Featured News

Video Gossip

Advertisement

තාත්තාගේ සිංදු කියන්නත් අපිට තහනම් කරලා 
තාත්තාගේ ජීවිතේ ඉන්නේ කාන්තාවක් විතරයි
වික්ටර් රත්නායකගේ වැඩිමහල් පුත් ජයන්ත රත්නායක

ප්‍රවීණ ගායන ශිල්පි වික්ටර් රත්නායක පිළිබදව පසුගිය සමයේ විවිධ පුවත් මැවුණා. මේ අතර වික්ටර් රත්නායකයන්ගේ නවතම ගීතය ” මගේ සඳ ඇවිදින්” ගීතයද නිකුත් වුණා. කෙසේ වෙතත් වික්ටර් රත්නායකයන්ගේ ගීත සිය පුතුන් දෙදෙනාට ගායනා කිරීමට තහනම් කර තිබෙන පුවතක් වාර්තා වෙනවා. මේ පිළිබදව පුවත්පතක් හා සංවාදයකට එක්වෙමින් වික්ටර් රත්නායකගේ වැඩිමහල් පුත් ජයන්ත රත්නායක මෙලෙසින් හෙළිකර තිබුණා ,

එම සංවාදය පහතින් ,

මොකක්ද මේ හිටිහැටියේ වැටුණා කියන තහංචිය?
අපේ තාත්තාගේ ගීත සම්බන්ධයෙනුයි අපට ඒ තහංචිය වැටිලා තියෙන්නේ. තාත්තා නීතිඥයකුගේ මාර්ගයෙන් පසුගිය දවසක අපට ලිපියක් එවලා තිබුණා මටත්, මගේ මල්ලි ලෙලුම්ටත් තාත්තාගේ ගීත මින් ඉදිරියට ගායනා කිරීම තහනම් කරලා.

ඔය කියන තහනම ඔබේත්, ලෙලුම්ගේත් කලා ජීවිතවලට විශාල බලපෑමක් එල්ල කරාවිද?
මම හිතන්නේ නැහැ එහෙම වේවි කියලා. මොකද අපි මෙච්චර කාලයක් තාත්තාගේ ගීත ගායනා කරලා ‍නෙවෙයි මුදල් හම්බ කළේ. මා ගැන කියනවා නම් මම උත්සව ආදියට සංගීතය සපයන්න සහභාගි වුණාම බොහෝ ගායකයන්ගේ ගීත ගායනා කරනවා. ජෝතිපාල, එම්.එස්. ප්‍රනාන්දු පමණක් ‍නෙවෙයි ජගත් වික්‍රමසිංහ, කසුන් කල්හාර වැනි ගායකයන්ගේ ගීතත් ගායනා කරනවා. මම වික්ටර් රත්නායකගේ පුතා බව දැන ගත්තාම තමයි හුඟදෙනෙක් දිගටම තාත්තාගේ ගීත මගෙන් ඉල්ලන්නේ.

හිත් අමනාපකම් ඇතිවෙන්න කලින් ඔබ ඔබේ පියාගේ ප්‍රසංගවලට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වුණා. දැන් ඒවාට සම්බන්ධ නොවීමත් එක්ක ඔබේ ජීවිතේ මොන විදිහේ වෙනසක්ද ඇතිවෙලා තියෙන්නේ?
ඒක මගේ ආර්ථිකයටත් අද වෙද්දී බොහොම තදින් බලපාලා තියනවා. ඉස්සර තාත්තාගේ හැම ප්‍රසංගයක්ම මම තමයි සංගීතවත් කළේ. අපි අතර ඇතිවූ ප්‍රශ්නයෙන් පස්සේ ඔහුගේ ප්‍රසංග මට නොලැබි ගියා. මම මාස 11කින් කිසිම ප්‍රසංගයකට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වෙලා නැහැ.

පියාගේ සෙවණැල්ලෙන් මිදිලා වෙනම ගමනක් ගියා නම් අද ඔබට ඔය විදියේ අත්දැකීම්වලට මුහුණදෙන්න සිදුවෙන්නේ නැහැ නේද?
මටත් වුවමනා නම් අද ඉන්න සමහර සංගීතඥයෝ වගේ රැල්ලට යන්න තිබුණා. නමුත් මම කවදාවත් එහෙම කළේ නැහැ. මොකද වික්ටර් රත්නායකගේ පුතා කියන ගෞරවය තියන්නයි මම හැමවිටම උත්සාහ කළේ.

තාත්තා ඔහුගේ ගෙදර තිබුණු අපේ ඡායාරූප පවා නගර සභාවේ කුණු ලොරියට විසි කළා කියලා අපට ආරංචි වුණා. ඔහු අපිත් සමග ගත කරපු යටගියාව දැන් සම්පූර්ණයෙන්ම අමතක කරලයි තියෙන්නේ. මොකද එක් කාන්තාවක් විතරයි දැන් ඔහුගේ ලෝකයේ ඉන්නේ. මම, මගේ අම්මා සහ සහෝදර සහෝදරියන් ඔහු වෙනුවෙන් විශාල කැප කිරීම් කරපු බව දැන් ඔහුට අමතකයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements