Featured News

Video Gossip

Advertisement

මම එයාට දෙන ආදරය කවදාහරි මතකයේ තියෙයි
 - උදාරි වර්ණකුලසූරිය

උදාරි වර්ණකුලසුරිය ගැන අලුතෙන් හඳුන්වන්න දෙයක් නෑනේ. පුංචි තිරයෙන් රිදී තිරයෙන් දකින්න ලැඛෙන මේ අපූරු චරිතය ගොඩක් අයට මතකයි. ඇයගේ ජීවිතයේ අලුත් තොරතුරු ගැන ඇය පුවත්පතකට කියලා තිබුණේ මේ විදියට.

උදාරි ආයෙත් වැඩ පටන් අරගෙන නේද..?
ඔව්. පොඩි නිවාඩුවකට පස්සේ ශාන්ත සොයිසා මහත්මයා අධ්‍යක්ෂණය කරනටෙලි ඩ්‍රාමා එකකට සම්බන්ධ වුණා. මේ දවස්වල එහි රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. ඊට අමතරව චිත්‍රපට දෙකකටත් දායක වුණා.



මේ දවස්වල උදාරිට අලුත් නමක් පටබැඳිලා නේ..?
ඔව්. කාලෙන් කාලෙට මම නිරූපණය කරන චරිතවල නම්වලින් මට කතා කරනවා. මේ දවස්වල මට ගොඩක් අය කතා කරන්නේ සුද්දි කියලා.

උදාරි තැන්පත් නෑ කියන්නේ, අඳින පලඳින විදිහෙන්ද…? කතා බහෙන්ද..? හැසිරීමෙන්ද..?
මම මටම අඳින පලඳින විදිහක් හොයාගෙන තියෙනවා. මම දිග ඇඳුම් වගේම කොට ඇඳුම් අඳිනවා.මම කාලෙන් කාලෙට අඳින පලඳින විදිහ වෙනස් කරනවා. මොකද මම ඒකාකාරී වෙන්න කැමැති නැහැ. ඒ වගේම මම හරිම දඟකාරයි. හරියට කියවනවා. මගේ සැමියත් කැමැතියි මම කියවනවට හිනාවෙලා දගලල ඉන්නවට. ඉතිං මම තැන්පත් නැහැ.

තැන්පත් වගේ පෙන්නන්න වුවමනා නැද්ද..?
අනේ නැහැ. මම හරි විනිවිදයි. මම තවත් මනුස්සයෙක් නිසා මගේ විදිහ වෙනස් කරගන්න කැමැති නැහැ. මම කොහේ ගියත් ඒ ඉන්නේ මම තමයි. මම වෙන කෙනෙක් වෙන්න කැමැති නැහැ.

උදාරි කාලයක් ලංකාවේ. කාලයක් රට. මේ ඇවිදින සෙල්ලම නිසා උදාරිගේ වැඩවලට ගැටලුවක් වෙලා නැද්ද..?
මම කොහොමත් වැඩ කරන්නේ හරි අඩුවෙන්. වෘත්තියක් විදිහට නෙවෙයි මම කලාව කරන්නේ. මම කලාව කරන්නේ ප්‍රේක්ෂකයන් පිනවන්න. මගේ සැමියා මටයි දරුවටයි කන්න අඳින්න දීලා සැපවත් කරනවා. ඉතිං පහුගිය අවුරුදු දහය පුරාවට මම සැමියා ඉන්න සිංගප්පූරුවට යනවා එනවා. වැඩ අඩුවෙන් කරන නිසා මට යන්න එන්නත් පුළුවන්. මම කරන වැඩවලට ඒ ගමන බාධාවක් කරගන්නෙත් නෑ.

උදාරිට ආරාධනා අඩු නිසා නෙමෙයිද අඩුවෙන් රඟපාන්නේ?
කොහෙත්ම නැහැ. මට නිර්මාණ ගොඩකට ආරාධනා ලැඛෙනවා. මම මවක්, බිරියක්, ඒ වගේම මගේ මවුපියන්ට දියණියක්. මම හරිම කෑදරයි පවුලට. ඉතිං එයාලා වෙනුවෙන් මම කාලය වෙන් කරන්න ඕනේ. මගේ දුවගේ හැම වැඩක්ම මමමයි කරන්නේ. මම එයාට දෙන ආදරය එයාට කවදා හරි මතකයේ තියෙයි. මගේ පවුල අංක එක නිසා පවුලට මුල් තැන දීලා තමයි නිර්මාණ භාර ගන්නේ.

උදාරි රංගන කටයුතුවල නිරත වෙනවට සැමියාගේ අකමැත්තක් නැද්ද..?
නැහැ. එයා මාව ගොඩක් තේරුම් ගත්ත කෙනෙක්. සැමියා වෛද්‍යවරයෙක් වුණාට එයා අපේ වෘත්තීන් පටලවා ගෙන නැහැ. ඔහුගෙන් ලැඛෙන ආශීර්වාදය සහයෝගය නිසා තමයි මම සාර්ථක ගමනක් ඇවිත් තියෙන්නේ.

සැමියා උදාරිව කවදාහරි සැක කරලා තියෙනවද?
නැහැ. අපි අනෙන්‍ය අවබෝධයකින් ජීවත්වන දෙන්නෙක්. අපිට අපිව සැක කරන්න ඕන කාලයක් නෙවෙයි මේක. අපේ දරුවාට හොඳට උගන්නලා එයා හොඳ සතුටින් තියන්න අපි දෙන්නම උත්සාහ කරනවා. අපි අතර කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි සතුටින් ජීවත් වෙනවා.

විවාහක කාන්තාවක් වුණත් තාමත් උදාරිට ආදර යෝජනාවලින් අඩුවක් නැතුව ඇති..?
එහෙම ආදර යෝජනා ඇවිත් තියෙනවා. ඒක ස්වාභාවිකයි. හැබැයි ආදරේ ඉල්ලුවට හැමෝටම ආදරේ කරන්න මට ඕනෙ නැහැ. තමන්ගේ වගකීම් ගැන අවබෝධයකින් ජීවත් වුණොත් ඒ ප්‍රශ්නවලින් මිදෙන්න පුළුවන්.

කාලෙන් කාලෙට උදාරිත් විවිධ ගොසිප්වල ඉලක්කයක් වෙනවා නේද..?
රංගන ජීවිතයට එද්දිත් මට ඕන තරම් කටකතා හැදුණා. හැබැයි මං වටේ හිටපු ප්‍රේක්ෂකයෝ මට හරි ආදරෙයි. කටකතා ඇත්ත වුණත් බොරු වුණත් ඒ අය මට ආදරෙයි. සැමියා මාව සීයට සීයක් විශ්වාස කරනවා. ඒ නිසා මට අනෙක් අය දෙන චරිත සහතික අදාළ නැහැ.

අම්මා වගේ දුවත් රගපාන්න එනවට උදාරි කැමැතිද..?
මම දුවගේ දගකාර වැඩ වීඩියෝ කරලා ෆෙස්බුක් දානවනේ. ඒවා ගොඩක් අය බලනවා. ඒ වීඩියෝ දැකලා වෙන්න ඇති දුවට චිත්‍රපට හතරකට විතර ප්‍රධාන චරිතයට කතා කළා. නමුත් මම ඇයව දැන්ම රංගනයට යොමු කරන්න කැමැති නැහැ. මොකද ඇයගේ ජීවිතය අයිති ඇයට. එයා ලොකු වෙලා රගපාන්න තීරණය කළොත් ඒ එයාගේ තීරණය. අපි කරන්නේ හරිම සැහැල්ලු මනසකින් යුතු හොඳ දරුවෙක් හදන එක.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements