Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

විවාහවෙන එක ගැන
තවම මම හිතලා නෑ
-දිනක්ෂි ප්‍රියසාද්
රංගනයට අවස්ථා නොලැබෙන දවසක
ඉගෙනගත් දෙයින් මම ඉස්සරහට යනව

කලා ලෝකයේ කවදත් තම ජනප්‍රියත්වය එක ලෙස පවත්වා ගනිමින්, නිරන්තර ප්‍රේක්ෂක ආදරයට හිමිකම් කියන ජනප්‍රිය තාරකාවක් තමයි දිනක්ෂි ප්‍රියසාද්. කලා ජීවිතේ තොරතුරුත් පෞද්ගලික ජීවිතේ තොරතුරුත් ගැන රිවිසරසියට දොඩමළු වෙන්නයි ඇය අප හා එක්වුණේ.


මේ පාර නත්තල ජයටම සමරලා තිබුණා නේද?
ඔව්, මේ නත්තලට මට ගෙදර අයත් එක්ක නත්තල සමරන්න අවස්ථාව ලැබුණා. හරියටම අවුරුදු තුනකට විතර පස්සේ තමයි මට ගෙදර අයත් එක්ක නත්තල් සමරන්න පුළුවන්කමක් ලැබුණේ. මොකද වෙන අවුරුදුවල මම ටීවී ‍ප්‍රෝග්‍රෑම්වලනේ ඉන්නේ. අපි අලුත් ගෙදරකට ආවා. ඉතින් අලුත් ගෙදර අපි පස්දෙනාම එකතු වෙලා ජයටම නත්තල සැමරුවා.


මොනවාද ඔබව අලුත් අවුරුද්දේ දකින්න ලැබෙන නිර්මාණ?
මේ දවස්වල ‘කොන් කළ දෝණි’ රූපගත වෙනවා. ඒ වගේම ‘බටහිර අහස’ හරහාත් ඉදිරියේදී ‘සිහිනයට මං ආදරෙයි’ ටෙලි නාට්‍යය හරහාත් මාව දැකගන්න අවස්ථාව ලැබෙයි. පසුගිය වසරේ සිනමා නිර්මාණ තුනකට සම්බන්ධ වුණා. මේ වසරේ ඒ සිනමා නිර්මාණ හරහාත් මාව රිදී තිරයෙනුත් දකින්න අවකාශය ලැබේවි.

දැන් අක්කට වඩා නංගි ජනප්‍රියයි නේද?
ඔව්. අනිවාර්යයෙන්ම. ශනු දැන් ගොඩක් ජනප්‍රියයි. මේ දවස්වල එයා ‘සමල්කා’ නිසා තවත් ජනප්‍රිය වෙලා. ඉතින් ශනුගේ අක්කා විදිහට මට ගොඩක් සතුටුයි. ඇය උපරිමව මිනිසුන්ගේ ආදරය ලබනවා, විඳිනවා.

ඇයගේ හැකියාව ගැන මොකද හිතෙන්නේ?
රංගනයට විතරක්ම ‍නෙවෙයි ශනු ඉගෙනීමටත් ගොඩක් දක්ෂයි. උසස් පෙළ හොඳ ප්‍රතිඵල අරගෙන එයා එයාගේ දක්ෂකම හැමෝටම පෙන්නුවා. ඒ වගේම ශනු කොහොමත් චූටි කා‍ලේ ඉඳන්ම අපි දෙන්නටම වඩා ගොඩක් ඉස්සරහින් හිටපු කෙනෙක්. ඉතින් එයාගේ අක්කා හැටියට මම මගේ නංගි ගැන ගොඩක් ආඩම්බර වෙනවා සහ සතුටු වෙනවා.

ඔබ නිර්මාණ තෝරා බේරාගෙනද රඟපාන්නේ?
එහෙම ලොකු තේරීමක් කරන්න තරමටම නම් ආරාධනා ලැබෙන්නේ නෑ. ලැබෙන ආරාධනා අනුව ඒ ලැබෙන චරිතයට මම උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරනවා. සාමාන්‍යයෙන් මෙගා නාට්‍යයක රංගනයේ යෙදෙනකොට ලැබෙන ගොඩක් නිර්මාණ මගහැරෙන අවස්ථාත් තියෙනවා. ඒ හැම එකකම මම ඉන්න ඕනයි කියන තැන ‍නෙවෙයි මං ඉන්නේ.

නිවේදනය ගැනත් කතා කරමු?
දැනට අවුරුදු තුනක විතර කාලයක ඉඳන් මම ඩයලොග් මෙගා වාසනා වැඩසටහන නිවේදනය කරනවා. ඒ වගේම පසුගිය වසරේ දෙරණ ඩාන්ස් අන්ලිමිටඩ් වැඩසටහන නිවේදනය කරන්න අවස්ථාව ලැබුණා. මේ වෙනකොට නම් තවම නිවේදනයට ආරාධනාවක් ලැබිලා නැහැ. ආරාධනාවක් ලැබුණොත් භාරගන්නවා. මොකද නිවේදනය කියන්නේ මගෙන් අතහැරෙන දෙයක් ‍නෙවෙයි.

නිවේදනයද රංගනයද පහසු?
නිවේදනයයි රංගනයයි කියන්නේ ක්ෂේත්‍රයන් දෙකක්. එතැනදි නිවේදනයට නම් අපි දවසින් දවස යාවත්කාලීන විය යුතුයි. රංගනයත් ඒ වගේ. මතුපිටින් බලන කෙනෙක්ට හරි පහසු දෙයක් වගේ පෙනුණට නිවේදනය, රංගනය කියන්නේ පහසු දේවල් ‍නෙවෙයි. නමුත් අපි ආසාවෙන්, ආදරෙන් මේ වෘත්තීන්හි නියැළෙනවා නම් ඒ අපහසුව දැනෙන්නේ නෑ.

ගෙවුණු වසර ගැන මොකද හිතෙන්නේ?
ප්‍රශ්න, බාධක, අභියෝග මැදින් සාර්ථක වෙන්න ලැබුණු වසරක්. කලාවෙනුත් සාර්ථක ගමනක් යන්න හැකියාව ලැබුණා. සම්මානයක් ගන්නත් මට අවස්ථාව ලැබුණා. සමහර ප්‍රශ්න විසඳන්න කාලයක් අවශ්‍යයි. ඉතින් දුක, සතුට, ජය, පැරදුම, හිත් බිඳීම්, සතුටුවීම් මේ හැම දේකම එකතුවක් වගේම හොඳ අත්දැකීම් ගොඩක් ලැබුණු සාර්ථක වසරක් 2017 කියන්නේ.

දැන් අධ්‍යාපන කටයුතු අවසන්ද?
තවම නෑ, අධ්‍යාපන වැඩ කටයුතුත් තවම සිදුවෙමින් පවතිනවා.

දිගටම රඟපානවාද? නැත්නම් ඉගෙනීමෙන් ඉස්සරහට යනවද?
ඒ ගැන දැන්මම තීරණයක් අරන් නෑ. රංගනයට අවස්ථා නොලැබෙන දවසක ඉගෙනගත් දෙයින් මම ඉස්සරහට යාවි.

ගෙදරින් විවාහ යෝජනා එහෙමත් ගේනවා ඇති. මේ අවුරුද්දෙවත් වෙනසක් වේවිද?
තවම නම් මේ ජීවිතේ වෙනසක් බලා‍පොරොත්තු වෙන්න බෑ. තවම මම ඒ ගැන හිතලා නෑ.

ජනප්‍රියත්වය ආශිර්වාදයක් කියලා හිතනවාද?
අනිවාර්යයෙන්ම. ජනප්‍රියත්වය, රංගනය, නිවේදනය කියන මේ හැම හැකියාවක්ම මට ආශිර්වාදයක්. මම හිතන්නේ අද මම මේ ලබන ජනප්‍රියත්වය දෙවියන් වහන්සේගෙන් මට ලැබුණු වටිනාම තෑග්ගක් කියලයි.

අලුත් අවුරුද්දේ බලා‍පොරොත්තු ගැනත් කියමු?
මම ජීවිතේ ගැන ලොකු ලොකු බලා‍පොරොත්තු තියාගෙන ජීවත්වෙන කෙනෙක් ‍නෙවෙයි. සරලව ජීවිතේ ගැන හිතලා ගන්න ඕන වෙලාවට අවශ්‍ය තීරණ අරන් ඉස්සරහට යන කෙනෙක් මම. ඉතින් දැන් ජනවාරි අග විතර වෙනකොට චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම විදේශ සංචාර කිහිපයකුත් යෙදිලා තියෙනවා. ඒ දේවල් කරගෙන මගේ පවු‍ලේ අයත් එක්ක සතුටින් ඉන්න එක තමයි තියෙන එකම බලා‍පොරොත්තුව.

නඳුනි ආරියවංශ

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook