Advertisement

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් සහ රාජ්‍ය ව්‍යසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ මස්සිනා වන රිකාස් මොහොම්ඩ් හුසේන් මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධව එම පක්ෂ අභයන්තරයෙන් බරපතල චෝදනා එල්ලවී ඇතැයි වාර්තා වේ.

ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කබීර් හෂීම් මහතාට තරයේ අවවාද කර ඇති බවද පැවසේ.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යටතේ රක්ෂණය කර ඇති ආයතන ප්‍රති රක්ෂණය කිරීම, රාජ්‍ය බැංකු රැකියා සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින ආයතන සහ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් සම්බන්ධයෙන් රිකාස් මොහොමඩ් මහතා කර ඇති අක්‍රමිකතා නිසා ඔහුට මෙසේ චෝදනා එල්ලවී තිබේ.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට සවස 6.00න් පසුව පැමිණෙන මොහොමඩ් රිකාස් මහතා අමාත්‍යංශයේ ලේකම් වරයා, අතිරේක ලේකම්වරයා සහ ගණකාධිකාරීවරයා රදවා ගෙන ඒ අයට ඍජු සහ අනියම් ලෙස බලපෑම් කරමින් මුළු අමාත්‍යංශයම සිය ග්‍රහණයට ගෙන කිසිදු විනිවිදභාවයකින් තොරව තීන්දු තීරණ ගනිමින් අත්තොනොමතිකව ක්‍රියාකරන බව “ලංකා නිවුස් වීක්” වෙබ් අඩවිය වාර්තා කර ඇත.

රාජ්‍ය ව්‍යසාය සංවර්ධන අමාත්‍ය කබීර් හසීම් මහතාගේ පෞද්ගලික ලේකම් වරයා වන්නේද රිකාස් මොහොමඩ් මහතාය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements