Advertisement

පල්ලෙකැලේ ඉඳලා අස්ගිරියට දුවන්න කියලා 
නුවර පාසැලක රගර් සිසුවා මහ මඟ ඇද වැටී මරුට
කෙටි කලක්‌ පුහුණුවීම් නතර කොට සිට, පෙරේදා (01 දා) යළි පුහුණුවීම් ආරම්භ කරමින් කිලෝමීටර් දොළහක පමණ දුරක්‌ දිවගිය මහනුවර ත්‍රිත්ව විදුහලේ රග්බි ක්‍රීඩකයකු හදිසියේ මහමඟ ඇදවැටී මහනුවර රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස්‌ තිබේ. 


මෙසේ මියගොස්‌ ඇත්තේ මහනුවර ත්‍රිත්ව විදුහලේ දොළහ ශ්‍රේණියේ වාණිජ අංශයේ ඉගෙනුම ලබමින් සිටි පළමු පෙළ රග්බි කණ්‌ඩායමේ ක්‍රීඩකයකු වූ භාතිය ඒකනායක (17) නමැති සිසුවෙකි.

පාසල් රග්බි වාරය නිමවී සියලු රග්බි ක්‍රීඩකයන් මාස දෙකකට වැඩි කාලයක්‌ විවේකීව සිට ඇති අතර ලබන (2018) පෙබරවාරියේ යළි රග්බි වාරය ආරම්භ වන බැවින් පෙරේදා (01 වැනිදා) පෙරවරුවේ නැවත පුහුණුවීම් ආරම්භ කර ඇත. මහනුවර සිට පල්ලේකැලේ රග්බි ක්‍රීඩාංගණය දක්‌වා මහා මාර්ගයේ දුවමින් ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාමයන්හි නියුතුව සිටි තිස්‌දෙනකුට අධික ක්‍රීඩකයන් පිරිස අතර සිටි මෙම ක්‍රීඩකයා තැන්නේකුඹුර ප්‍රදේශයේදී සිහිසුන්ව ඇදවැටී ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

මියගිය ශිෂ්‍යයාගේ දේහය පිළිබඳ මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය අද (03 දා) පැවැත්වීමට නියමිත අතර පල්ලේකැලේ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පතිවරයා කියා සිටියේ තම පාසලේ දරුවකු මෙවැනි හදිසි මරණයකට ලක්‌වීම පිළිබඳව තමා දැඩි කම්පනයට පත් වී ඇති බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගුරුවරුන් සහ පුහුණුකරුවන් ඇතුළු පාසල් කමිටුවක්‌ හරහා පුළුල් පරීක්‍ෂණයක්‌ සිදු කළ බවද, එම පරීක්‍ෂණ වාර්තාව පාසල් මට්‌ටමෙන් දැනටමත් අවසන් කර ඇති බවද විදුහල්පතිවරයා සඳහන් කළේය.

"මට ආයේ නැති වෙන්න දෙයක්‌ නෑ.. මගේ ජීවිතේම නැතිවෙලා ඉවරයි..." භාතියගේ පියා වන සෙනවිරත්න ඒකනායක මහතා දරාගත නොහැකි වේදනාවෙන් ප්‍රකාශ කළේය. හෙතෙම ත්‍රිත්ව විදුහලේ අනධ්‍යයන කාර්ය මණ්‌ඩලයේ සේවකයෙකි. හීරැස්‌සගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන භාතියගේ මව ඉන්දිකා දමයන්ති ඒකනායක මහත්මියයි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements