Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ඩිල්ෂාන් ඉල්ලනවා බබාව නාවන්න, ඇඟ සෝදන්න එහෙම. 
ඒත් මම දෙන්නේ නෑ
- මංජුලා


තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ අපේ රටේ ක්‍රිකට් පිටියේ සුපිරි දස්කම් පෑ සුපිරි ක්‍රීඩකයෙක්.

පසුගිය දවසක උපන්දිනයට ලැබුණු අපූරු තෑග්ගක් ගැන ඩිල්ෂාන් කියලා තිබුණා.
ඒ ඩිල්ෂාන්ගේ කැඳැල්ලට ආපු අමුත්තා ගැන.

කොහොම වුණත් කවුරුත් ආදරය කරන ඩිල්ෂාන්ගේ ආදරණීය බිරිඳ මංජුලා ඔවුන්ගේ අලුත්ම විස්තර ගැන මාධ්‍යයට මේ විදිහට කියලා තිබුණා.

දැන් දරුවෝ හතරදෙනෙක්ගේ අම්මා කෙනෙක්. කොහොමද දැනෙන හැඟිම….?

හරිම හරි සතුටක් දැනෙනවා. දැන් මට හිතෙනවා මගේ ජිවිතේ හැම දෙයක්ම සම්පූර්ණයි කියලා. දැන් මට දුවලා දෙන්නෙකුයි, පුතාලා දෙන්නෙකුයි ඉන්නවා…
ඉතින් හිතේ සතුට උපරිමයි. අපිට මුලින්ම හම්බවුණේ දුවෙක්. ඊළඟට හම්බවුණේ ආයේ දුවෙක්. බාල දෙන්නා පුතාලා.

මංජුලාගේ කේන්දරේ එහෙමත් කියලා තිබුණාද මේ තරම් දරු සම්පත්වලට වාසනාව තිබෙනවා කියලා?
කේන්දරේ බලද්දී නම් අපි එහෙම එකක් ඇහුවේ නෑ. හැබැයි මට එහෙම වාසනාව තිබෙනවා කියලා මම දැනගෙන හිටියා. ඉස්සර ඉඳන්ම මම දරු පැටවුන්ට හරිම ආස කෙනෙක්.
අපි යද්දි පාරේදි එහෙම පොඩි බබාලා යද්දි වුණත් මම ඒ දිහා හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා. අදටත් එහෙමයි. මගේ අම්මා වුණත් කියන දෙයක් තමයි ඔයාට නම් කොච්චර දරුවෝ හිටියත් ඇතිවෙන එකක් නෑ කියලා…. අද ඒක හැබෑවෙලා තියෙනවා.

ආසාවෙන් හිටියේ මේ පාර දුවෙකුටද..? පුතෙකුටද..?

මේ පාර අපි දෙන්නා හිතුවේ පුතෙක් කියලයි. අපිට දුවලා දෙන්නෙක්ම ඉන්න නිසා පුතාලා දෙන්නෙකුත් හිටියොත් හොඳයි කියලා මායි ඩිල්ෂානුයි දෙන්නම හිතුවා. ඒ නිසා ආසාවෙන් හිටියේ පුතෙකුට.
(මෙහෙම කිව්ව ගමන් මංජුලාගේ ලොකු පුතා ළඟ ඉඳන් හරි අපූරු කතාවක් කිව්වා නෑ..නෑ.. මම ගේන්න කිව්ව නිසා තමයි මල්ලිව ගෙනාවේ…)

නමක් එහෙම තිබ්බද?
නමක් නම් තිබ්බා. අපි ඒක තව ටික දවසකින් කියමු නේද?
එයාගේ අක්කලා අයියා කොහොමද ඇවිත් බබාව පිළිගත්තේ…?

දැන් ඒ තුන්දෙනාටම හොඳටම තේරෙනවානේ. දැන් ලොකු දුවට වයස අවුරුදු නවයයි. දෙවැනි දුවට අවුරුදු හතහමාරක්. පුතාට හයක් වෙනවා. ඉතින් ඒ තුන්දෙනාටම හොඳට තේරෙනවා. ඉතින් පොඩි දරුවෙක් ඉපදෙද්දි අම්මා කෙනෙක් කොච්චර අමාරුවක් විඳිනවාද කියලා ඒ තුන්දෙනාම හොඳට දැක්කා.

අමාරුකම්, වෙනස්කම් හැමදෙයක්ම ඒ තුන්දෙනා හොඳට දැක්කා. ඒ නිසා ඒ අමාරුකම් දැක්ක නිසාම එයලා අතරේ තියෙන බැඳීමත් වැඩියි. ඒ එයා එළියට එනකන් මේ තුන්දෙනා දින ගැන ගැන හිටියේ කවද්ද එන්නේ…. අද එනවාද කියන්නකෝ… කිය කියා එයාලා හැමවෙලේම අහනවා.

අම්මා කෙනෙක් දරුවෙක් අතරේ තිබෙන බැඳීම එයාලා දැක්කා. අනික පුතා හම්බවෙන්න ඉන්න අන්තිම දවස් ටිකේ මට…. සෙරෙප්පු දෙක දාගන්න පවා ආමාරු වුණා. ඒ කිසිදෙයක් අමාරුවෙන් මට කරන්න මේ තුන්දෙනා දුන්නේ නෑ. මට කෑම කවනවා. මට නිදාගන්න ඔළුව අතගානවා. ඒවා හරි සුන්දර දේවල්. ඒ දවස්වල මට හැමදෙයක්ම ගෙනත් දුන්නේ මේ තුන්දෙනා.
එතකොට කොහොමද ඩිල්ෂාන්ගෙන් ලැබුණු සැලකිලි එහෙම…?

මෙහෙමයි මගේ මුල් දරුවන් තුන්දෙනා ඉපදෙන්න ඉඳිද්දි ඩිල්ෂාන්ට කීපවතාවක්ම එකදිගට රැඳෙන්න බැරිවුණා.

මාස තුනක් එකදිගට දරුවන් ලැබෙද්දි එයාට ඉන්න ලැබිලාම නෑ. මේ පුතා තමයි මට දරු පැටියෙක් හම්බවෙන්න ඉන්නවා කියලා දැනගත්ත දවසේ ඉඳන්ම පුතා හම්බවෙන දවස දක්වාම ඩිල්ෂාන් ළඟ හිටපු අවස්ථාව. එයාට දැන් හැමෝගේම ආදරය වැඩිවෙන හින්දා එයා දැන් පවුලේ හුරතලා වෙලා.
පුතා ඉපදුනේ මොන රෝහලේදීද.?

පුතා ඉපදුනේ නාරාහේන්පිට නයින්වේල් රෝහලෙදියි.

දරුව ඉපදෙද්දි ඩිල්ෂාන් ළඟ හිටියද..?

ඔව් ඔපරේෂන් එකට යනකොටත්, ඔපරේෂන් කරලා ඉවර කරනතුරුත් ඩිල්ෂාන් මගේ ගාව හිටියේ. ඩිල්ෂාන්ට ළඟ ඉන්න හම්බවුණේ නැත්තේ මගේ ලොකු පුතා ඉපදෙද්දි තමයි.
දුවලා දෙන්න ඉපදෙද්දීත් ඩිල්ෂාන් ළඟ හිටියා. ලොකු පුතා ඉපදෙද්දී ඩිල්ෂාන් කණ්ඩායමේ නායකයා විදිහට පළවෙනි වතාවට ලැබිලා.

එයා ටෙස්ට් පිටියට යනවා මම හොස්පිටල් එකට යනවා. මට තාම මතකයි එදා අපි දෙන්නා ස්කයිප් එකෙන් කතාකර කර තමයි ගියේ. ඉතින් ලොකු පුතා ඉපදෙද්දි විතරයි ඩිල්ෂාන් ළඟ හිටියේ නැත්තේ.

ඇත්ත කියන්න.. පුංචි පුතා කවුරු වගේද..?

ඔය ප්‍රශ්නේ කවුරුහරි මගෙන් ඇහුවොත් මම කියනවා මම වගේ කියලා. ඩිල්ෂාන්ගෙන් ඇහුවොත් ඩිල්ෂාන් කියනවා එයා වගේ කියලා. (ඔන්න ඉතින් ආයෙමත් ලොකු පුතාගේ කට ඇරුණා. මල්ලි මම වගේ) පේනවා නේද ඔය ප්‍රශ්නේ දුවලා දෙන්නාගෙන් ඇහුවොත් කියන්නේ ඒ දෙන්නා වගේ කියලා තමයි.

ඩිල්ෂාන්ට හොඳට පුරුදුයිද බබාව වඩාගන්න නලවන්න එහෙම…?

ඩිල්ෂාන් ඉල්ලනවා බබාව නාවන්න, ඇඟ සෝදන්න එහෙම. ඒත් මම දෙන්නේ නෑ. මට බයයි. හැබැයි මම ඒ දෙවල් කරද්දි ළඟට වෙලා ඉඳලා මට උදවු කරනවා.

කවුද මුලින්ම බබා බලන්න ආවේ…?

මුලින්ම බබා බලන්න ආවේ ඩිල්ෂාන්ගේ අම්මා. ඩිල්ෂාන් පුතා ඉපදෙද්දි ළඟ හිටියනේ. ඉතින් මුලින්ම ආවේ ඩිල්ෂාන්ගේ අම්මා. අවුරුදු ගණනාවකට පස්සේ ඒ හැමෝම පුතා ළඟ පිරුණා. ඒක හරිම සුවශේෂී සිදුවීමක් වුණා. එදා ඇත්තටම අපිට ලොකු සතුටක් දැනුණා.

හොස්පිටල් එකේ අයත් අවාද ඩිල්ෂාන්ගේ අලුත් බබාව බලන්න…?

නයින්වේල් හොස්පිටල් එක ඇත්තටම අපිට අපේ ගෙදර වගේ. ඒ හැමෝම හරිම සුහදශීලි පිරිසක් අපිට ළඟම නෑ හිතමිතුරන් පිරිසක් වගෙයි. හොස්පිට්ල් එකේ හැමෝම වගේ අපිව බලන්න ආවා.

බබාගේ පින්තූර දැකපු අයගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද..?

බොහෝ දෙනා අපිට කතාකරලා සමහරු කිව්වා පුතා ඩිල්ෂාන් වගේ කියලා. සමහරු කිව්වා පුතා මම වගේ කියලා. ඉතින් කට්ටිය අපිට සුභ පැතුවා.

දරුවන්ගේ අනාගතය ගැන හිතෙද්දි අම්මා කෙනෙක් විදිහට මොනවද දැනෙන බලාපොරොත්තු..?
මට ලොකු ආඩම්බරයක් දැනෙනවා. කාන්තාවක් විදිහට අම්මා කෙනෙක් විදිහට දුවෙක් විදිහට බිරිඳක් විදියට වගකීම් කියලා දෙයක් තියෙනවානේ. ඉතින් මම හිතන්නේ අපි දරුවෝ හැදුවාට විතරක් මදි. ඒ දරුවන් හොඳ දරුවන් විදිහට ලෝකයට දායාද කරන්න ඕනේ.

ඉතින් පුතාලා දෙන්නට තව දුවලා දෙන්නෙක් ලැබේවි. එයලා තව ලස්සන ගමනක් යාවි. දුවලා දෙන්නට තව හොඳ පුතාලා දෙන්නෙක් ලැබේවි. එයාලාගේ ගමනෙදි එයාලා තව දරුවන් අරගෙන යාවි. මායි ඩිල්ෂානුයි මේ දරැවන් හතරදෙනාටම ආදරේ දීලා ඒ ආදරේ විඳවන්නේ නැතිව විඳින්නයි මට ඕනේ. ඉතින් ඒ වගේම මට මේ දරුවන් දරන්න පුළුවන් වීම ගැන ලොකු ආඩම්බරයක් මගේ හිතේ තියෙනවා.





gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook