Advertisement

සිරිමහ බෝ සමිඳු වැඩම කර වූ
උඳුවප් පොහොය අදයි


අද උඳුවප් පුරපසළොස්‌වක පොහොය දිනයයි. ක්‍රි.පූ. 3 වන සියවසේදී සංඝමිත්තා මහරහත් මෙහෙණිය ප්‍රමුඛ මෙහෙණින් වහන්සේලා එකොළොස්‌ නමක්‌ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාවද සමග ලංකාවට වැඩමවීමත්, ලංකාවේ භික්‍ෂු” සමාජය ආරම්භ වීමත්, උඳුවප් පොහොය හා සම්බන්ධ ඓතිහාසික සිදුවීම්ය. දඹදිව ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහය හා අනුබලය ඇතිව ලක්‌දිව දෙවනපෑතිස්‌ රජුගේ ඉල්ලීමක්‌ අනුව මෙය සිදුවූ බව වංස කතා සඳහන් කරයි. දෙවනපෑතිස්‌ රජු විසින් මෙම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව අනුරාධපුර මහමෙවුනා උයනෙහි රෝපණය කරවනු ලැබීය. බෝධි ශාඛාව දඹකොළ පටුනේදී පිළිගෙන අනුරාධපුර අගනුවරට වැඩමවීම හා රෝපණය කිරීම නිමිතිකර පෙර ලංකාවේ නොවූ විරූ අන්දමේ විශාල උත්සවයක්‌ පවත්වා ඇත.


බෝධි ශාඛාව අත්‍යාලංකාරයෙන් සකස්‌ කෙරුණු රථයක්‌ මත තැන්පත් කොට මග දිගට පුද සත්කාර පවත්වමින් නගරයේ උතුරු දොරටුවෙන් අනුරාධපුර අගනුවරට වැඩම කරවූ බව සමන්තපාසාදිකාවෙහි 1 වන පරිච්ඡේදයෙහි දැක්‌වෙයි. මෙම පෙරහැර සම්බන්ධයෙන් සමන්තපාසාදිකාවෙහි සඳහන් නොවන තොරතුරු කිහිපයක්‌ මහා වංශයෙහිත් බෝධි වංශයෙහිත් සඳහන්වී තිබේ. දඹකොළ පටුනෙන් පිටත්වූ බෝධි ශාඛාව රැගත් පෙරහැර නාගදීපයෙහිත්, තිවක්‌ක නම් බමුණාගේ ගමෙහිත් පුද සත්කාර පිණිස නතර වූ බව මහාවංශයේ හා බෝධිවංසයේ සඳහන්ව තිබේ. අනුරාධපුර ජනතාවගේ වැඳුම් පිඳුම් හා ප්‍රීතිඝෝෂා මධ්‍යයේ ගමන්ගත් මෙම පෙරහැර මහමෙවුනා උයනට පිවිස එහි සකස්‌ කළ භූමියෙහි බෝධි ශාඛාව පිහිටුවීම සිදුකළ බව මහාවංශයෙහි 19 වැනි පරිච්ඡේදයෙහි දැක්‌වෙයි. මෙය බුදු දහම ලංකාවට පැමි”මෙන් පසුව සිදුකළ විශාලම උත්සවය විය හැකිය.


සිරිලකට සිරිමහ බෝ සමිඳු වැඩම කරවීම සේම සිරිලක මෙහෙණි සසුන ඇරැඹීමද උඳුවප් පොහොය හා සම්බන්ධව ඉතා වැදගත් තැනක්‌ ගනියි. සංඝමිත්තා තෙරණිය ලක්‌දිවට සැපත්වීමෙන් පසුව අනුරාධපුර උපාසිකා විහාරයෙහි පැවිද්ද අපේක්‍ෂාවෙන් සිටි අනුලා දේවිය හා පිරිවර ස්‌ත්‍රීහු මෙහෙණි සසුනෙහි පැවිද්ද ලැබුවෝය. මෙසේ සිරිලක ඇරැඹි මෙහෙණි සසුන කාන්තාවන් අතර ඉතා ජනප්‍රියවූ ආකාරයත්, කෙටි කාලයක්‌ තුළදී සිරිලක පුරාම එය පැතිරී ගිය ආකාරයත් ඓතිහාසික තොරතුරුවලින් පැහැදිලි වෙයි. මෙසේ ලක්‌දිව මෙහෙණි සසුන ඇරැඹීම තුළින් මෙරට කාන්තාවනට එතෙක්‌ නොතිබුණු ජාතික හා ආගමික නිදහසක්‌ ලැබුණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements