Advertisement

බිරිඳයි මාවයි නැවත එක් කළේ දුව 
– මේරියන්ස් නලින්

විවාහ දිවිය දෙදරා කැඩී බිදී යාමට ඔන්න මෙන්න තිබියදී නැවතත් තම බිරිඳ නිල්මිණි හා එක්ව ජීවන ගමන ඇරඹීමට මග පෑදුවේ තම දියණිය බව මේරියන්ස් නායක නලින් පෙරේරා පවසයි.

පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් ඔහු තම දියණිය පිළිබඳව මෙසේ පවසා ඇත.

“අපේ ප්‍රශ්නවලදී අපි බැලුවේ අපි ගැන විතරයි. නමුත් දුව හැමවේලේම අපි දෙන්නා ගැනම හිතුවා. ඒ පොඩි වයසේදී හැම පැත්තෙන්ම තැලුණු හැම පැත්තක් දිහාම කන්දීගෙන හිටපු දරුවෙක් විදිහටයි මම දුවව දකින්නේ”.

“මගේ ජීවිතේ සිදුවුණු ප්‍රශ්නවල අන්තිම කාලේදී මම තනියම ජීවත් වුණා. ඒ කාලේදී මගේ ජීවිතේ කවුරුවත් හිටියේ නෑ. මම මගේ අම්මයි තාත්තයි එක්ක හිටියා. ඒ කාලේදී මාව බලන්න ස්වේතා දුව නිතර ආවා. එයා වෙලාවකට මගේ අම්මා වගේ. පව්… ඒ කාලේ දුව තමයි ඇවිත් මගේ ඇඳුම් හෝදන්නේ. ඇඳුම් ටික හරි ලස්සනට පිළිවෙළට නවලා තියෙනවා. ඒ හැම දෙයක්ම කරලා… ‘තාත්ති… මෙහෙම ඉන්නෙපා… අපි යමු ගෙදර…’කියලා කියනවා”.

“දුව දැන් විවාහ වෙන වයසේ. මායි නිල්මිණියි ආයේ එකතුවෙන්න ඕනේ කියලා මගේ හිත නතර වුණ තැනක් තමයි දුවගේ විවාහය. මගේ දූ මනමාලියක් වෙන ලස්සන දවසේදී එයාගේ අම්මටයිතාත්තටයි දෙපැත්තකින් එන්න වේවි කියලා හිතද්දි මම හැමවෙලේම හිතින් හඬා වැළපුණා”.

“මගේ හිත ඇතුළේ ලොකු යුද්ධයක් තිබුණා. ඒවා උත්තර නැති ප්‍රශ්නයක් වුණා. සමහරවෙලාවට මගේ ඇස්වල කඳුළු.ඒ වගේ වෙලාවලදී තාත්තා දුවව බදාගෙන අඬන වෙලාවලදී මාව ගින්දරෙන් පුච්චනවා වගේ. ඒක පුදුමාකාර දඬුවමක්.සමහර වෙලාවට මට සින්දු කියාගන්න පවා බැරි තරමට උගුර වේළුණා. ඒක තමයි යතාර්ථය. මගේ හෘද සාක්ෂිය කතා කළා. අද මම ඒ හැමදේකින්ම නිදහස් වෙලා ආදරණීය තාත්තා කෙනෙක් වුණා. අන්තිමට මට ආයෙත් මගේ පවුල හම්බුණා”




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements