Advertisement

දුෂේනිත් එක්ක අනුජ්ගෙ තියන
සම්බන්ධය ගැන දුෂේනි කිවුව කථාව

දුෂේනි මියුරංගි මේවන විට ජනප්‍රිය චරිතයක්නේ.. ඇය මේ වන විට ටෙලිනාට්‍ය 5කත් එක් චිත්‍රපටයකත් රඟපා තිබෙනවා. ඇය පසුගියදා කාගේත් කථාබහට ලක්වූ අනුජ් රණසිංහ සමග සම්බන්ධයක් ඇති කරගෙන තිබෙන බව කියැවේ.

ඇය පුවත්පතකට මේ ගැන පවසා තිබුනේ මෙසේය.

උපතින්ම උරුම වූ සොඳුරු රුව ඔබට මේ ජයග්‍රහණය වගේම නිළිකමට එන්නටත් දොරටුවක් වුණා කියලා හිතනවාද?
රූ රැජිනක් වගේම නිළියක් වීමටත් රූපය සුදුසුකමක් තමයි. හැබැයි ඒ එක සුදුසුකමක් විතරයි. නිළියකට රූපය වගේම රංගන හැකියාවත් වැදගත්. රූ රැජිනක් කියූ සැනින් නම් ගොඩක් දෙනා හිතන්නේ රූපය පමණක් ඊට සෑහෙනවා කියලයි. ඒකට හේතුව දැන් ජාත්‍යන්තර මට්ටමේ කියමින් රූ රැජින තරග රාශියක් පැවැතීමයි. ඒත් පිළිගත් තරග දෙකයි තියෙන්නේ. ඒ තමයි “ලෝක රූ රැජින” තරගය හා “විශ්ව රූ රැජින” තරගය. මා ඔක්තෝබරයේ යන්නේ “ලෝක රූ රැජින” තරගයටයි. එතැනදී රූපය වගේම උස, සිරුරේ හැඩය, ගමන බිමන කතා විලාසය වැනි දේවල් වගේම බුද්ධි මට්ටමත් සලකා බලනවා.

තරගයේදී ඔබ ඔබේ බුද්ධි මට්ටම පෙන්වා ලකුණු හිමි කරගත්තේ කොහොමද?
මගෙන් ඇසූ ප්‍රශ්නය තමයි ලෝකයේ “යමක් වෙනස් කරන්නට අවස්ථාව ලැබුණොත් වෙනස් කරන්නේ මොකක්ද කියන එක” මම පිළිතුරු දුන්නේ “මින්සුන්ගේ සිත්වල දයාව, කරුණාව ඇති කරනවා. එයින් ලෝකය පුරා විහිදුනු ගැටුම්කාරී තත්ත්වය වෙනස් කළ හැකියි කියන එක. ඒකට මට විශාල ප්‍රමාණයක් ලකුණු ලැබුණා. ඒ වගේම මෙහිදී අපි සමාජ සත්කාරක ව්‍යාපෘතියක් කරලා පෙන්වන්නත් ඕනෑ. මම කළේ ඩෙංගු මර්දනය ගැන ජනතාව දැනුවත් කිරීම පිළිබඳ ව්‍යාපෘතියක්. ලෝක රූ රැජින තරගයට මම ඉදිරිපත් කරන්න බලා‍පොරොත්තු වෙන්නේත් ඒ ව්‍යාපෘතියම තමයි.

ලැබූ කිරුළ සමග කලා ලොවේ හිතවතුන් ඔබට සුබ පැතුවාද?
විනිසුරු මඩුල්‍ලේ සිටි මාලනී ෆොන්සේකා මහත්මිය වගේම තරගය නරඹන්න පැමිණි උදාරි පෙරේරා, දිනක්ෂි, සාරංග, නදීකා ගුණසේකර, අනුජ් රණසිංහ සුබ පැතුවා. දුරකථනයෙන් කතා කරලා සුබ පැතූ අයත් හිටියා.

ඒත් අද අන්තර්ජාලයේ මුහුණු ‍පොතේ සැරිසරන්නේ අනුජ් ඔබට සුබ පැතූ ඡායාරූප. ඒ වෙලාවේ ඔබේ ජයග්‍රහණයෙන් අනුජ් බොහෝ සතුටට පත්වූ බවයි පෙනෙන්නේ.?
අනුජ් මගේ හොඳම යාළුවෙක්. මිස්ටර් ශ්‍රී ලංකා තරගයෙන් දිනලා ජාත්‍යන්තරයත් නියෝජනය කරලා ලැබූ අත්දැකීම් අනුව එයා මට මේ තරගයේදී ගොඩක් උදව් උපකාර කළා.

අනුජ් හොඳම යාළුවෙක් විතරමද? ඊට එහා ගිය ඇසුරක් ඔය යාළුකමේ නැද්ද?

(හිනැහී) ඒ ප්‍රශ්නෙට පස්සේ දවසක හරි උත්තරයක් දෙන්නම්.

ආරියවංශ කුලතිලක

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements