Featured News

Video Gossip

Advertisement

ආදිවාසියෝත් මැතිවරණයට
දඹාන ආදිවාසී ජනතාව වෙනුවෙන් 
හේනානිගල ආදිවාසී පරපුරේ 
තරුණියක් තරග වදි

මෙවර පවත්වන පළාත් පාලන මැතිවරණය සදහා මයියංගනය දඹාන ආදිවාසී ජනතාව වෙනුවෙන් හේනානිගල ආදිවාසී පරපුරේ තරුණියක් තරග වදින බවත් ඉදිරියේදී පවත්වන සියලු මැතිවරණ වෙනුවෙන් රට පුරා සිටින ආදිවාසී ජනතාව නියෝජනය වෙන පරිදි උගත් තරුණ තරුණියන් පාර්ලිමේන්තුවට වැවීම තම බලාපොරොත්තුව බවත් දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ කියති.


මෙතෙක් කල් පැවැති සහ වර්තමාන දේශපාලන ක්‍රමය තුලින් ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සහ ප්‍රශ්න වෙනුවෙන් තම වරිගේ ඇත්තන්ට මුහුණ දිමට සිදු වු විවිධ ගැටලු සම්බන්ධයෙන් ප්‍රාදේශිය සභාවෙන්, පළාත් සභාවෙන් සහ පාර්ලිමේන්තුවෙන් කිසිදු විසඳුමක් ලැබුණේ නැතැයිද ඌරුවරිගේ වන්නියලැත්තෝ කීහ.

එබැවින් සියලු පළාත්පලාන ආයතන සහ පාර්ලිමේන්තුව නියෝජනයවන පරිදි ඉදිරියේ දි තම වරිගයේ ඇත්තන් ඒ ස්ථාන වලට යැවිමට තිරණය කර ඇති බවත් වන්නියලැත්තෝ කීහ.

වර්තමානයේ රටෙි නීතිරිති ක්‍රියාත්මක කිරිමෙිදි පරිසරයට සහ වනාන්තරයට ආදරය කරන තම වරිගයාට නිති දමා ඇති නමුත් වෙනත් පුද්ගලයින්ට රිසි පරිදි වනාන්තර සහ ගහ කොළ මෙන්මසතා සිවුපාවා විනාශ කිරිමට ඉඩ දි ඇති බවත් කී වන්නියලැත්තෝ...

මෙි සිදුවීම් තමන්ට ලෝකයට කියන්න අවස්ථාවක් සහ මෙම ක්‍රමවේදය වහා නැවැත්විය යුතු කාලය එළඹ ඇතැයි ද කියා සිටියහ.

වර්තමානයේ දෙශපාලකයින් ඇතුඑ නිලධාරින් ඒ ව්‍යසනය වැළක්විමට කටයුතු නොකර සිටිම කනගාටුවට කරුණක් බැවින් ඒ සඳහා තම වරිගයේ ඇත්තන් ගම පළාත දිස්ත්‍රික්කය නියෝජනයවන පරිදි ඉදිරිපත් කිරිමටත් එසේ කිරිමෙන් රජයේ වගකිව යුත්තන් හමුවෙි සහ රටෙි ජනතාව හමුවෙි කරුණු ඉදිරිපත් කිරිමත් කරුණු දැක්විමත් ශ්‍රී ලංකාවෙි සිටින සියලු ආදිවාසි ජනතාවගේ වගකීමක් බවත් ආදිවාසි නායක ඇත්තෝ වැඩිදුරටත් පැවසූහ.

අනීෂා මානගේ -  ලංකාදීප

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements