Featured News

Video Gossip

Advertisement

අම්මට ඕනේ වුණේ මාව නීතිඥවරියක් කරන්න 
මේ ක්ෂේත්‍රයේ අභියෝග නෑ
-කාවින්ද්‍යා දුල්ෂාණි


කාවින්ද්‍යා කියන්නේ නව පරපුරේ රංගන ශිල්පිනියක්. කොන් කළ දෝණි හා පැහැසරා කියන ටෙලි සිත්තම් තුළින් මේ දිනවල ඇය ඔබ අපට මුණ ගැහෙනවා. රංගන ජීවිතෙත් පෞද්ගලික ජීවිතෙත් තොරතුරු ටිකක් කතා කරන්න ඇය අප හා එක්වුණා.



කොහොමද ඔබ මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ?
අයිටීඑන් මගින් පවත්වනු ලැබූ 2015 අවුරුදු කුමාරි තරගය හරහායි මම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. එහි අවසන් දොළොස් දෙනාව ශාන්ත සොයිසා මහතා විසින් ඔහුගේ නාට්‍යයකට තෝරාගැනීමක් කරනවා. ඒ අනුව අයිටීඑන්හි විකාශය වුණු ‘මේඝා’ නිර්මාණයට සම්බන්ධ වෙන්න හැකියාව මට ලැබෙනවා.




පොඩි කා‍ලේ ඉඳන්ම හීනයක් තිබුණද ජනප්‍රිය චරිතයක් වෙන්න?
රඟපාන්න කිසිම අදහසක් මගේ හිතේ තිබිලා නෑ. මගේ අම්මා නීතියට සම්බන්ධ වීම නිසා ඇයට ඕන වුණා මාව නීතිඥවරියක් හැටියට දකින්න. ඉතින් අම්මා දැකපු ඒ හීනය මගෙත් හීනය වුණා.

රංගනය කියන්නේ ඔබේ වෘත්තියද?
තවම මම අධ්‍යාපනය ලබන කෙනෙක්. රංගනය කියන්නේ ආසාවට කරන දෙයක් ‍නෙවෙයි. ආසාවට එහා ගියා වූ ආදරයකින් කරන දෙයක් හැටියටයි මම රංගනයේ නියැළෙන්නේ.

මොනවද ඔබව මේ දිනවල දකින්න ලැබෙන නිර්මාණ?
මේ දිනවල අයිටීඑන්හි විකාශය වන කොන්කළ දෝණි ටෙලි නාට්‍යය සහ සිරසේ විකාශය වන පැහැසරා කියන නිර්මාණයන්ට මේ වෙනකොට සම්බන්ධ වෙලා ඉන්නවා.

මොන වගේ චරිත හරහා ප්‍රේක්ෂකයන් අතරට යන්න ඔබ වඩාත්ම කැමති?
කරන්නම ඕන කියලා හිතන් ඉන්න විශේෂ චරිතයක් නම් නැහැ. ලැබෙන ඕනම චරිතයකට මගෙන් දිය යුතු උපරිමය ලබාදීලා චරිතයට උපරිම සාධාරණයක් කිරීමයි මගේ එකම අරමුණ.

නව පරපුරේ ඔබ වැනි පිරිසකට ප්‍රවීණයන්ගේ මගපෙන්වීම මොන වගේද?
ඇත්තටම නව පරපුරේ අපිට ප්‍රවීණයන් වන ඔවුන්ගෙන් ලැබෙන්නේ නොමඳ සහයෝගයක්. නිතරම කළ යුතු සහ නොකළ යුතු දේ පිළිබඳව හරිම ආදරෙන් අපිට කියලා දෙනවා. අපේ අඩුපාඩු පවා පෙන්වා දෙමින් නවක අපට ඔවුන් ලොකු ශක්තියක් වෙනවා.

ක්ෂේත්‍රයේ සිටින ඔබේ සමකාලීනයන් ඔබට අභියෝගයක්ද?
මං ඉස්සරහට යන්නේ මගේ හැකියාව සහ දක්ෂතාව මතයි. අනිත් පිරිසත් ඔවුන්ගේ දක්ෂතාව හරහා ඉදිරියට යනවා. එතැනදී කාවවත් කාටවත් අභියෝගයක් හැටියට දකින්නේ නෑ. මේ ක්ෂේත්‍රයේ අභියෝග නෑ. නමුත් හැකියාව හා දක්ෂතාව මතයි ලැබෙන චරිත තීරණය වෙන්නේ.

සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථා ලැබුණාද?
එක් සිනමා නිර්මාණයක් සඳහා මම රංගනයේ යෙදුණා. ඒක ඉදිරියේදී තිරගත වේවි. ඊට අමතරව තවත් චිත්‍රපටයකට මේ වෙනකොට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදී ඒ සඳහා සම්බන්ධ වීමට නියමිතයි.

පවු‍ලේ තොරතුරු මොනවාද?
මගේ පවු‍ලේ අම්මයි, තාත්තයි, මමයි සහ මගේ නංගිලා තුන්දෙනයි තමයි ඉන්නේ. ඔවුන් එක්ක ගොඩක් සතුටින් නිදහසේ ජීවත් වෙනවා.

ඔබ ප්‍රේමවන්තියක්ද?
ඔව්, මේ වෙනකොට මට ප්‍රේමවන්තියක් වෙනවා.

මොනවද ඉදිරි සැලසුම්?
රටේ නමක් ගොඩනගාගත හැකි මට්ටමේ හොඳ චරිතයන්ට රංගනය ලබාදෙමින් ඉදිරියට යෑමටයි බලා‍පොරොත්තු වෙන්නේ.

නඳුනි ආරියවංශ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements