Advertisement

මට නම් ප්‍රවීණයන්ගෙන් කැපිලි
ඕන තරම් වෙලා තියනවා
සම්මාන උළෙලක දී සම්මානයක් ගන්න ආසයි
-මේනකා මධුවන්ති

මේනකා මධුවන්ති කියන චරිතය ගැන පසුගිය දවස්වල වැඩියෙන්ම කතාබහට ලක්වුණේ හයිවේ එකේ ඩාන්ස් කරන ගමන් වාහනයක් එළවපු සිද්ධියේ වීඩියෝව නිසා.

නර්තන ශිල්පිනියක් විදිහට කලාවට සම්බන්ධ වෙලා දැන් නිළියක් විදිහට කටයුතු කරන ඇය ගැන සතිඅන්ත පුවත්පතක මේ විදිහට සටහන් වෙලා තිබුණා.

වැඩිපුරම කැමති මේනකාව කවුරු විදියට හදුන්වනවටද?
මාව මිනිස්සු අදුර ගත්තේ නර්තන ශිල්පිනියක් විදියට. ඉතින් මම ඒකට කැමතියි.

ඒ කියන්නේ මිනිස්සු පසුව ඔබව විවිධ විදියට අඳුර ගත්තා කියන එක ද?
ඔව්. මුලින්ම නර්තන ශිල්පිනියක්, ඊට පස්සේ නිවේදිකාවක් ඊටත් පස්සේ සිනමා, ටෙලිනාට්‍ය නිලියක්. ඕන නම් ව්‍යාපාරිකාවක් කියලා කියන්නත් පුළුවන්.

කාන්තාවන් තමන්ගෙ පෙනුමට ගොඩාක් කැමතියි. ඒත් ඔබ සමහර වෙලාවට ඒ ගැන දුක් වෙනවලු නේ. ඇයි ඒ?
සමහර හරිම ලස්සන නිර්මාණ මට නොලැබෙන්නේ මගේ පෙනුමේ තියන බටහිර බව නිසා බව දැනගන්න කොට අයියෝ කියලා හිතෙනවා. ගැමි චරිතවලට මගෙ පෙනුම ප්‍රශ්නයක්ලු.

වේදිකාවේ දකින්න ලැබෙන්නේ කවද්ද?
ඉතා ඉක්මනින්ම. පහුගිය කාලෙ දි නම් කතා කරපු ගොඩක් නිර්මානවලට තියන කාරයබහුලත්වය නිසාම යන්න බැරි වුනා. දැන් මම ටිකක් ෆ්‍රී. ඒ නිසා හොඳ නිර්මාණයකට එකතු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඇයි වැඩිය සම්මාන උළෙලවල්වල පේන්න නැත්තේ.
එහෙම විශේෂයෙන්ම කියලා කියන්න හේතුවක් නම් නෑ .

ඔබට සම්මන නොලැබෙන නිසා ඒවට යන්නේ නැද්ද?

අපොයි කව්ද ඒ මඩ ගැහුවේ. එහෙම එකක් නෑ. මම රයිගම් සම්මාන උළෙල තුළදීත් හොඳම නිලියට යෝජනා වුනා. සම්මානයක් ගන්න නම් ලංකාවේ හොඳම ඒවයේ රඟපාන්නම ඕන නෑ.

ඒ කියන්නේ සම්මාන උළෙලවල් ගැන ඔබට විවේචන තියනවා.
අනිවාර්යයෙන්ම ඔව්.

ප්‍රවීනයන්ගෙන් තරුණ පරපුරට ලැබෙන සහයෝගය කොහොම ද?

හැමෝම නෙවෙයි ටික දෙනෙක් ඉන්නවා අපි කාල ඇඳලා ඉන්නවටත් ඉරිසියා කරන අය. පුද්ගලිකව මට නම් ප්‍රවීණයන්ගෙන් කැපිලි ඕන තරම් වෙලා තියනවා.

ඒ කිව්වෙ?
මොකක් හරි ප්‍රශ්නයක් උනාම ඒ අය හැසිරෙන්නේ කවදාවත් තමන්ට එහෙම දෙයක් නොවුන ගානට. මට සමහර අවස්ථාවවල දී එහෙම ප්‍රශ්න මත වැඩවලින් අයින් වෙන්න වෙලත් තියනවා.

අතීතයට ගිහිල්ලා කොතන හරි වැරදුන තැනක් හදාගන්න දුන්නොත් ?
ම්ම්ම්. හරි මම එහෙම අවස්ථාවක් හම්බ උනොත් කරන්නේ මුලින්ම මම මිනිස්සුන්ව විශ්වාස කරලා අමාරුවේ වැටුන තැන හදා ගන්නවා.

අනාගතේ ගැන මොකද හිතන්නේ.
අනාගතයේ දවසක දක්ෂතා නිවැරදිව අගයන සම්මාන උළෙලක දී සම්මානයක් ගන්න ආසයි. මම හිතනවා “අනෝරා” ඒකට පාර කපයි කියලා.

මෙගා නාට්‍ය තහනම් කරනවට කැමතිද?

ඇත්තම කතාව කිව්වොත් නාට්‍ය මෙගාද නැද්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. කතාව මෙලෝ රහක් තියනවද නැද්ද කියන එක. මෙගාවලත් ලස්සන කතා තියන ඒවා අපි බලලා තියනවනේ. නිකමට හිතන්න ඉන්දියාවේ නිෂ්පාදනය කරපු ජෝදා අක්බර්, කොටස් 500 විතර තියනවා. සමහර විට ඊටත් වැඩි ඇති. ඒත් කොච්චර වියදම් කරලා තියනවද එක කොටසකට. නිර්මාණය උස්ස් නිමාවකින් තියනවා නම් මෙගාද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements