Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

සිත් රිදවීම් වෙනවා නම්
විඳවන්න වෙනවා නම්
සම්බන්ධය අරගෙන යනවට වඩා හොඳයි
නවත්වන එක

නිරූපණ ක්‍ෂේත්‍රයේ ඉහළ ජනප්‍රියත්වයක් දිනාගත් අමන්දා ගැන මේ දිනවල හැමෝම කතා වෙන්නේ ඇයගේ විවාහ ගිවිසගැනීමත් සමග. ඒ අලුත් තොරතුරු දැනගන්න මෙවර කතාබහට ඇයව එකතු කරගත්තා.


විවාහ ගිවිසගත්තෙ හදිස්සියේද?

කාලය අරගෙන, එයාව ආශ්‍රය කරලා තේරුම් අරගෙන, ගෙදර අයත් එක්ක කතාබහ කරලා තමයි විවාහ ගිවිසගත්තේ.


ජීවිතේ සම්පූර්ණයි කියලා හිතනවද?

ගැහැනු ළමයෙක්ට අවශ්‍යම දෙයක් තමයි විවාහය කියන්නේ. හොඳම, මට ගැළපෙනම කෙනා ලැබුණ නිසා මට සතුටුයි. එයා දැන් අයිතිකරගත්තට පස්සේ දැනෙන්නේ ලොකු නිදහසක්. ජීවිතේ සම්පූර්ණයි කියලා හිතෙනවා.


ඇයි විවාහ ගිවිසගන්නකම් ඔබේ පෙම්වතා රහසක් ලෙස තියාගත්තේ?

ඒ වගේ දේවල් ප්‍රසිද්ධ කරන්න ගියහම ප්‍රශ්න ඇතිවෙනවා. මට කලින් ඒ වගේ ගැටලු ඇතිවෙලා තියෙන නිසා මම පාඩමක් ඉගෙන ගෙන තමයි මම මේ සම්බන්ධය රහසක්ව තියාගත්තේ. මට එයාව නැති කරගන්න බෑ. ඒ තරමටම එයා මගේ ජීවිතේට විශේෂයි. ඒ නිසා මේ ගැන කාටවත් කියන්නේ නැහැ. මම විතරක් ඒක දැනගත්තාම ඇති කියලා හිතුණා.


අමන්දා ළඟින් හිටපු අයත් මේ ගැන නොදැන සිටියද?

නැහැ. මම ළඟින්ම ආශ්‍රය කරන අය ඔහු ගැන දන්නවා. මාධ්‍යවලට තොරතුරු යන්න දුන්නේ නැහැ.


කවදද විවාහ උත්සවය ගන්න සැලසුම් කරලා තියෙන්නේ?

විවාහ උත්සවයත් මේ වගේම රහසක්. තාම අපි ඒ ගැන සැලසුම් කරනවා. මේ දවසට එය වේවි කියලා කියන්න බෑ. බොහෝ විට ලබන වසරේ විවාහ උත්සවය ගන්න බලා‍පොරොත්තු වෙනවා.


අමන්දා හිතනවද ඔබට ගැළපෙන කෙනා ජීවිතේට මුණගැහුණා කියලා?

ඔව්. අනිවාර්යයෙන්ම හිතනවා. ආදරය කරන කෙනා නිසා සිත් රිදවීම් වෙනවා නම් විඳවන්න වෙනවා නම් සම්බන්ධය අරගෙන යනවට වඩා හොඳයි නවත්වන එක. ආදරය විඳින්න පුළුවන් නම්, හිත සතුටෙන් තියාගන්න පුළුවන් නම් ඒ කෙනා තමයි අපට හරියන්නේ. මට ඔහුගෙන් ඒ හැමදේම ලැබෙනවා. ඒ නිසා මම හිතනවා ඔහු තමයි මට ගැළපෙනම කෙනා කියලා. ගෙදරින් ආශීර්වාදය ලැබුණු නිසා ඒ අයත් හිතනවා මම හරියන කෙනා තෝරාගත්තා කියලා.


කවුද මුලින්ම ආදරය ප්‍රකාශ කළේ?

ඔහු තමයි මුලින්ම මට ආදරය ප්‍රකාශ කරන්නේ.


අමන්දා ඔහුට කැමැති වුණාද?

මුලින්ම කැමැතියි කියන්න ගියේ නෑ. කෙනෙක්ව ආශ්‍රය කරන්නේ නැතුව ඔහු මට ගැළපෙනවාද කියලා තීරණය කරන්න බැහැ. කාලයක් ගත්තා මම. ඒ වගේම මම මගේ ගෙදර අයත් එක්ක මේ ගැන කතා කළා. ගෙදර අය ඒ ගැන හොයලා බලන්න කාලයක් ගත්තා. ඒ අය කැමැත්ත පළ කළා. ඊට පස්සේ තමයි මම ඔහුට කැමැති වෙන්නේ. එයාව ආශ්‍රය කරද්දී තේරුම් ගියා තෝරගත්ත කෙනා නිවැරදියි කියලා.


ඔහුට කැමැති වෙන්න විශේෂ හේතුවක් වුණේ මොකක්ද?

මම ආදරය කරනවා වගේ ඔහුත් මට ආදරය කළා. එයා මම වගේ. මගේ හිත රිද්දන්නේ නැහැ. මම රණ්ඩු කළත් එයා දන්නවා ඒ රණ්ඩුව නවත්වන්න. මට ප්‍රශ්නයක් වුණහම ඒ දේ විසඳගන්න ඔහු උදව් කරනවා. පෙනුමට මම ගොඩක් කැමැතියි. මට එයා ගැන කියන්න වචන නැහැ.


විවාහයෙන් පස්සේ ඔබ නිරූපණයේ යෙදෙනවට ඔහුගෙන් තහංචියක් නැද්ද?

කිසිම තහනමක් නැහැ. මොකද එයා දන්නවා මම ඒ වැඩේ කරලා ඒ දේ ඉවර වුණහම ගෙදර එනවා කියලා. නිරූපණයේ දී විතරයි මම නිරූපිකාවක් වෙන්නේ. ගෙදරදී මම සාමාන්‍ය කෙනෙක්. ඒ දේවල් දැකලා අහලා තියෙනවා. මම කතාවක් අහගන්නෙ නැතුව මගේ වැඩ කරගෙන යනවා කියලා. මම හරි දේ කරන්න දන්න නිසා මගේ වැඩවලට ඔහු උපරිම නිදහස දීලා තියෙනවා.


ඔබ නිරූපණයේ යෙදෙනවා ඔහු නරඹන්න ඇවිත් තියෙනවද?

ඇත්තටම එයාට එන්න හම්බවෙලා නැහැ. මොකද එයා විදේශගත වෙලා ඉන්නේ.


විවාහයෙන් පස්සේ ඔබ විදේශගත වෙනවද?

විවාහයෙන් පස්සේ යනවා. මගේ පවුල එතැන තියෙන්නේ. ඒ නිසා මම ඒ කැපකිරීම කරන්න කැමැත්තෙන් ඉන්නේ.


නිරූපණ කටයුතුවලින් ඈත් වෙන්න වෙනවා නේද?

මට හිතුණොත් මම එහෙම කරාවි. නමුත් ඔහු මට කොයිම වේලාවකවත් බලපෑම් කරන්නේ නැහැ නිරූපණයෙන් ඉවත් වෙන්න.

ඇයගේ කතාවෙන් අනතුරුව ඇගේ ආදරණීය සැමියාව දිමුත් පෙරේරා කතාබහට එකතු කර ගත්තා.


මොකද හිතෙන්නේ ඇය වගේ කෙනෙක් ඔබේ ජීවිතේ සහකාරිය වීම ගැන?

ඇත්තටම සතුටුයි. මොකද ඇය වගේ බිරිඳක් ලැබිම ගැන මම හරි වාසනාවන්තයි කියලා හිතනවා.


හිතනවද ජීවිතේට ගැළපෙනම කෙනා ලැබුණා කියලා?

අනිවාර්යයෙන්ම හිතනවා. ඇය තමයි මට ගැළපෙනම කෙනා කියලා.


කවුද මුලින්ම ආදරය ප්‍රකාශ කරන්නේ?

මම තමයි.


ඇයව ඔබට විශේෂ කෙනෙක් වෙන්නේ ඇයි?

ඇත්තටම ඇය මාව හොඳට තේරුම් ගත්ත කෙනා. මොකද සම්බන්ධයක් පවත්වාගෙන යන්න අවබෝධය, වශ්වාසය වගේම දෙන්නා දෙන්නගේ අදහස්වලට ගරු කරන්න ඕන. ඒ වගේමයි ඇය මගේ ව්‍යාපාරික වැඩවලට උදව් කරනවා. මට හිතෙනවා ඇය මගේ ජීවිතේ විශේෂ කෙනා වෙන්නේ ආදරය, විශ්වාසය, අවබෝධය වගේම හොඳ තේරුම් ගැනීමක් තියෙන නිසා කියලයි.


විවාහයෙන් පස්සේ ඇය නිරූපණයේ යෙදෙනවාට ඔබ කැමැතිද?

මම කවදාවත් ඇයට බලපෑම් කරන්නේ නැහැ. විවාහයෙන් පස්සේ ඇය කැමැති නම් නිරූපණ කටයුතුවලට සම්බන්ධ වෙන්න, ඒ හැම දේකටම මම මගේ උපරිමයෙන් සහයෝගය දෙනවා.


ඇයි මෙච්චර කල් මේ සම්බන්ධ රහසක් ලෙස තියාගත්තේ?

රහසක් ලෙස තියාගත්තේ ඒ දේ ෆේස්බුක් දාලා ප්‍රසිද්ධ කළහම අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙනවා. ඒ දේ අපි දෙන්නා අතරේ විතරක් තිබුණොත් ඇති කියලා හිතුණා. ඒකයි.

තිළිණි කරුණාරත්න

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook