Advertisement

හනිමුන් එක දවසෙම රෑ අකිල ගියාම
දුකක් හිතුණේ නැහැ

මම මුලින්ම අකිලට කැමැති වුණේ නෑ
-අකිලගේ ආදරණීය බිරිඳ නෙතලි ටෙක්ෂිණි

අකිල ධනංජය ගැන මේ දවස්වල හැමෝම කතා වෙනවා. ඒ ඔහුගේ විවාහයට පසුදින තරගයේ කඩුලු හයක් ලබාගැනීමත් සමගයි. ඔහු එම තරගයට සහභාගි වෙන්නෙ විවාහය දින රාත්‍රියේම නුවරට පැමිණෙන නිසා ඒ කැපකිරීම ගැන හැමෝම බොහොම උනන්දුවෙන් කතා වුණා. ඒ ගැන අහන්න අපි අකිලගේ ආදරණීය බිරිඳ නෙතලි ටෙක්ෂිණිට කතා කළා.

විවාහය දවසෙම අකිල තරගයට සහභාගි වුණා. ඒ ගැන මොකද හිතුණේ?
විවාහය දවසෙම රෑ අපි නුවර එනවා. එදා අපේ හනිමුන් එක. ඒත් දුකක් දැනුණේ නෑ. මොකද අකිල යන්නෙ රට වෙනුවෙන් කියලා හිතුණ නිසාම. ඒ දවස නැති වුණා කියලා පසුතැවුණේ නැහැ.

දුකක් හිතුණේ නැද්ද හනිමුන් එක දවසෙම රෑ අකිල ගියාම?
නෑ දුකක් හිතුණේ නැහැ. ඔහුත් එක්ක මමත් ගියා. මට ගොඩක් සතුටු හිතුණා ඔහුට ක්‍රීඩා කරන්න ලැබිම ගැන.

විවාහයට කලින් අකිල ඔබට කීවද විවාහ උත්සවය දවසෙ තරගයට සහභාගි වෙනවා කියලා?

ඔව්. ඒ ගැන මට කලින් දන්වලා තිබුණ නිසා දුක හිතුණේ නැහැ.

අකිල තරගයට සහභාගි වෙලා කඩුලු හයක් ගන්නවා?
ඇත්තටම වෙනදා මම අකිලට කියනවා හොඳට සෙල්ලම් කරන්න කියලා. එදා මට එහෙම කියන්නත් අමතක වුණා. එදා ඔහු තරගයටත් හොඳින් සෙල්ලම් කළා. ඒ නිසයි කඩුලු හයක් ගන්න පුළුවන් වුණේ. එකපිට ඔහු කඩුලු හයක් අරගෙන තිබුණේ නැහැ. ඒ නිසා ලොකු සතුටක් තියෙන්නේ. ඇත්තටම ඒක විවාහයට අකිල දීපු තෑග්ගක් වගේ.

ඒ තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වෙනවා. ඒ ගැන අකිල මොනවද කීවේ?
දුකයි. එයාට වගේම මටත් අකිලට හොඳ දරාගැනීමේ ශක්තියක් තියෙනවා. ඒ නිසා ඒ පරාජය දරාගන්න එයාට හැකියාව තියෙනවා. ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක්. ඒ නිසා ජය පරාජය හැමෝටම ‍පොදුයි.

ඔහු එම තරගයේ වීරයා බවට පත්වීමත් දුර්ලභ අවස්ථාවක් නේද?
ඔව්, පරාජය වෙන කණ්ඩායමක තරගයේ වීරයා වීම කලාතුරකින් වෙන දෙයක්. ඇත්තටම මම හිතුවෙත් නෑ ඔහු එම තරගයේ වීරයා වෙයි කියලා. ඔහුටත් එහෙම බලා‍පොරොත්තුවක් තිබුණේ නැහැ. ඔහු තරගයක වීරයා වුණ ප්‍රථම අවස්ථාව. අකිල ඒ ගැන ගොඩක් සතුටු වුණා.

අකිල මුණගැහුණු විදිහත් මතක් කරමු?
2010දී තමයි අකිල මුණගැහෙන්නේ. පාස‍ලේ දී ඔහු වගේම මමත් ක්‍රිකට් ක්‍රීඩා කළා. ඔහු මගේ මිතුරියක් අතේ යාළු වෙන්න අහලා තිබුණා. ඒත් මම මුලින්ම කැමැති වුණේ නැහැ. අපි දෙන්නම පාසල් ගියේ පානදුර මහානාම විද්‍යාලයට.

ඊට පසුව ඔබ ඔහුට කැමැති වෙනවා?

එදා පාස‍ලේ බිග්මැච් එක දවස. ඔහු තමයි තරගයේ වීරයා වෙන්නේ. මට දුරකථන අංකය දුන්නත් මම ගත්තේ නැහැ. ඔහු ගියාට පසුවයි අංකය ගත්තේ. ඊට පස්සේ මම කතා කළා. ටික දවසක් කතා කරලා දැන හඳුන ගත්තට පස්සේ තමයි මම ඔහුට කැමැත්ත දෙන්නෙ.

අකිලට කැමැති වෙන්න විශේෂ හේතුවක් තිබුණද?
ඔව්. හොඳ ගතිගුණ නිසයි ඔහුට කැමැත්ත දුන්නේ.

දෙමාපියන් මේ සම්බන්ධයට කැමැති වුණාද?

ගෙවල් දෙකෙන්ම මුලින්ම කැමැති වුණේ නැහැ. එයාලගේ ගෙදරින් හිතුවේ එයා ක්‍රිකට් නැති කරගනී කියලා. අකිල ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වුණහම ගෙවල්වලින් ආශීර්වාදය අපට ලැබුණා.

අකිල වගේ සැමියෙක් ලැබිම ගැන මොකද හිතන්නෙ?
අකිල මං ගැන හොයලා බලනවා. මට ‍පොඩි දුකක් දැනුණත් ඔහුට මාව තේරෙනවා. ඒ නිසා ඔහු වගේ සැමියෙක් ලැබිම ගැන මම ආඩම්බර වෙනවා.

තිළිණි කරුණාරත්න

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements