Advertisement

රංජන්ට කී දෙනෙක් බදින්නද කියන්නේ
මෙයා කරන වැඩ ගැන මම දන්නවා - ජනපති
අනේ එහෙම නැහැ - රංජන්


ස්වර්ණවාහිනී ජනප්‍රිය නිවේදක ලහිරු මුදලිගේ ගේ විවාහ මංගල උත්සවය පසුගියදා පැවැත්වුනේ කොළොඹ සිනමන් ග්රෑන්ඩ් හෝටලයේදී. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් විවාහ මංගල්‍යය සාක්ෂිකරුවන් ලෙස අත්සන් කළහ. අත්සන් කිරීමේ අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රමනයකද එක්ව සිටි අතර අත්සන් කිරීමෙන් අනතුරුව එහි සිටි බීබීසී මාධ්‍යවේදී අසාම් අමීන් ජනාධිපතිවරයාගෙන් විමසුවේ රංජන් අමාත්‍යවරයාගේ විවාහයට අත්සන් තබන්නේ කවදාද යන්නයි. එයට සිනාසෙමින් ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ “රන්ජන්ට කී දෙනෙක් බදින්නද කියන්නේ” යනුවෙනි.



“මෙයා කරන වැඩ ගැන මම දන්නවා” යනුවෙන් ජනාධිපතිවරයා පවසද්දී රන්ජන් පැවසුවේ “අනේ එහෙම නැහැ” යනුවෙනි,

ජනාධිපතිවරයා පැයක පමණ කාලයක් රැදීසිට පිටව යනවත් සමග උත්සව සභාවට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැමිණි අතර ඔහුට මුලින්ම මුණගැසුනේ තමන්ව දැඩි ලෙස විවේචනය කරන රන්ජන් රාමනායක නියෝජ්‍ය අමත්‍යවරයයි. එහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා රන්ජන්ට අවවාදයක් දෙමින් පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය අපහාස කළ බවට තිබෙන නඩුව සමතයකට පත්කර ගන්නා ලෙසයි. ඒ තමන්ද එලෙස පැවරු නඩුවක් සමතයකට පත්කර ගත් බව පවසමින්. “මේක සුපිරීම් උසාවිය ඇපිල් කරන්න තැනක් නැහැ. ඒ නිසා සෙල්ලමට ගන්න එපා..!” යනුවෙන් රන්ජන්ට පවසද්දී රන්ජන් පවසුවේ රට හදන්න නම් අධිකරණය පිරිසුදු කළ යුතු බවයි

මනුෂ නානායක්කාර හා හරින් ප්‍රනාන්දු අමත්‍යවරයා මෙම විවාහ උත්සවයට එක්ව සිටියහ. මනුෂගෙන් හා නාමල් ඉදිරි මැතිවරණය ගැන කතා කල අතර එක්ව ජන්දය ඉල්ලමු යැයි මනුෂ පවසද්දී නාමල් පැවසුවේ ජන්දේ වෙනම ඉල්ලලා පස්සේ එකතුවෙමු යනුවෙනි

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements