Advertisement

තංගල්ල මහජන බැංකුවේ‍
උකස් අංශයේ සිටියදී හෂිනි 
රන් බඩුවලට ඉමිටේෂන් බඩු සේප්පුවේ

හෂිනි රත්නායක 17 දක්වා බන්ධනාගාරයට - Video

තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේවය සිදුවූ රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් ප්‍රවීන ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ වන 31 වියැති හෂිණි අමේන්ද්‍ර රත්නායක මහත්මිය තංගල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව අප ඊයේ සදහන් කලා. ඒ තංගල්ල මහජන බැංකුවේ සේවය කරමින් සිටියදී සිදු කළ වංචාවක් සම්බන්ධයෙනි.
හෂිණි අමේන්ද්‍ර රත්නායක බැංකුවේ සේවය කළ කාලයේ උකස් බඩු බාර ගන්නා අංශයේ සේවය කරමින් සිට ඇති හෂිනි කුවේට්හි සේවය කරන බැංකු පාරිභෝගික කාන්තාවක බැංකුවට උකස් කළ රුපියල් 6,80,000ක් පමණ වටිනා රන් භාණ්ඩද තංගල්ලේ පදිංචි තවත්  බැංකු පාරිභෝගික පුද්ගලයකුගේ රුපියල් ලක්ෂ 6ක් පමණ වටිනා රන් භාණ්ඩ ද සොරාගෙන ඇති බව පැමිණිල්ලෙන් දැක්වේ. බැංකු සේප්පුව පරීක්ෂා කිරීමේදී කුවේට් කාන්තාවගේ රන් භාණ්ඩ එහෙම පිටින්ම අස්ථාන ගත කර තිබෙන අතර තංගල්ල පුද්ගලයාගේරන් භාණ්ඩ වෙනුවට ඒහා සමාන ඉමිටේෂන් බඩු බැංකු සේප්පුවේ තැන්පත් කර ඇති බවද හෙළිව ඇත.


හෂිනි මෙම සොරකම කර ඇති බවට සැකකරන්නේ බැංකු කළමනාකරු සැපයූ සීසීටීවී සාක්ෂිද උපයෝගයෙන් බව පොලිසිය සඳහන් කර තිබේ. කළමනාකාර මහතාට මෙම සාක්ෂි සපයන්නට සිදුවූයේ දැනට කුවේට්හි ගෘහසේවිකා රැකියාවක යෙදී සිටින කාන්තාව සහ අනෙක් පුද්ගලයා 2016 වසරේ දී තංගල්ල පොලිසියට කර තිබූ පැමිණිලි දෙකක් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් පසුවය.

මෙම දෙදෙනා මෙසේ රන් භාණ්ඩ උකසට තබා ඇත්තේ 2014 වසරේදීය. කුවේට්හි සේවය කරන කාන්තාව 2016
නිවාඩුවකට මේරටට පැමිණ තමා උකස්කර ගිය රන් භාණ්ඩ බේරා ගැනීමට බැංකුවට ගිය අවස්ථාවේ එම රන් භාණ්ඩ එහි නොමැති බව දැනගෙන ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබූ අතර පසුව බැංකුවෙන්ද ඒ ගැන පොලිසියට පැමිණිලි කර තිබිණි. මේ ගැන බැංකුව අභ්‍යන්තර පරීක්ෂණයක් කරද්දී අනිත් පුද්ගලයා උකස් කර තිබූ රුපියල් හය ලක්ෂයත් පමණ වටිනා රන් භාණ්ඩ වෙනුවට රන් ආලේපිත භාණ්ඩ සොයා ගැනීමට හැකිවි ඇතැයි වාර්තා විය.

රාජ්‍ය සේවයේ නිරතව සිටිමින් වංචා කිරීම, සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් පොදු දේපළ ආඥා පනත යටතේ චෝදනා නගමින් ඇය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුණු පසු ඇයව සතියක කාලයකට රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි. 




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements