අපේ වැඩ දෙන්නම කරගන්න. අපට ඕන වුණේ ලංකාවේ සාමාන්‍ය පවුලක් වගේ ජීවත් වෙන්න. මම එයාගේ හැම වැඩකටම සහයෝගය දෙනවා. හිරුණිකාගේ අම්මත් ඉන්නවා, අපේ පවු‍ලේ අයත් ඉන්නවා.

පුතාව ලොකු වුණාම කවුරු වෙනවටද කැමති?
එයා ඒ දේ තීරණය කරයි. අපි දෙන්නා හරි මාර්ගය පෙන්වනවා විතරයි. අපි එයාට බල කරන්නෙ නැහැ. මේ දේ කරන්න කියලා. මොකද අපි නිදහසේ හැදුණු ළමයි.
ඒ නිදහස එයත් භුක්ති විඳිනවට තමයි මම කැමති.

පුතාගේ කේන්දරේ බැලුවද?
අපි දෙන්නා ලොකුවට කේන්දර විශ්වාස කරන්නේ නැහැ. තවම බබාට නමක් දැම්මෙත් නැහැ. මොකද එයා ඉපදුණේ අගෝස්තු 03 වැනිදා. තවම සති කිහිපයක් වෙන්නේ.

හිරාන් කැමති වුණේ පුතෙක්ටද දුවෙක්ටද?
මම නම් ආසාවෙන් හිටියේ මුලින්ම දුවෙක් ලැබෙනවාට. අපි මුලින්ම දැනගත්තා පුතෙක් තමයි කියලා. හිරුණිකා ලොකු ආසාවකින් හිටියේ පුතෙක් ලැබෙනවාට. අම්මලා කොහොමත් කැමති පුතාලට. තාත්තලා කැමති දුවලට කියලා තියෙනවානේ. ඊළඟට දුවෙක් ලැබෙනවට තමයි මම ආසාවෙන් වගේම බලා‍පොරොත්තුවෙන් ඉන්නේ.

හිරාන් නිරූපණයට සමුදීලා කියන්නේ ඇත්තද?
ව්‍යාපාරික වැඩවලට වැඩි අවධානයක් යොමු කරන නිසා නිරූපණ කටයුතු මගහැරුණා. ඇඟ හදාගන්න ඕන. ඉදිරියට සම්බන්ධ වෙනවා. අද හෙටම ‍නෙවෙයි.

ටික කාලෙකට හරි නිරූපණයෙන් ඈත්වීම ගැන දුකක් නැද්ද?
‍පොඩි දුකක් නැත්තෙමත් නැහැ. තවම රූම්ප් එකේ ඇවිදින්න ආසයි.

සිනමාවට හිරාන්ගෙ ලොකු කැමැත්තක් තියෙනවා නේද?
ඔව්. මම කැමති සිනමාවට සම්බන්ධ වෙලා වැඩ කරන්න. කරපු චිත්‍රපට දෙකක් එන්නත් තියෙනවා. ඉදිරියේදි හොඳ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන්න බලා‍පොරොත්තුවෙන් ඉන්නවා.

රංගනයට ආරාධනා ලැබෙනවාද?

ආරාධනා නම් ලැබෙනවා. හොඳ වැඩක් ලැබුණොත් භාරගන්න කැමැත්තෙන් ඉන්නවා.

හිරුණිකා කැමතිද හිරාන් කලා කටයුතුවලට සම්බන්ධ වෙනවට?
එයා කැමතියි මම හොඳ ගුණාත්මක නිර්මාණ සඳහා සහභාගි වෙනවට.

හිරාන් දේශපාලනයට එන්න අදහසක් තියෙනවාද?
මගේ නම් අදහසක් නැහැ. හැබැයි හිරුණිකාගේ වැඩවලට උපරිමයෙන් උදව් කරනවා.

පුතා ලැබුණහම හිරුණිකා දේශපාලනයෙන් සමුගන්නවා කියන්නේ ඇත්තද?
ඒක බොරුවක්. බබා නිසා මාස තුනක් විතර දේශපාලනයෙන් ඈත්වෙන්න වෙනවා. අපේ වැඩ එහෙම වෙනවා. ඒ වගේම පසුගිය දවස්වල අපට මඩ ගැහැව්වා. හිරුණිකා කොළොන්නාවට නෑවිත් මගහැරියා කියලා. පුතා ලැබෙන්න හිටපු නිසා මමයි ඇයට ඒ පැත්තට යන්න නොදුන්නේ. එයා වැඩ කරන්න ගියාම වෙලාවට කෑමවත් ගන්නෙ නැහැ. එයා යන්න හදපු හැම වෙලාවේම මම විරුද්ධ වුණා. ඇයගේ සෞඛ්‍ය තත්ත්වය ගැන හිතලයි මම එහෙම කළේ.

අනාගත බලා‍පොරොත්තු ඇති?

ඔව්. කාටවත් කරදරයක් නොවී සුන්දරව ජීවත් වෙන්න තමයි අපේ බලා‍පොරොත්තුව.

තිළිණි කරුණාරත්න


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements