Advertisement

විද්‍යා ඝාතනයේ  විත්තිකරුවන්
හතකගේ චෝදනා ඔප්පුව තිබෙනවා 

යාපනයේ ශිවලෝගනාදන් විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් 2, 3,4, 5,6,8,9 යන විත්තිකරුවන්ට එල්ලකර තිබෙන චෝදනා ඔප්පු වී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කුමාර රත්නම් මහතා යාපනය අධිකරණයට ඊයේ (12) කරුණු දැක්වීය.

ශිවලෝගනාදන් විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කිරීමට අදාළ නඩුවේ විමර්ශනය ඊයේ (12) යාපනය අධිකරණයේදී විනිසුරු එම්. ඉලංචේරියන්, ත්‍රිකුණාමලය අධිකරණ විනිසුරු අන්නලිංගම් ප්‍රේමසංගර් සහ වවුනියා විනිසුරු වී. ශිෂිමහේන්ද්‍රන් යන විනිසුරු මඬුල්ල ඉදිරියේදී විභාගයට ගැණින.

මේ නඩු විභාගයේදී නීතිඥවරුන්ගේ වාර්තාව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් වෙත ඉදිරිපත් කෙරිණි. පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් නි‍යෝජ්‍ය සොලිසිටර් ජනරාල් කුමාර රත්නම් විස්තර කළේය.

පුංකුඩුතුව් ගමේ ඇතිවූ මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ නිර්දේශ අනුව අගවිනිසුරුවරයා විසින් මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඇතිකර තිබුණි.

එම චෝදනා පත්‍රයේ විත්තිකරුවන් 9 දෙනා වෙනුවෙන් චෝදනා 41ක් ඉදිරිපත් කර ඇත. සාක්ෂි කරුවන් 43 දෙනෙකු ද ඉදිරිපත් වී තිබුණි. නඩු භාණ්ඩ 27ක් සම්බන්ධ වාර්තාවෙන් ඉදිරිපත් කර තිබුණි.

2,3, 4,5,6, 8,9 වැනි විත්තිකරුවන් සම්බන්ධ චෝදනාවන් ඔප්පු වී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් කුමාර රත්නම් මහතා අධිකරණයට කරුණු දැක්වීය.

මෙම නඩුවේ විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වාර්තාව අද (13) ඉදිරිපත් කිරීමට නියමිතය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements