Featured News

Video Gossip

Advertisement

ඒ වීඩියෝවේ මම ගණිකාවක්
ආක්ෂා සුදාරි ගණිකා වෘත්තියේ නියැළෙන
අගහිග කම් නිසා ඒ වගේ දෙයක් කරන
එක ගැන ඇත්ත හෙළි කරයි 

ගණිකා මඩමක ඉඳලා ආක්ෂාව අල්ලාගෙනලු
අපේ යාළුකම තාමත් තියෙනවා..


ආක්ෂා සුදාරි කියන චරිතය බොහෝ දෙනා දන්නවා. නිරන්තරයෙන්ම කට කතා පැතිරෙන ආක්ෂා දැන් වැඩිය නිර්මාණ වලින් දකින්න ලැඛෙන්නේ නැහැ. මේ ඇය ගැන පුවත්පතක සදහන් වූ ලිපියක්.


ආක්ෂා පසුගිය කාලේ වැඩිය පේන්න හිටියේ නැහැ. හැබැයි දැන් ආයෙත් එළිබැහැලා නේද?
මම පහුගිය කාලේ මගේ ව්‍යාපාර කටයුතුවලට කාර්යබහුල වෙලා හිටියේ. ඒ නිසා නිර්මාණ කටයුතුවලට සම්බන්ධ වුණේ නැහැ. මට ලැඛෙන විදියට නිර්මාණ කරනවා. වැඩ දෙක තුනක්ම මට ලැබුණා. නමුත් දැන් තියෙන කාලගුණික ප්‍රශ්නත් එක්ක ඒ වැඩකටයුතු කල් ගියා.




දැන් ආයෙත් නිර්මාණකරුවෝ ආක්ෂාව මාකට් කරන්න පටන් අරගෙන නේද?
ඒක ගැන නම් ඇත්තටම මම කතා කරන්න ඕනේ. අපි මියුසික් වීඩියෝවලට සම්බන්ධ වුණාම ඒවා මාකට් කරන විදියට මම කැමැති නැහැ. මම සම්බන්ධ වුණ ෂාහිල් හිමංශගේ වීඩියෝ එකේදිත් මාව කැත විදියට මාකට් කරලා තිබ්බා.

ආක්ෂා ගණිකා වෘත්තියේ නියැළෙන කෙනෙක් කියලා තමයි සමාජ මාධ්‍ය ඒ වීඩියෝව ප්‍රචාරය කරලා තිබ්බේ?
ඔව්. ඒ වීඩියෝවේ මම ගණිකාවක්. අගහිග කම් නිසා ඒ වගේ දෙයක් කරන කාන්තාවකගේ චරිතයක් තමයි මම රගපෑවේ. මියුසික් වීඩියෝවේ මම මැරෙන දර්ශනයක් තියෙනවා නම් ආක්ෂා මැරුණා කියලා ඒක මාකට් කරනවා. ගණිකාවකගේ චරිතයක් කළාම ගණිකා මඩමක ඉඳලා ආක්ෂාව අල්ලා ගත්තා කියලා මාකට් කරනවා. මේක තමයි අපේ රටේ තියෙන මාකටින්. ඒක හරිම පහත් තැනක තියෙන්නේ. දෙයක් මාකට් කරන්න ඕනේ ඔය වගේ දේවල්වලින් නෙමෙයි.

ඒ වගේ ප්‍රමෝෂන් පාවිච්චි කරන එක ආක්ෂාගේ චරිතයටත් ප්‍රශ්නයක් නේද?
අනිවාර්යයෙන්ම, ඒ දේවල් නිසා අපහසුතාවට පත් වෙන්නේ අපි. මාධ්‍යවල, යන දේවල් මිනිස්සු විශ්වාස කරනවා. මම කියන්නේ ඔය වගේ දේවල් මාකටින්වලට පාවිච්චි කරන්න එපා කියලා.

පහුගිය කාලේ ආක්ෂා මුහුණපාපු සිද්ධිය නිසා වීඩියෝවේ රංගනය මාකටින්වලට පාවිච්චි කරන්න හොඳ ඉත්තෙක් වෙන්න ඇති?
පහුගිය කාලේ ප්‍රශ්නය මගේ පෞද්ගලික ප්‍රශ්නයක්. මාධ්‍යවලින් ඒ ප්‍රශ්නය ලොකු කළාට මට නම් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මම ඉතිං ඉන්නේ නැව ගිලුණත් බෑන් චූන් මූඩ් එකේ. මම කිසි දේකින් සැලෙන්නේ, වැටෙන්නේ නැහැ.

ආක්ෂා නිතර නිතර ලංකාවෙන් පිට යන්නේ ඇයි කියලා සමහරුන්ට ප්‍රශ්නයක්?
මම දැන් අවුරුද්දක් විතර විදේශගත වුණේ නැහැ. ලංකාවේ හිටියේ. ඉන්දියාවෙන් වැඩක් ආවොත් මම ඉන්දියාවට ගිහින් එනවා.

ආක්ෂාගෙයි මේනකාගෙයි යාළුකමට කණකොකා හඬලලාද?
නැහැ. අපේ යාළුකම තාමත් තියෙනවා. එයා අද උදෙත් මට කතා කළා.

හැබැයි ඉස්සර වගේ දෙන්නා එකට දකින්න ලැඛෙන්නේ හරි අඩුවෙන්?
මෙහෙමයි. මේනකත් ගොඩක් කාර්යබහුලයි. එයාගේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා මගෙයි එයාගෙයි ෆොටෝ වැඩිය එළියට දාන්න එපා කියලා මේනකා කිව්වා. එයා කියන්නේ අපේ යාළුකමට ඇස්වහ වදියි කියලා. අපේ යාළුකම තියෙන්නේ ෆෙස්බුක් එකේවත් ඉන්ස්ටර්ග්‍රෑම් එකේවත් නෙවෙයි. එකිනෙකාගේ තේරුම් ගැනීම මත. අපි තාමත් යාළුවෝ.

ආක්ෂාගේ නැටිල්ලෙන් ආයෙත් ප්‍රයෝජනයක් ගන්න අදහසක් නැද්ද?
රියැලිටි වැඩ දෙක තුනකට කතා කළා. මම නර්තනයට ආසයි. මම ලබන අවුරුද්දට වැඩ කිහිපයක් ප්ලෑන් කරලා තියෙනවා. බලමු ඒවත් එක්ක නර්තනය පැත්තෙනුත් දෙයක් කරන්න.
           

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements