Advertisement

තමන්ද නොදැනුවත්ම 
‘නිල් චිත්‍රපටය‘ක රඟපෑ සුලෝචනාගේ කදුළු කතාව


ඔයාගෙයි මේනකාගේ හස්බන්ඩ් නලීන් අතරේයි මොකක් හරි එෆයාර් එකක් තිබුනද?

‘කාන්චනා ඔයාගෙන් සීරියස් කාරණයක් අහන්න තියෙනවා කමක් නැත්ද්?‘ කිසිවෙකු නිවසේ නොමැති විටෙක පැමිණි සුලෝචනා වටපිට කිසිවෙකු නොමැති බව දැන රහසින් ඇසුවාය.
දරුවන් ප්‍රාථමික අධ්‍යාපනයේ යෙදෙන අවදියේ ඔවුන්ගේ මව් වරුන් ලෙස පාසල අද්දරදී කාන්චනාට හමුවූ මිතුරියන් අතරේ සුලෝචනා ද වූවාය.
‘මොකක්ද සුලෝචනා‘
සුලෝචනාගේ දෙනෙත දෙස සෘජුව බලාගත් වනම කාන්චනා අසන ලද්දේ කිසිවක් වටහාගත නොහැකි ලෙසිනි.
‘ඔයාගෙයි අර මේනකාගේ හස්බන්ඩ් නලීන් අතරේයි මොකක් හරි එෆයාර් එකක් තිබ්බද?‘
සුලෝචනා එසේ අසත්ම කාන්චනාට දවල් තරු පෙනිණ. ඒ මෙතෙක් කිසිවෙකුටත් අනාවරණය නොවූ තම ජීවිතයේ සිදුවූ බරපතලම අප්‍රසන්න වරද සුලෝචනා දැන ගත්තේ කෙසේ ද යන විමතියෙනි.
නලීන් යනු තම පුතු ප්‍රථමික පන්ති වල ඉගෙනුම ලබන අතරේ එම පන්තියේ ඉගෙනුම ලැබූ දරුවෙකුගේ පියෙකි.
කාන්චනාට ඔහු හඳුනා ගැනීමට හැකි වූයේ එම දරුවාගේ මව වන මේනකාගේ මාර්ගයෙනි.
‘ඇයි ඔයා එහෙම අහන්නේ...‘ කාන්චනා සුලෝචනාගෙන් විමසා සිටියේ හද පතුලෙන් බුර බුරා නැගෙන බිය තිගැස්ම කම්පනය හා කුතුහලය මැදිනි.
‘මෙහෙම කිව්වට තරහ වෙන්න එපා කාන්චනා‘
‘ඔයයි නලිනුයි ඉන්න බ්ලූ ෆිල්ම් එකක් වගේ විඩියෝ කට් එකක් දැන් සමහරුන්ගේ ෆෝන් වල තියෙනවා‘. ඒ කතාව ඇසු කාන්චනාට තම සියොළගම ගිනි ඇවිලෙන්නාක් මෙන් දැනුණි.
ඒ නලීන් නමැති කාමුකයා තමන් රවටා ගෙන මීට වසර කිහිපයකට පෙර හෝටල් කාමරයකට ගිය අවස්ථාවේ වූ සිදුවීමක් සිහියට නැගීමෙනි.
සුලෝචනාගේ එම කතාවෙන් ඒ සිහිසුන් නොමැතිව ඇද වැටුණු කාන්චනාගේ ජීවිතය ඉන් පසු මුළු මනින්ම වෙනස් විය.
එහි අවසන් ප්‍රතිපලය වූයේ එම කම්පනය දරා ගත නොහැකිව ඇය මානසික රෝගියකු බවට පත් වීමය.
මෙහිදී මෙම සිද්ධිය පිළිබඳව දැන ගත් බොහෝ දෙනෙකු සිතා සිටියේ මෙය කාන්චනා සමඟ අයථා ලිංගික සම්බන්ධයක් පැවැත් වූ නලින් විසින් ඇගෙන් පළි ගනු පිණිස එම ලිංගික දර්ශන සහිත විඩියෝව අන්තර්ජාලයට යොමු කොට ඇති බවකි.



එහෙත් එම විඩියෝ පටය දුටු මේනකාගේ සොයුරන් නලින්ට අමානුෂික ලෙස පහර දෙන ලදුව මේනකා ඇගේ දරුවාද සමඟ ඔවුන්ගේ මහ ගෙදරට කැඳවාගෙන ගොස් තිබිණ.


සැබැවින්ම මෙහි සිදුව ඇත්තේ බොරු ඉච්ඡා බස් දොඩා කාන්චනාගේ සිත පැහැර ගත් නලීන් දින දෙක තුනක් ඇය තානායමකට කැඳවාගෙන ගොස් ඇය හා ලිංගින සබඳතායක් පැවැත් වීමය.
එහිදී ඔහු ජංගම දුරකතනයෙන් තමන්ගේ එම හැසිරීම් විඩියෝ ගත කර පසුව මකා දමා තිබේ. පසු කලෙක අවස්ථා කිහිපයකදීම එම ජංගම දුරකතනය ක්‍රියා විරහිත වූයෙන් නලීන් ජංගම දුරකතන අළුත්වැඩියා කරන ස්ථාන කිහිපයකින්ම එය අළුත් වැඩියා කර තිබේ.
මෙසේ ඔහු විසින් මකා දමන ලද ඔවුන්ගේ ලිංගික දර්ශන සහිත විඩියෝ කොටස නැවත ලබා ගැනීමට එම අළුත් වැඩියා කරන ස්ථානයේ කිසිවෙකු සමත් වී ඇත. 
මේනකා තම වරද වටහාගෙන යළි ජීවිතය සකසා ගත් පසු මෙම වින්නැහියට මුල පිරුණේ එම විඩියෝ පටය ජංගම දුරකථන මගින් තවත් කිහිප දෙනෙකු අතට පත් වූ බැවිනි.
මෙහිදී බෙහෝ දෙනෙකු සිතා සිටිනුයේ මෙම දර්ශන ගබඩා වනුයේ මෙමරි චිපය තුළ පමණක්ය කියාය.
එහෙත් බොහෝ දෙනෙකු නොදැන සිටියද ජංගම දුරකතනයේ ඇතුල් මතකය තුළ ද මේවා ගබඩා විය හැක. නමුත් එමගින් සිදුවන මෙබඳු ව්‍යසන නීතිය හමුවට පැමිණෙනුයේ සීයට සුළු තරයක් වශයෙනි. ඒ නිසා නවීන සමාජයේ ජීවත් වන අප කවුරුත් එම අපදාවලින් අත්මිදෙණු පිනිස මෙම කරුණු තරයේ සිහි තබා ගැනීම අතිශය වැදගත්ය.
(සමාජ විද්‍යා මහාචාර්ය දයා අමරසේකර මහතාට අපගේ ස්තූතිය.)
දමයන්ති ගමගේ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements