Featured News

Video Gossip

Advertisement

මම මේ ක්ෂේත්‍රයට ආවේ ගොඩක් කට්ට කාලා
-චාමර වීරසිංහට



රසික හදවත්වල ආදරය දිනාගන්නවා කියන එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.නිහතමානී සරළ ගායකයෙක් විදිහට චාමර වීරසිංහට ලොකු රසික ආදරයක් තියෙනවා.


ඒ බව තහවුරු කරමින් පසුගියදා චාමර ‘Sri Lankan of the Year’ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.
ඉතිං මේ සොඳුරු කලාකාමී චරිතය ගැන සතිඅන්ත පුවත්පතක පලවී තිබූ සටහනක් අපි ඔබවෙත ගෙන එන්න හිතුවා.


‘Sri Lankan of the Year’ ජනප්‍රියතම ශ්‍රී ලාංකිකයාට හිමි සම්මානය ලැබුණු නිසා චාමර ගොඩක් සතුටින් ඇත්තේ?

ඇත්තටම ඔව්. මෙවර ‘Sri Lankan of the Year’ ජනප්‍රියතම ශ්‍රී ලාංකිකයාට හිමි සම්මානය මා වැනි ගායකයකුට ලැබීම ගැන නිහතමානී සතුටක් තියෙනවා.


විශ්වාසයක් තිබුණද මේ සම්මානය දෝතට ගන්න වරම් ලැබෙයි කියලා?

මම සම්මාන බලාපොරොත්තුවෙන් නම් නෙවෙයි වැඩකළේ. ලැබුණොත් සතුටින් භාර ගන්නවා කියලා හිතුවා. නමුත් රට වෙනුවෙන් හොඳ දෙයක් කළොත් එය යටපත් නොවී කොයි මොහොතේ හෝ ඇගයීමට පාත්‍ර වෙයි කියන විශ්වාසයෙන් වැඩ කළා.

ඔබේ හඬට සහ චරිතයට ආදරය කරන විශාල රසික පිරිසක් ඉන්න බව ලැබුණු සම්මානය තුළින් හෙළිදරව් වුණා නේද?

මම කොහොමත් ජනප්‍රියත්වය පසුපස ලුහුබඳින ගායකයෙක් නෙවෙයි. මේ සම්මානය මට ලැබුණත් නැතත් මම දන්නවා මට ආදරය කරන විශාල රසික පිරිසක් මා වටා ඉන්න බව. ඒක හොඳටම හෙළිදරව් වුණා මට මේ සම්මානය ලැබීමත් එක්ක.

සම්මානයත් සමඟ ලැබුණු ප්‍රතිචාර එහෙම කොහොමද?

ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබුණා. මම හිතන්නේ මේ සම්මානය මට විතරක් ලැබුණු දෙයක් නෙවෙයි කියලා. ඒක මට ආදරය කරන සියලුම රසික පිරිසට ලැබුණු සම්මානයක් හැටියටයි මම සලකන්නේ. එයාලගේ SMS මනාප නොලැබුණා නම් බොහෝදුරට මට මේ සම්මානයට හිමිකම් කියන්න පුළුවන් වෙන එකක් නැහැ.

ඔබව මේ තැනට ඔසවා තැබූ ඔබේ රසික පිරිසට කියන්නත් යමක් ඇති?

මම මේ තැනට ගෙනාව, මට මනාප ලබාදුන් මගේ රසික රසිකාවියන්ට මුළු හදවතින්ම ස්තුතිය පුදකරනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements